හේනට යමින් සිටි ගොවියෙකු අනුරාධපුර එප්පාවල නල්ලමුඩාවේදී මියගොස් ඇතැයි එප්පාවල පොලිසිය කියයි.
වගාව ආරක්ෂා කැර ගැනීම සඳහා තුවක්කුවක්ද රැගෙන යමින් සිටියදී ඔහු මේ ප්‍රහාරයට ලක්විය.
හේනට යමින් සිටි ගොවියෙකු අනුරාධපුර එප්පාවල නල්ලමුඩාවේදී මියගොස් ඇතැයි එප්පාවල පොලිසිය කියයි.
වගාව ආරක්ෂා කැර ගැනීම සඳහා තුවක්කුවක්ද රැගෙන යමින් සිටියදී ඔහු මේ ප්‍රහාරයට ලක්විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලින්ගේ බිම් අලින්ට දෙන්න ප්‍රායෝගිකව බැරි බව හැමෝම දන්නවනේ. අලි වැටවල් ගැහුවට වැඩක් නැති බවත් ඔප්පු වෙලා තියෙනවනේ. අලි වැටක් ගහනවානම් හතරවටින්ම කොටුකරලා ගහන්න ඕනෑ. නැත්නම් වැට ඉවර වෙන තැනින් අලි එළියට එනවා. අලි වැටවල් සැලසුම් කරන නිලධාරී කොහොම අය වුණත් අලි මෝඩ නැහැ. අලින්ට උන්ගේ භුමිය දෙන්න බැරිනම් පව් පින් නොබලා අලි මරන්න වෙනවා. ලංකාවේ නීතිය අනුව තමන් මරන්න එන අලියට සීරීමක්වත් කරන්න බැහැ. නීති විරෝධියි. අලින් මැරුවොත් ලක්ෂගණන් දඩ. අලියා මිනිහෙක් මැරුවොත් ලැබෙන වන්දිය මිනී පෙට්ටිය ගන්නත් මදි. අකමැත්තෙන් වුනත් අලි හෝ මිනිස්සු යන දෙකෙන් එකක් තෝරාගන්න වෙනවා. (නි)
සියලු අලින් කොළඹට පන්නමු. එතකොට ගැමියෝ බේරෙයි. උන් ලිප්ටන් වටරවුමේ උද්ගෝෂණය කරයි. (නි)
කුමාරිහාමි, අලින්ට වෙන්කරන ලද භූමි ප්‍රදේශ තිබෙනවා. මිනිස්සුන්ට සියලුම රටේ ඉඩම් අවශ්‍යය නැතුවා සේම , මිනිස් පැවැත්මට අනෙකුත් සතුන් සහ පරිසරයේ සමතුලිත තත්ත්වය ආරක්ෂා කරගැනීම වැදගත්. මිනිසු වැඩි තණ්හාවට රක්ෂිතත් අල්ලා ගැනිම නැවතිය යුතුයි. අපි අලි ආරක්ෂා කරන්නේ උන් ලස්සන නිසාවත් පෙරහැරේ ගෙනියන්න අවශ්‍ය නිසාවත් නොවේ. උන් අපේ පරිසරයේ සහ වනාන්තර වල තුලනය ආරක්ෂා කරන සාදකයක් නිසා. (නි)
මේ වට විසදුම් දෙන්න පුළුවන් පුද්ගලයන් අද වගකිවයුතු තනතුරු වල නැත , දේසපාලනය අද කසල ශෝදකයාගේ සිට තානාපති වරයා දක්වා පිළිකාවක් සේ ඔඩුදුවා ඇත , රටේ ඉදිරි පරම්පරාවේ අනාගතය අදුරුවී ඇත.(නදී),
මිනිස්සුත් පව් සත්තුත් පව්. අනේ ඉතින් කවදද මේකට විසදුමක් ලැබෙන්නේ ? (නි)
නිපුණ, ඔබ කියන සම්ප්‍රදායික කතාව ඇත්ත. නමුත් ප්‍රයෝගිකව ඕවා කරන්න පුලුවන්ද? අලි ගහල මැරෙන්නේ රක්ෂිත අසල පදිංචි හෝ වගා කරන මිනිස්සු මිසක් රක්ෂිත ඇතුලේ පදිංචි මිනිස්සු නොවේ.රක්ෂිත ඇතුලේ ඉදිකිරීම්, වගාවන් කරන්නේ ලොකු මිනිස්සු.පුළුවන් නම් ඒවා වලක්වන්න රක්ෂිතයකට යන්න. ඔබට ආපසු එන්න ලැබෙන් නෑ. ඔබට පුළුවන් නම් මේ රක්ෂිත අසල ගමකට ගිහින් අලි එන අක නවත්වන්න. ඔබට තියා වනජීවී දෙපාර්තමේන්තුවටවත් ඒක කරන්න බෑ. අලින්ට වෙන්කළ භූමිවල උන් ඉන්නවනම් අවුලක් නෑ.නමුත් උන් ඒ භූමිවලින් එලියට ඇවිත් මිනීමරනකොට ඔබේ බණ ප්‍රයෝගික වෙන්නේ නෑ. අලි කොටු වෙන විදියට ඒ අලි බිම් වටේටම විදුලිවැට ගහන්න බැරි ඇයි කියල වගකිවයුත්තෙක් කියල දෙනවද? (නදී)
මේවට විසදුම් දෙන්න කියල අපි හැමදාම ඉල්ලනවා පාලකයන්ගෙන්.මේ නාස්ති කරන මහජන මුදල් වලින් මේවට විසදුම් දෙන්න කියලා .මේවා කිව්වම අපේ අවිශ්ක ,සම්පත් බණ්ඩාරලා කියන්නේ අපි මෝඩයෝ කියලා. ඒ වගේ බුද්ධිමත් මහත්තුරු මොනවද දන්නේ නැහැ මේවා ගැන කියන්නේ. (ස)
සීසර්ගේ දේ සීසර්ටත් දෙවියන්ගේ දේ දෙවින්ටත් දෙන්න කිව්වලු. මිනිස්සුන්ගේ ගම් බිම් මිනිස්සුන්ටත් අලින්ගේ රාජධානි අලින්ටත් බෙදලා (විදුලි) වැටවල් ගහලවත් වෙන්කර දෙනතුරු මේ සටන පවතිනවා. (ස)