එක්සත් ජාතික පක්ෂය සජිත් ප්‍රේමදාස වැනි අයකු සිටියදී වෙනත් පුද්ගලයින් යොදා ගැනීම රනිල් වික්‍රමසිංහ කළ අනුවණ ක්‍රියාවක් බව ඇමති ගුණරත්න වීරකෝන් පසුගියදා පැවති ජන හමුවකදී පැවසීය.
තමා එජාපයේ රනිල්ගේ තැන සිටියානම් එජාප අපේක්ෂයෙක් ඉදිරිපත් කරන බවත් මෛත්‍රීපාල, චන්ද්‍රිකා හෝ රතන හාමුදුරුවන් ජයග්‍රහණයට අවශ්‍ය නොවන බවත් ඔහු කීවේය. රනිල් වික්‍රමසිංහ දෙවරක් පක්ෂය වික්ක බවද ඔහු කිවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කට්ටියට දැන් දරා ගන්න බැරි කම තමා.කලින්ම පාරාජය බරගෙන වගේ.රටේ පශ්න වලට පක්ෂ පාට නොබලා එකතුව ගත්ත තිර්ණයට අපේ අචාරය.පොදු අපේක්ෂකයා අනිවාරයෙන්ම දිනනවා. (දී)
බලු කුක්කෝ පනින වෙලාව දැන් (නදී)
අනුන්ගේ පක්ෂ ගැන හොයන්නේ නැතුව තමන්ගේ පක්ෂේ ගැන බලා ගත්ත නම් නරකද? (නදී)
විපක්ෂය ගැන මෙයාටනෙ කැක්කුම තියෙන්නේ ? (නදී)
ඔබතුමාට සුබ අනාගතයක්! (නි)
මේ ඔයා ඉන්නකෝ! අපි වැඩේ කරන්නම් (නි)
එහෙම කාටවත් කියන්න බැහැ (දී)
මෙතුමා ඇමෙරිකාව සම්බන්ධව කියපු කතාවක් නිසා අන්න තානාපතිනි හොඳ ටිකක් කියලා. (දී)
කාටවත් කිසිම පක්ෂයක් බිඳ වැටිලා කියලා කියන්න බැහැ (දී)
මෙයා ඉඳගෙන ඉන්නේ මොලේ උඩ (නදී)
අර ඇමරිකන් කතාව අල්ලස් කොමිසමට නොකිව්වේ ඇයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කවදාවත් තනියම ඉල්ලලා තියෙනවද? 1956 මහජන එක්සත් පෙරමුණ, ඊට පස්සේ පොදු ජන එක්සත් පෙරමුණ. ඊළඟට බුලත් කොලය නේද. කොලපාට තුණ්ඩුව ලැබුනේ නැත්ද (නදී)
අනික් අයට පුදුම අමාරුවක්නේ තියෙන්නේ. ඒක එයාලා බලාගනී. ඔබ තුමා මහන්සි වෙන්න ඕනේ නෑ (බ)
එක්සත් ජාතික පක්ෂය ගැන කිඹුල් කඳුළු පව් දුක ඇති (බ)
මහත්තයෝ අලියා කියන්නේ තනි පක්ෂයක්. එ්ක හරියට අතට අලියත් එක්ක බැරුව පොදු පෙරමුණ ගැහුවා වගේ තමයි. මෝඩ කතා නොකිය හිටියනම් ඡන්ද ටිකක් වැටෙයි. (බ)
මහත්මයෝ, සුදුසු කෙනා තමයි ඔය දාලා තියෙන්නේ.එක්සත් ජාතික පක්ෂෙන් අපේක්ෂකයෙක් දැම්මට වඩා දැන් ඔබතුමන්ලාට සටන අමාරු බවයි අපට නම් හැගී යන්නේ. (බ)
මෙවට කියන්නෙ තමන්ගෙ ඇහේ පොල්පරාල තියන් අනුන්ගෙ ඇහේ රොඩ්ඩ හොයනව කියල...(බ)
මෙතුමාට වෙන වැඩක් නැද්ද දන්නෙ නැහැ. හෙට ඒවයින් වැඩක් නැහැ ඔහෙගෙ වැඩක් බලාගන්නකෝ. (නදී)
පරාජය දැනිල කියන බොරු බයිලා ඔබතුමා ඔබතුමාගේ වැඩක් බලාගන්නකෝ අනුන්ගේ සීනි කිරන්නේ නැතුව. (බ)
ඔබතුමාගේ, ෆයිල් වල තත්ත්වය කොහොමද දන්නේ නැහැ නේද ? (බ)
මෙතුමා මොකද මේ තරම් අලි පාටියේ ප්‍රශ්න ගැන උපදෙස් දෙන්නේ. නිල් පාටියේ ඉඳල අලි පාටියට උපදෙස්. නිකන් යන්න ඇමතිතුමා යන්න. අපි අලිත් අඳුරනවා හංසයත් අඳුරනවා, ඔයගොල්ලොත් අඳුරනවා. (බ)
ඇමතිතුමා ඔබතුමා කෘතහස්ත දේශපාලන චරිතයක් රතු කට්ටිය, කොලපාට කට්ටිය නිල් කට්ටිය ,හැමදෙනා ගැනම දන්නවා හොඳ සේවයක් කරලා තියනවා දෙන ඇමතිකම අනුව තමන්ගේ සේවය ඉටුකරනවා ඔය උඩපනිනඅයට මොනවද කරන්න පුලුවන ...ඔබතුමාට මේ කතා හරියට විකල විසිකරන චුවින්ගම් වගේ...(බ)
සියලු පක්ෂ එක්වෙමින් ලබාගත් තීරණය රට වෙනුවෙන් මිස, පක්ෂ, පාට, පුද්ගලික තීරණයක් නොවේ. ඔබතුමන්ලාගේ බඩගෝස්තරවාදී දේශපාලනය නිමා කර, රට නිසි ප්‍රජාතන්තවාදී මාර්ගයට ගැනීමට ගත්තු එක් පැසසිය යුතු ක්‍රියාමාර්ගයක් පමණි. (බ)
සහතික ඇත්ත. අපි එදා ඉඳලා යුඑන්පි පාක්ෂිකයෝ. (දී)
මෙයත් යනවා ෂුවර් ..... (දී)
සහතික ඇත්ත. පනින්න ලෑස්තියි වගේ බොහොම හොඳයි (බ)
වැඩියෙන් කතාකරන්නේ වැඩියෙන් හිත රිදුනු එක්කෙනාලු ඒ කතාවට මේක හොදට ගැලපෙනවා. (ර)