IMG-LOGO

2025 අගෝස්තු මස 14 වන බ්‍රහස්පතින්දා


අලියා ලණුව අල්ලාගෙන ගොඩවෙයි

මාදුරුඔය ඉසෙඩ් ඩී ඇළට වැටී සිටි අලියකු පැය පහක මෙහෙයුමකින් පසු ගොඩ ගැනිමට වෙහෙරගල සහ පොළොන්නරුව වනජිවි නිලධාරිහු සමත් වුහ.

අලියා උදැසන වතුර බීමට පැමිණි අවස්ථාවේ ඇළට වැටී කිලෝමිටර් දෙකක් පමණ දුරට සැඩ පහරට ගසාගෙන ගොස් සොරොව් දෙකක සිරවි සිටි බව ප‍්‍රදේශවාසිහු කියති.

අරලගංවිල පොලිසිය සහ ප‍්‍රදේශවාසින් එක්ව අලියා ගොඩ ගැනිමට කඹ ආධාරක යෙදුවද ගොඩ ගැනිමට නොහැකි වූ අතර පසුව වනජිවි නිලධාරින් පැමිණ ප‍්‍රදේශවාසින්ගේ සහ පොලිසියේ ද සහාය ඇතිව කඹ හා ටයර් ආධාරක මගින් අලියා ගොඩට ගැනිමට සමත් වූහ.

අලියා ගිණිදමන රක්ෂිතයට පළවා හැරිමට කටයුතු කළ බව වෙහෙරගල වනජිවි කාර්යාලයේ නිලධාරියකු පැවසිය.

z-d_201654 z-d_201654-2 z-d_201654-3 z-d_201654-4 z-d_201654-5 z-d_201654-6

 



අදහස් (0)

අලියා ලණුව අල්ලාගෙන ගොඩවෙයි

උපාලි Wednesday, 04 May 2016 07:27 AM

අනේ ඇති යන්තම්. තව පොඩ්ඩෙන් තවත් අහිංසක කැලේ රජෙක් ඉවරයි. බේරා ගත් සැමට පින්! (බ)

:       0       0

යෝනක Wednesday, 04 May 2016 08:37 PM

මේ ඇළට සතුන් වැටෙන එක නවත්වන්න කරන්න දෙයක් නැද්ද? (නි)

:       0       0

ගමගේ Wednesday, 04 May 2016 07:50 AM

කැලේ රජා බේරුනහම පුදුම සතුටක් ඇතිවීම වගේම පාරේ යන අපේ රට රජුන්ටත්( අපි ඔක්කොම රජවරු ) අනතුරක් නොකර බේරගන්න අපේ රියදුරු මහතුන්ටත් හිතෙනවනම් කොච්චර ශෝක්ද? මම දකින දේනම් අපේ රටේ සතෙකුගේ ජීවිතය තරම් වත් මිනිස් ජීවිත නොසලකන එකයි දුක (බ)

:       0       0

නන්ද Wednesday, 04 May 2016 11:28 PM

වන සිව්පාවන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවන් වැනි මිනිසුන් ඇත. මේ එවැනි මිනිසුන් පිරිසක් විසින් ඉටුකරන ලද මහඟු සත්ක්‍රියාවකි. (නි)

:       0       0

ටිකිරි Thursday, 05 May 2016 12:45 AM

අපේ රටේ දිනපතාම එක අලියෙක් ගණනේ අපිට අහිමි වෙනවා. මහජනතාව විසින් වනජීවී ඇමතිවරයෙකුත් පත්කර සිටිනවා. දියුණු රටවල මෙවැනි සතුන් බේරාගැනීමට පැය 24 පුරා සේවයක් ඇති අතර ඒ සඳහා වෙනම දුරකථන අංකයක්ද තිබෙනවා. අපේ රටේ දේශපාලුවෝ ආරක්ෂා කරන්න නම් බලඇණි ඉන්නවා. අනේ මගේ රටට දළදා සමිඳු පිහිටයි! (නි)

:       0       0

යසන්ත Wednesday, 04 May 2016 09:23 AM

අලියා ආයෙත් නම් ‍මේ ඇළ පැත්ත පළාතේ එන එකක් නැහැ (නි)

:       0       0

ජයනාත් Wednesday, 04 May 2016 10:22 AM

බොහෝ අඩු පහසුකම් මැද රාජකාරී ඉටුකරන වන ජීවී නිලදරුවනට ,පොලිසියට ,ප්‍රදේශ වාසීනට ,බොහෝ පින් මේ අසරණ දැවැන්තයාගේ ජීවිතය බේරුවාට..! මේ මර උගුල් ඇලට තව කොතෙක් සතුන් බිලි වේද ..?. මෙවැනි සරල ක්‍රම වේදයක් සැකසීමට නොහැකිද ස්ථිරවම මේ අසරණ සතුන් බේරාගැනීමට ..? වනජීවී ඇමති තුමනි මේ ඔබේ අවධානයට..!(හේ)

:       0       0

ජයසේන Wednesday, 04 May 2016 10:31 AM

හොඳ ගති ගුණ තියෙන මිනිස්සු අගේ කරන්න ඕනේ වැඩක්.(හේ)

:       0       0

නිහාල් Wednesday, 04 May 2016 11:21 AM

අලියෙකුට අකරතැබ්බයක් වුනොත් අපේ අය ඒ සතාව බේර ගන්නවා.ඒ සතාම වගා පාලු කොලොත් හක්ක පටස් තියලා මරලා දානවා.මිනිසුන්ගේ සිතත් හරි පුදුමයි.(හේ්)

:       0       0

සුමිත්‍රා බස්නායක Wednesday, 04 May 2016 11:55 AM

සත්තු විතරක් නෙමෙයි මිනිස්සුත් මේ ඇළට බිලි වෙලා තියනවා. මේකට හරි විකල්පයක් ඇත්තෙම නැද්ද.(බ)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 04 May 2016 01:11 PM

ඇත්තටම මේ නිලධාරින්ට දොඹකර දෙක තුනක් අරන් දෙන්න තියෙන්නේ (බ)

:       0       0

රොහාන් Wednesday, 04 May 2016 01:57 PM

අලියා සිරිසේන අල්ලාගෙන ගොඩ වේ (බ)

:       0       0

ජයවික්‍රම Wednesday, 04 May 2016 02:21 PM

අපේ මාධ්‍ය සගයන්ගේ කැපකිරීමත් මිල කළ නොහැකියි (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 82 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 793 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 369 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site