මාදුරුඔය ඉසෙඩ් ඩී ඇළට වැටී සිටි අලියකු පැය පහක මෙහෙයුමකින් පසු ගොඩ ගැනිමට වෙහෙරගල සහ පොළොන්නරුව වනජිවි නිලධාරිහු සමත් වුහ.
අලියා උදැසන වතුර බීමට පැමිණි අවස්ථාවේ ඇළට වැටී කිලෝමිටර් දෙකක් පමණ දුරට සැඩ පහරට ගසාගෙන ගොස් සොරොව් දෙකක සිරවි සිටි බව ප‍්‍රදේශවාසිහු කියති.
අරලගංවිල පොලිසිය සහ ප‍්‍රදේශවාසින් එක්ව අලියා ගොඩ ගැනිමට කඹ ආධාරක යෙදුවද ගොඩ ගැනිමට නොහැකි වූ අතර පසුව වනජිවි නිලධාරින් පැමිණ ප‍්‍රදේශවාසින්ගේ සහ පොලිසියේ ද සහාය ඇතිව කඹ හා ටයර් ආධාරක මගින් අලියා ගොඩට ගැනිමට සමත් වූහ.
අලියා ගිණිදමන රක්ෂිතයට පළවා හැරිමට කටයුතු කළ බව වෙහෙරගල වනජිවි කාර්යාලයේ නිලධාරියකු පැවසිය.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ ඇති යන්තම්. තව පොඩ්ඩෙන් තවත් අහිංසක කැලේ රජෙක් ඉවරයි. බේරා ගත් සැමට පින්! (බ)
මේ ඇළට සතුන් වැටෙන එක නවත්වන්න කරන්න දෙයක් නැද්ද? (නි)
කැලේ රජා බේරුනහම පුදුම සතුටක් ඇතිවීම වගේම පාරේ යන අපේ රට රජුන්ටත්( අපි ඔක්කොම රජවරු ) අනතුරක් නොකර බේරගන්න අපේ රියදුරු මහතුන්ටත් හිතෙනවනම් කොච්චර ශෝක්ද? මම දකින දේනම් අපේ රටේ සතෙකුගේ ජීවිතය තරම් වත් මිනිස් ජීවිත නොසලකන එකයි දුක (බ)
වන සිව්පාවන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවන් වැනි මිනිසුන් ඇත. මේ එවැනි මිනිසුන් පිරිසක් විසින් ඉටුකරන ලද මහඟු සත්ක්‍රියාවකි. (නි)
අපේ රටේ දිනපතාම එක අලියෙක් ගණනේ අපිට අහිමි වෙනවා. මහජනතාව විසින් වනජීවී ඇමතිවරයෙකුත් පත්කර සිටිනවා. දියුණු රටවල මෙවැනි සතුන් බේරාගැනීමට පැය 24 පුරා සේවයක් ඇති අතර ඒ සඳහා වෙනම දුරකථන අංකයක්ද තිබෙනවා. අපේ රටේ දේශපාලුවෝ ආරක්ෂා කරන්න නම් බලඇණි ඉන්නවා. අනේ මගේ රටට දළදා සමිඳු පිහිටයි! (නි)
අලියා ආයෙත් නම් මේ ඇළ පැත්ත පළාතේ එන එකක් නැහැ (නි)
බොහෝ අඩු පහසුකම් මැද රාජකාරී ඉටුකරන වන ජීවී නිලදරුවනට ,පොලිසියට ,ප්‍රදේශ වාසීනට ,බොහෝ පින් මේ අසරණ දැවැන්තයාගේ ජීවිතය බේරුවාට..! මේ මර උගුල් ඇලට තව කොතෙක් සතුන් බිලි වේද ..?. මෙවැනි සරල ක්‍රම වේදයක් සැකසීමට නොහැකිද ස්ථිරවම මේ අසරණ සතුන් බේරාගැනීමට ..? වනජීවී ඇමති තුමනි මේ ඔබේ අවධානයට..!(හේ)
හොඳ ගති ගුණ තියෙන මිනිස්සු අගේ කරන්න ඕනේ වැඩක්.(හේ)
අලියෙකුට අකරතැබ්බයක් වුනොත් අපේ අය ඒ සතාව බේර ගන්නවා.ඒ සතාම වගා පාලු කොලොත් හක්ක පටස් තියලා මරලා දානවා.මිනිසුන්ගේ සිතත් හරි පුදුමයි.(හේ්)
සත්තු විතරක් නෙමෙයි මිනිස්සුත් මේ ඇළට බිලි වෙලා තියනවා. මේකට හරි විකල්පයක් ඇත්තෙම නැද්ද.(බ)
ඇත්තටම මේ නිලධාරින්ට දොඹකර දෙක තුනක් අරන් දෙන්න තියෙන්නේ (බ)
අලියා සිරිසේන අල්ලාගෙන ගොඩ වේ (බ)
අපේ මාධ්‍ය සගයන්ගේ කැපකිරීමත් මිල කළ නොහැකියි (බ)