මෙරට වගාකළ හැකි එහෙත් පිටරටින් ගෙන්වන ආහාර භෝග සඳහා වසරකට රුපියල් කෝටි හයදහසක මුදලක් වැයකරන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (30) කොළඹදී පැවසීය.
මේ නිසා දේශීය ආහාර නිශ්පාදනය සඳහා දැඩි අවධානය යොමුකර ඇති බව පැවසූ ජනපතිවරයා මෙරට වගාකළ හැකි ආහාර වර්ග පිටරටින් ගෙන්වාගෙන කෑම ගැන අප කණගාටුවට හා ලැජ්ජාවට පත්විය යුතුයැයිද කීවේය.
ජනපතිවරයා මේ අදහස් පළකළේ රාජගිරියේ මහබැංකු අධ්‍යන මධ්‍යස්ථානයේ අද පස්වරුවේ පැවති ශ්‍රීලංකා ආර්ථික විද්‍යාඥයින්ගේ සංගමයේ 30 වැනි වාර්ෂික සමුළුව අමතමිනි.
‘දේශීය කර්මාන්ත පිළිඹඳ අපේ ප්‍රතිපත්තිය මීට වඩා වෙනස් විය යුතුයි.ආනයනය අපනයන පරතරය අඩු කිරීමට විදේශ වෙළදපොළ සඳහා අපි ශක්තිමක් විය යුතුයි පුළුල් විය යුතුයි.අන්තර්ජාතික වෙළදපළේ අපට හිමිව ඇත්තේ සියයට එකකටත් වඩා අඩු ස්ථානයක්.‘ යැයි ජනපතිවරයා කීය.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහනාමගේ කතාවට මමත් එකඟයි (නි)
මේ ප්‍රකාශයට අදාළව යම් ක්‍රියාත්මකවීමක් සිදුවුණි නම් ඒ ගරු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ පාලන සමයේදී පමණය. මුල් අවස්ථාවේදී ජනතාවට දැනුණ අපහසුතාවය තේරුම් නොගැනීමේ විපාකය අද අපි විඳවමින් සිටින්නෙමු. වර්තමාන දේශපාලකයන්ගෙන් මේ තත්ත්වයක් බලාපොරොත්තු වියහැකිද? අද නිවැරදි දේ දකින සහ කියන නායකයෙක් සිටියත් ඒවා ක්‍රියාත්මක වන්නේදැයි ජනතාව වශයෙන් අපි බලා සිටින්නෙමු (නි)
ඔයාලා දන්නවද පසුගිය අවුරුදු 20 ක කාලයේ සිට සබරගමු හා බස්නාහිර පළාත් හා දකුණේ වැඩි කොටසක කුඹුරු අතහැරලා කියලා. වර්ෂාව වැඩිහින්දා පහතරට එළවලුත් දැන් නැහැ. විකල්ප වලට යන්න පාර්ලිමේන්තුව හිතලාවත් නැහැ වගෙයි. (නි)
කටින් බතල හිටවන්න එපා ..(රේ)
වින්සන්ට් මහත්තයෝ මටත් කියන්න තියෙන්නේ ඔය ටිකම තමයි.එදා අපි ඉවසුවා නම් අද අපි සිංගප්පුරුවට වඩා දියුණුයි.එක කාල දැම්මේ ඊට පස්සේ ආපු කට්ටිය.ඉස්සර අපේ රටේ ගුවන් විදුලි යන්ත්‍ර තිබුනා.යුනික් , ඇන්ටන් , ඩිවෙලෝ, ඉලෙක්ට්. එතකොට උපාලි ෆියට් කාර් ඒවා වැහිලා නැති වෙලා ගියේ සිරිමාවෝ මැතිනියගේ ආණ්ඩුව පැරදුනාට පස්සේ ආපු ආණ්ඩුව හැමදේම පිට රටින් ගෙන්වපු නිසා. එහෙම නොවුනා නම් අද?(අ)
රෝමය ගිනි ගනිද්දී නීරෝ වීනා ගයමින් ඇවිදිනවා (අ)
සිද්ද විය යුත්තේ ගොවියාගේ නිෂ්පාදනවලට නියමිත මිලක් ලැබීම සදහා ප්‍රතිපත්ති සකස් කිරීම සහ නිශ්පාදනය අලවියට අවශ්‍ය පහසුකම් සැපිරීම පමනයි . (අ)
මේවා එක එක තැනට ගියාම කියන දේවල් පමණයි. මිරිස් කරලත් පිටරටින් ගෙන කාලේ , ඕවා නැවැත්තුවහම ලොකු කට්ටියට කොමිස් ගහන්න බැරි බව ලොක්කාට තේරිලා නැහැ වගේ? (අ)
මටනම් දැන් එන එන ආණ්ඩුවල ඉන්න අයගේ මලු පුරවගන්න හැටි දැකල ඇතිවෙලා තියෙන්නේ අපේ මලු කවදාවත් පිරෙන්නේ නැ (අ)
එළවලු වාරය අවහම එළවලු කිලෝ එක රුපියල් 2-3 වත් විකුණා ගන්න බැරුව දඹුල්ලේ කුණු වෙනවා , දකුණේ එළවලු කිලෝ එක රුපියල් 100 ට නැගල , අතරමැදියන් තමා සල්ලි හොයන්නේ , දඹුල්ලේ ආර්ථික මධ්‍යස්ථානයේ ක්‍රියාත්මක වෙන්නේ තනිකර මාෆියාවක් , එකේ සාමාජිකයන්ගෙන් වැඩි දෙනෙක් පසුගිය ආණ්ඩුවේ දේශපාලකයන්ට සම්බන්ධ පුද්ගලයන් බව මම වගකීමෙන් යුතුව ප්‍රකාශ කරනවා . විවෘත ආර්ථිකයක් තිබෙන රටක පිටින් ගෙන එන ආහාර ද්‍රව්‍ය සම්පුර්ණයෙන් නවතදමන්න බැහැ, නමුත් ලංකාව තුල නිෂ්පාදනය වන එළවලු පලතුරු නිසි පරිධි කල්තබාගැනීම සහ ප්‍රවාහනය කරගෙන අපතේ යාම නතර කරගෙන , ගොවියාට හොඳ මිලක් ලබාදී පාරිභෝගිකයාටත් දැරිය හැකි මිලකට එළවලු පලතුරු සහ වෙනත් අහරභෝග ලබාදීමෙන් අපේ අපිට පුළුවන් පිටරටින් එන ආහාර භෝග වලට වෙළදපලේ සටනක් දෙන්න එතකොට ඉබේම ඒවා ගෙන්වීම නතරවේවි , මේවා සැලසුම් කොට ක්‍රියාත්මක කිරීමට මට බලයක් නැත , බලය ඇත්තේ ජනාධිපති තුමනි ඔබට සහ ඔබගේ ආණ්ඩුවටය , පොළොන්නරුවේ ගොවි පරිසරයක හැදී වැඩුන ඔබට මේ ගැන හොඳ දැනුමක් ඇති බව මගේ වැටහීමය , (අ)
කොස්,දෙල්,දිවුල්,අඹ පොල් කිරි මේ සියලු දේ කල් තබා ගතහැකි ක්‍රම තිබේ යුරෝපයට එන්නේ සේරම තායිලන්තය වියට්නාමය වැනි රට වලින් අපේ රටේ මේක්‍රම ක්‍රියාත්මක කරන්න (අ)
එළවලු පලතුරු වර්ග සෙල්ෂියස් අංශක 1 ක උෂ්ණත්වයේ ගබඩා කළොත් මාස 6 දක්වා කාලයක් නරක නොවී තබාගන්න පුළුවන් මේ ක්‍රමය තමා යුරෝපයේ ගිම්හාන කාලයේ එලවලු පලතුරු සීත කාලෙදිත් වෙළඳ පලට එන්නේ , අපිටත් පුළුවන් නිසි ගබඩා පහසුකම් තිබෙනවා නම් අපේ එළවලු පලතුරු කල්තබගෙන පිට රටින් මේවා ගෙන එන එක නවත්වන්න , ඔබතුමාලා මෙම ප්‍රශ්න රැස්වීම් වල රසකරල කීවට අනාගතය ගැන හිතල ඒවගේ වැඩසටහනක් ක්‍රියාවට නගන්නේ නැහැනේ ? හැමදාම ආඩපාලි කියා කියා ඉන්නවා මිසක් වැඩක් පටන්න්ගන්නේ නැහැනේ ? මොන ආණ්ඩුව අාවත් එකයි , දැන් බලේ තිබෙනකොට කරන්නකෝ අලුත් දෙයක් (බ)
මෙයා කවදා මේ කියන දේවල් කරන්න ඉන්නවාද මන්දා (බ)
පිටරටින් ගෙන්වන මෙරට වගා කළහැකි ද්‍රව්‍ය එකින් එක ගෙන්වීම අත් හිටුවමු. මුලින්ම මිරිස් සහා ලුණු ගෙන්වීම 2016 ජනවාරියේ සිට නවත්වා, මෙරට නිෂ්පාදකයාට දිරි දෙමු. ඉතරි ඒවාත් ප්‍රතිපල බලා ක්‍රියාත්මක කරමු. (බ)
කැමති වෙනසක් වෙනවනම්. ඒ වෙනස දකින්න තමයි අලුත් ආණ්ඩුවක් පිහිටුවා ගත්තේ ජනතාව. (අ)
අපිත් එයාට දුන්න එක ගැන අද කනගාටු වෙනවා (බ)
වී ගොවියාගේ අස්වැන්නට පසුගිය දවස් වල කරපු දේ මතක ඇතිනේ. බුද්ධිමත් රජයක් හා රජයේ නිලධාරින්ට වැඩ කරන්න නිදහස දුන්නොත් මේකට හොඳ ප්‍රතිපල දෙන්න පුළුවන් (බ)
රනිල් මහතා රට පාලනය කරනවා , ජනාධිපති තුමා මොන්ටිසෝරි , පාසල් , රෝහල් , ගෙවතු , මල් වතු ආදිය විවෘත කරමින් බණ දේශනා කරනවා (බ)
දැන් ඉතින් වැඩට බහින්න කාලය හරි. කතා කරනවා වගේම ප්‍රායෝගිකව වැඩේ වෙන්නත් ඕනෑ. විෂය දන්නා කට්ටිය පත්කරලා හරි මේ දේ ඉක්මනට කරන්න. ලංකාවේ හැම දෙයක්ම වගාකරන්න පුලුවන් නම් මොකටද පිටරටට දත නියවන්නේ? (නි)
මුලින්ම ලංකාවේ වැවෙන පිටරටින් ගේන සියලු බෝග ගෙන්වීම නතර කළ යුතුයි එවිට ඒවායේ මිල වැඩිවෙනවා එක අවස්ථාවක් කරගෙන එම බෝග වැවීමට ආධාර දී දිරිමත් කළ යුතුයි මෙය යුද්ද කළා හා සමාන වැඩකි මිනිස්සු කෑගහයි, නැත්නම් හැමදාම කතා කරකර ඉදිවී (බ)