බදුල්ල මුතියංගන රජමහා විහාර පෙරහැරේ ගිය අලියකු කුලප්පුවී කුඩා දරුවකු කාන්තාවන් 14 ක් ඇතුළු 24 දෙනකු බදුල්ල රෝහලට ඇතුලත්කළ බව පොලීසිය කියයි. අලියා පාලනය කිරීමට නිර්වින්දනය කිරීමට සිදුව ඇත.
බදුල්ල මුතියංගන රජමහා විහාර පෙරහැරේ ගිය අලියකු කුලප්පුවී කුඩා දරුවකු කාන්තාවන් 14 ක් ඇතුළු 24 දෙනකු බදුල්ල රෝහලට ඇතුලත්කළ බව පොලීසිය කියයි. අලියා පාලනය කිරීමට නිර්වින්දනය කිරීමට සිදුව ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පසුගිය අවස්ථාවක මා එහි යන විට ගස් බැඳ සිටි මුතියංගන විහාරයට අයත් අලියෙක් ඉතාමත් නොසන්සුන් ලෙස හැසිරෙනු දුටුවා. තවත් අවස්ථාවක මා දන්නා අයෙක් අතුරුගිරියේ පන්සලක ලොකුහාමුදුරුවන්ගේ දඩෝරි ඇල්සේෂන් බල්ලන් දෙදෙනෙකු විසින් දරුණුලෙස සපාකනු ලැබුවා. බෞද්ධ පන්සල් වලට මෙවැනි භයානක සතුන් අනවශ්‍යයයි. පන්සලක සිටි මුවෙකු සිදුකල පහරදීමකුත් අපට මතකයි. (අ)
මම හිතුවේ පෙළපාලි ගිහිල්ල මද කිපිනු අලියෙක් කියලා. මේකා පෙරහැරේ ගිය අලියෙක්. මොකක් හරි කැත දෙයක් දැක්කද පෙරහැරේ.(නදී)
අලි මන්තර වලට මොකද උනේ? අලි ඉන්න ඕනේ කැලේ. මෙවැනි අහිංසක සතුන් පෙරහැඑවලට යොදා ගැනීම තහනම් කළ යුතුයි.(නදී)
ලෝකේ යාන වාහන කොයි තරම් තියෙනවද? එත් කීයෙන් කීයද අනතුරු වෙන්නේ. එහෙම උනා කියල ඔක්කොම වාහන අයින් කරලා මිනිස්සු පයින් යනවද? නැහැනේ. මේකත් ඒ වගේ දෙයක්. මේ රටේ අවුරුදු දහස් ගානක ඉතිහාසයක් තියෙනවා. අලි ඇතුන් ආගමික උත්සව වලට සහභාගි වෙන එක. ඉඳල හිටලා මේ වගේ සිද්ධියක් උනා කියලා අලි ඇතුන් නැතුව පවත් වන පෙරහැර වලින් ඇති වැඩේ මොකක්ද? මෝඩ කතා නොකියා හිට්‍ටියානම් තමයි හොඳ.(නදී)
පන්සල්වලට ප්‍රදානය කරපු අලි ඇතුන් කීප දෙනෙක් ඒ අලින් කුලියට වැඩට ගත් පුද්ගලයන් අතින් දරුණු වද හිංසාවලට ලක්වුනා. පෙරහැරවලට කියල අලින් පූජා කරපුවාම සමහරු උන්ගෙන් හම්බ කරන් කන්න බලනවා.ඉතා ප්‍රසිද්ධ පන්සලක අලියෙක් ලඟදි වණ වූ තුවාල සහිතව මියගියා. ඒ සතා මැරුණේ අකුණක් වැදිලා කියල ඇඟ බේරාගත්ත. (අ)
පෙරහරේ නොවෙයි මොකේ ගියත් සත්ව හිංසාව අනුමත නොකරමු සත්තු ඉන්න ඕනේ කැලේ මිසක් පන්සලේ නොවෙයි(අ)
අලින්ගෙන් බරවැඩ කරවාගන්න උන්ව යොදාගත්තේ වෙනත් විකල්පයක් නැති කාලේ. දැන් ඒවාට ගැලපෙන යන්ත්‍ර සූත්‍ර තියෙනවා. රජවරු සිටුවරු ප්‍රභූවරු වාහනයක් වෙනුවට අලින්ව යොදාගත්තා. දැන් ඒකටත් සැප පහසු වාහන තියෙනව. පෙරහරවලටත් කුමක් හෝ විකල්පයක් යොදා ගත්තනම් මේ සතාගෙන් සිදුවන අනතුරු අවම කරගන්නත් එයාට වෙන හිරිහැර අවම කරන්නත් පුළුවනි. සත්වෝද්‍යාන වලදී මෙවැනි අනතුරු සිදුවීම නම් අඩු වුනත් සතුන්ට වන හිරිහැර ගැන මොකුත් කියන්න බැහැ. කොහොම වුනත් මොනම සතෙක් වුනත් තමන්ගේ ස්වභාවික පරිසරයේ ඉන්නවා දකින තරම් සතුටක් සත්වෝද්‍යාන වල ඉන්න විදිය දැක්කම ලැබෙන්නේ නැහැ. එකනේ වන අලි බලන්න වැඩි කැමැත්තක් දක්වන්නේ. ඒ වගේම නයි නටවන්නෙක් පාර අයිනේ නටවන ලස්සන නයෙක් බලන්න උනන්දු නොවන කෙනෙක් වුනත්ස්වභාවික පරිසරයේ හැසිරෙන පුංචි නයි පැටියෙක් දිහා බලන්න උනන්දු වෙනවා.(නදී)
පෙරහැරවල අලි ඇතුන් යෙදවීම නතර කළ යුතුමය. මේ වන විට මෙවැනි අනතුරු අපේ රටේ ගොඩක් සිදුවුනා. පෙරහරක හො වෙනත් වැඩනට අලියෙක් යොදවනවානම් ඇත් ගොව්වා ලග කිර්වින්දන බෙහෙත් සිලිංජරයත් තිබිය යුතමයි. හදිසි ගින්නකදී පාවාච්චි කරන ගිනිනිවීමේ ගෑස් සිලිංඩරය වගේ.(නදී)
කවුද අලියව කේන්ති ගැස්සුවේ. ඇත් ගොව්වා කව්ද එයා මොනවද කළේ කුලප්පු වෙද්දී. (ස)