IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


අලියා කිපේ

බදුල්ල මුතියංගන රජමහා විහාර පෙරහැරේ ගිය අලියකු කුලප්පුවී කුඩා දරුවකු කාන්තාවන් 14 ක් ඇතුළු 24 දෙනකු බදුල්ල රෝහලට ඇතුලත්කළ බව පොලීසිය කියයි. අලියා පාලනය කිරීමට නිර්වින්දනය කිරීමට සිදුව ඇත.



අදහස් (0)

අලියා කිපේ

නීල් Saturday, 25 May 2013 11:54 AM

පසුගිය අවස්ථාවක මා එහි යන විට ගස් බැඳ සිටි මුතියංගන විහාරයට අයත් අලියෙක් ඉතාමත් නොසන්සුන් ලෙස හැසිරෙනු දුටුවා. තවත් අවස්ථාවක මා දන්නා අයෙක් අතුරුගිරියේ පන්සලක ලොකුහාමුදුරුවන්ගේ දඩෝරි ඇල්සේෂන් බල්ලන් දෙදෙනෙකු විසින් දරුණුලෙස සපාකනු ලැබුවා. බෞද්ධ පන්සල් වලට මෙවැනි භයානක සතුන් අනවශ්‍යයයි. පන්සලක සිටි මුවෙකු සිදුකල පහරදීමකුත් අපට මතකයි. (අ)

:       0       0

හේරත් Saturday, 25 May 2013 07:36 PM

මම හිතුවේ පෙළපාලි ගිහිල්ල මද කිපිනු අලියෙක් කියලා. මේකා පෙරහැරේ ගිය අලියෙක්. මොකක් හරි කැත දෙයක් දැක්කද පෙරහැරේ.(නදී)

:       0       0

බුද්ධි Saturday, 25 May 2013 12:39 PM

අලි මන්තර වලට මොකද උනේ? අලි ඉන්න ඕනේ කැලේ. මෙවැනි අහිංසක සතුන් පෙරහැඑවලට යොදා ගැනීම තහනම් කළ යුතුයි.(නදී)

:       0       0

ජ.හේරත් Saturday, 25 May 2013 02:03 PM

ලෝකේ යාන වාහන කොයි තරම් තියෙනවද? එත් කීයෙන් කීයද අනතුරු වෙන්නේ. එහෙම උනා කියල ඔක්කොම වාහන අයින් කරලා මිනිස්සු පයින් යනවද? නැහැනේ. මේකත් ඒ වගේ දෙයක්. මේ රටේ අවුරුදු දහස් ගානක ඉතිහාසයක් තියෙනවා. අලි ඇතුන් ආගමික උත්සව වලට සහභාගි වෙන එක. ඉඳල හිටලා මේ වගේ සිද්ධියක් උනා කියලා අලි ඇතුන් නැතුව පවත් වන පෙරහැර වලින් ඇති වැඩේ මොකක්ද? මෝඩ කතා නොකියා හිට්‍ටියානම් තමයි හොඳ.(නදී)

:       0       0

උපාලි Saturday, 25 May 2013 02:18 PM

පන්සල්වලට ප්‍රදානය කරපු අලි ඇතුන් කීප දෙනෙක් ඒ අලින් කුලියට වැඩට ගත් පුද්ගලයන් අතින් දරුණු වද හිංසාවලට ලක්වුනා. පෙරහැරවලට කියල අලින් පූජා කරපුවාම සමහරු උන්ගෙන් හම්බ කරන් කන්න බලනවා.ඉතා ප්‍රසිද්ධ පන්සලක අලියෙක් ලඟදි වණ වූ තුවාල සහිතව මියගියා. ඒ සතා මැරුණේ අකුණක් වැදිලා කියල ඇඟ බේරාගත්ත. (අ)

:       0       0

k ආනන්ද Saturday, 25 May 2013 02:31 PM

පෙරහරේ නොවෙයි මොකේ ගියත් සත්ව හිංසාව අනුමත නොකරමු සත්තු ඉන්න ඕනේ කැලේ මිසක් පන්සලේ නොවෙයි(අ)

:       0       0

ආනන්ද ආර් Saturday, 25 May 2013 03:44 PM

අලින්ගෙන් බරවැඩ කරවාගන්න උන්ව යොදාගත්තේ වෙනත් විකල්පයක් නැති කාලේ. දැන් ඒවාට ගැලපෙන යන්ත්‍ර සූත්‍ර තියෙනවා. රජවරු සිටුවරු ප්‍රභූවරු වාහනයක් වෙනුවට අලින්ව යොදාගත්තා. දැන් ඒකටත් සැප පහසු වාහන තියෙනව. පෙරහරවලටත් කුමක් හෝ විකල්පයක් යොදා ගත්තනම් මේ සතාගෙන් සිදුවන අනතුරු අවම කරගන්නත් එයාට වෙන හිරිහැර අවම කරන්නත් පුළුවනි. සත්වෝද්‍යාන වලදී මෙවැනි අනතුරු සිදුවීම නම් අඩු වුනත් සතුන්ට වන හිරිහැර ගැන මොකුත් කියන්න බැහැ. කොහොම වුනත් මොනම සතෙක් වුනත් තමන්ගේ ස්වභාවික පරිසරයේ ඉන්නවා දකින තරම් සතුටක් සත්වෝද්‍යාන වල ඉන්න විදිය දැක්කම ලැබෙන්නේ නැහැ. එකනේ වන අලි බලන්න වැඩි කැමැත්තක් දක්වන්නේ. ඒ වගේම නයි නටවන්නෙක් පාර අයිනේ නටවන ලස්සන නයෙක් බලන්න උනන්දු නොවන කෙනෙක් වුනත්ස්වභාවික පරිසරයේ හැසිරෙන පුංචි නයි පැටියෙක් දිහා බලන්න උනන්දු වෙනවා.(නදී)

:       0       0

දයා අලහාකෝන් Saturday, 25 May 2013 04:51 PM

පෙරහැරවල අලි ඇතුන් යෙදවීම නතර කළ යුතුමය. මේ වන විට මෙවැනි අනතුරු අපේ රටේ ගොඩක් සිදුවුනා. පෙරහරක හො වෙනත් වැඩනට අලියෙක් යොදවනවානම් ඇත් ගොව්වා ලග කිර්වින්දන බෙහෙත් සිලිංජරයත් තිබිය යුතමයි. හදිසි ගින්නකදී පාවාච්චි කරන ගිනිනිවීමේ ගෑස් සිලිංඩරය වගේ.(නදී)

:       0       0

අමිල කටුනායක Saturday, 25 May 2013 09:26 AM

කවුද අලියව කේන්ති ගැස්සුවේ. ඇත් ගොව්වා කව්ද එයා මොනවද කළේ කුලප්පු වෙද්දී. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 152 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 148 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 952 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site