
( කුෂාන් ජයවර්ධන)
එප්පාවල කටියාව යාය 10 ප්‍රෙද්ශයේදී අද(12) එල්ලවූ වන අලි ප්‍රහාරකින් 84 හැවිරිදි වයෝවෘද්ධ කාන්තාවක එම ස්ථානයේදීම අවාසනාවන්ත ලෙස ජිවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය කියයි.
මෙලෙස මිය ගොස් ඇත්තේ කටියාව, යාය 10, ප්‍රියංකරගම ප්‍රදේශයේ පදිංචිව සිටි රත්නායක මුදියන්සේලාගේ කරුණාවතී නමැති 84 හැවිරිදි මවකි.
අද(12) අලුයම් කාලයේදී එම කාන්තාව මෙම වන අලි ප්‍රහාරයට ලක්ව ඇති බව පොලිසිය කියයි.
මෙම කාන්තාව සිය නිවසින් එළීයට බැස ගෙමිදුලට පැමිණ ඇති අතර එම අවස්ථාවේ ගෙවත්තේ සැඟව සිටි වන අලියකු එම කාන්තාවට මෙලෙස පහරදී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd