මාදුරුඔය ඉෂෙඩ් ඩී මහඇළට වැටුණ වල් අලියකු කඹවලින් සෑදු ඉණිමඟක ආධාරයෙන් ගොඩ ගැනීම මාදුරුඔය යුද හමුදා පුහුණු පාසලේ නිලධාරීන් සහාය ඇතිව වෙහෙරගල ගජ මිතුරෝ සංවිධානයට හැකි විය.
අරලගංවිල අලුත්ඔය ප්‍රදේශයේ දී ජලය බීමට ඇළට බැස්ස අලිය මෙම ඇළට වැටී ඇත්තේ 27 වැනි අලුයම් කාලයේ බව ගජමිතුරෝ සංවිධානය කියයි. එතැන් පටන් කිලෝමිටර් 10 පමණ පහළට අලියා ඇළ දිගේ ගසා ගෙන ගොස් දින දෙකක් තිස්සේ ඇළේ රැඳී සිටියේය. ඇළේ වැටී සිටි අලියාට ප්‍රදෙශවාසීන් කෑම දුන්නේය.
ඇළ මාර්ගයට ජලය සපයන මාදුරුඔය ජලාශයේ දොරටු මහවැලි නිලධාරීන්ගේ සහාය වසා දැමුණු අතර පසුව විශාල කඹ ආධාරයෙන් සෑදූ ඉනිමඟ දිගේ අලියා ගොඩට පැමිණ පිඹුරත්තෑව වනය දෙසට පළවා හැරීමට කටයුතු කළේය.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
අලියා ඉණිමග දිගේ යයි
නාරද Saturday, 29 March 2014 09:22 AM
අලියා නොයන මග-ඉණිමග .... අලියා යන මග-අලුත් ඉණිමග ... (නි)
සමන් - ඕමානය Saturday, 29 March 2014 09:50 AM
ඇළට වැටුණු වන සතුන් හට ගොඩවීමට ක්‍රමයක් නොසෑදීම මෙහි සැලසුම් හා ඉදිකිරීම් කළ කාලයේදී කළ වරදක්. දැන්වත් එය නිවැරදි කළ යුතුයි. කිලෝ මීටර් දෙකක පමණ දුර ප්‍රමාණ වලින් අලින්ට/වන සතුනට ගොඩවීමට හැකි පඩි කීපය බැගින් සැදිය හැකියි.එය ඇළේ ජලය ගැලීමට බාධා නොවන අයුරින් කළ හැකියි. මහවැලි ඉංජිනේරු මහතුනි, ඇමතිතුමනි, වන ජීවී ඇමතිතුමනි, ඔබගේ අවධානය පිණිසයි. (නි)
ජීනා Saturday, 29 March 2014 10:02 AM
අලි දැන් නොයන තැනක් නැහැනේ බලනකොට. (නි)
පිටිගල Saturday, 29 March 2014 08:47 PM
ගලබඩ , මම පිටිගල මිලානෝ නෙවෙයි.(නදී)
ඉන්දික Saturday, 29 March 2014 10:30 AM
දැන් අලියට යන එන මං නැතිවෙලා තියෙන නිසා ඉණිමං වලත් යනවා! (නි)
බණ්ඩාර Saturday, 29 March 2014 10:30 AM
අලි හිඟ මේ රටේ ඉතුරුවෙලා ඉන්න කකුල් 4 අලි ටිකවත් බේරාගමු මලේ (නි)
චන්ද්‍ර වීරසිංහ Saturday, 29 March 2014 10:44 AM
අපේ සමහර මහත්වරුන්ටත් ඉණිමගක් හදමුද උඩට එන්න? (නි)
කුමාරි Saturday, 29 March 2014 10:46 AM
මේ සතුන් මෙහෙම වැටෙන්නේ වතුර බොන්න ගිහින්නේ. ඒ නිසා උන්ට පහසුවෙන් වතුර බොන ස්ථාන හැදුවොත් නරකද? මනුස්සකමින් පිරි හදවත් වලට අපේ ප්‍රණාමය. (නි)
ප්‍රභාත් Saturday, 29 March 2014 12:05 PM
මෙම අවස්තාවෙ අවසාන ජවනිකාව ස්දහන්ව නැත. ගොඩට ආ අලියා යතුරු පැදි දෙකකට පහර දි විනාස කලේය.. එය මනාව එක් නලිකාවකින් පෙන්වන ලදි. එ අලියා බෙරා ගැනිමට පැමිනි තරුනයන් ගේය.. එ තිරිසනා ගෙ හැටිය.. නමුත් එ අහින්සක දුප්පත් නමුත් එඩිතර ගොවි මහතුන් ගෙ යතුරු පැදි පුර්න රක්ෂණ නොවෙ.. එනිසා අඩුම ගනනෙ වනජිවි අයගෙ යුතුකම වන්නෙ ඔවුන්ගෙ යතුරු පැදි සදා දිමට උපකාර කිරිමයි. (දී)
නුවන් Saturday, 29 March 2014 12:59 PM
අලියා නොකන දල්ලත් අද හෙටම කයිද දන්නේ නැහැ (දී)
ෂෙල්ටන් Saturday, 29 March 2014 12:59 PM
ඒ කියන්නේ අලියා අද ගොඩ කියලද (දී)
රවීන් Friday, 28 March 2014 09:32 PM
අලියා නොයන මග? ඒකත් දැන් කියන්න බෑ.(නදී)
නන්දන පනාගොඩ මිලානෝ Friday, 28 March 2014 09:38 PM
කට්ටියක් හක්ක පටස් දාල අලි මරනවා. තවත් කට්ටියක් මැරෙන්න යන අලියව ඉනිමන් දාලා බේරා ගන්නවා. එකම සමාජයේ අන්ත දෙකක්.(නදී)
සරත් සෞදි Saturday, 29 March 2014 01:20 PM
අලියා බේරාගත් මග ඉනිමග (දී)
පිටිගල Saturday, 29 March 2014 01:45 PM
මම යෝජනා කරනවා එජාපයේ චන්ද ලකුණ " ඉනිමග " කරන්න කියලා. ෂුවර් එකටම ගොඩ එන්න පුළුවන් වෙයි.(දී)
මනෝජ්-සාජා Friday, 28 March 2014 10:45 PM
ඒකියන්නෙ අලියට නොයන්න පුළුවන් තැනකුත් නැ.කොහොම හරි අලියාගේ පන බේරපු එක ලොකු දෙයක් (දී)
පිටිගල Saturday, 29 March 2014 02:20 PM
අපේ කුඩා කාලයේ අපේ වැඩිහිටියෝ පරිසරයට මොනතරම් ආදරය කලාද?අපි කුඹුරේ වැඩ කරලා අම්මා ගේන ඇඹුල කාල කුඹුරේ පිට වේල්ලෙන් වතුර බිව්වේ. දිය කූඩැල්ලෝ, ගෙම්බෝ. ඇටිකිත්තෝ ,ඉස්ගේඩියෝ, සේරෝ, කූරෝ , හිටිය ඒ පරිසරයේ.අලියා නොයන මග, අලියා නොකන දල්ල, නැට්ට නැති බට්ට, වගේ තේරවිලි තේරුවා අපි කුඹුරේ පැලේ, කමතේ වාඩිවෙලා සමාරිස් ආතා නියර උඩ කෙහෙල් පැළයක් සිටුවලා ගොක් කොළ සරසලා කෙමක් කලාම අලියා, උරා, කුඹුරට බහින්නේ නැහැ. ගොයම් මැස්සෝ නැහැ. කෘමි නාශක වල පැලැටි නාසක නැහැ. පොහොර දන්නේ නැහැ, ගෙරිකටු පොර බිත්තර වී එක්ක කලවම් කරලා කුබුරට ඉස්සම අස්වැන්න හරි සතුටු දායකයි. ගොයම් පාගන කොට කමතේ උත්සවයක් වගෙයි. දැන් තත්වය ගැන හිතන කොට අපේ ළමයි හරි අවාසනාවන්තයි කියලා හිතෙනවා. අලියා නොකන දල්ල දැන් හැමතැනම අලියා කනවා. හක්ක පටස්. වෙඩි උණ්ඩ තමයි අද අලියා කන්නේ."" විනාශ කාලෙන විපරීත බුද්ධිහ් "" කිව්වලු. (දී)
දිනා Saturday, 29 March 2014 12:22 AM
දැන් බැලුවාම අපේ පැරණි කියුම් බොරු වෙනවානේ (දී)
සංජය Saturday, 29 March 2014 02:44 PM
මේ ලිපියට දෙන්න පුලූවන් හොඳම මාතෘකාව තමයි, අලියා නොයන මගෙත් යයි කියලා නේද? (නදී)
ශාන්ති Saturday, 29 March 2014 01:06 AM
කොහොම හරි කමක් නැහැ, අලියා බේරුණානේ. (නි)
සේපාල දිසානායක Saturday, 29 March 2014 02:57 AM
මේ ඉසෙඩ් ඇළට මීට පෙරත් අලි වැටිලා තිබුනා. තව කොතරම් සතුන් වැටිලා ඇද්ද ? මේ ඇළට වැටුන සතුන්ට පහසුවෙන් ගොඩවෙන විදියේ ස්ථිර වැඩපිළිවෙලක් සදාදෙන්න (නි)
ඩික්සන් Saturday, 29 March 2014 02:59 AM
කෙනෙකුට අසරණ වූ වෙලාවට උදව්වක් කිරීම උතුම් ගුණයකි. උතුම් මනුස්ස ගතියකි. සහභාගි වූ සියලුම දෙනාට ගොඩක් පින් (නි)
ලේක්කෝ ගලබඩ Saturday, 29 March 2014 04:16 PM
පිටිගල මිලානෝ අයියත් ලස්සන කතාවක්නේ ලියල තියෙන්නේ.(නදී)
බණ්ඩා Saturday, 29 March 2014 05:16 AM
අලියා නොයන මග ඉණිමග නේ... (නි)
ඉන්දු මෙල්බර්න් Saturday, 29 March 2014 06:33 AM
ගජ මිතුරන්ට මගේ ගෞරවනීය ආචාරය! ඒ වගේම මේ අලියාට කෑම දුන් ගමේ ජනතාවටත් හිස නමා ආචාර කරනවා. බොහොම පින් ! (නි)
සෙනත් Saturday, 29 March 2014 08:10 AM
අලියා නොයන මග - ඉණිමග (නි)
සෙනෙත් Saturday, 29 March 2014 08:13 AM
අලියා නොයන මග ඉණිමගනේ. අලියා බේරාගත් අයට ගොඩක් පින්! (නි)
පවනි Saturday, 29 March 2014 08:14 AM
ඒ වුණාට දැන් අලි ඉස්සර නොගිය පාරවල් වලත් යනවා. (නි)
වසන්ත Saturday, 29 March 2014 08:53 AM
ගජ මිතුරනි, ඔබේ ලිපිනය පළ කරන්න. මටත් ඔවැනි සතුන් බේරා ගැනීමේ සංවිධානයකට බැඳෙන්න ඕනෑ. (නි)