IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


අල්මාරියේ කුඩු සිද්ධියේ ඕඅයිසීට දින හතක රැඳවුම් නියෝග

වැල්ලම්පිටිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එම් ඩී මුණසිංහ  ලබන හත් වැනි දා තෙක් කොළඹ අපරාධ කොට්ඨාසයේ   රඳවාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඒ එම් සහබ්දීන් මහතා  අද අවසර ලබා දුන්නේය.

හෙරොයින් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනකුගෙන් ලද තොරතුරු මත පොලිස් ස්ථානාධිපති අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට දැන්වීය.

 



අදහස් (0)

අල්මාරියේ කුඩු සිද්ධියේ ඕඅයිසීට දින හතක රැඳවුම් නියෝග

චින්තක පෙරේරා Thursday, 02 January 2014 01:53 PM

ඇයි මේ චූදිතයාට මාංචු දාලා නැත්තේ? පොලිසියේ නිසාද? ලොකු අයට එක විදිහක්, පොඩි අයට තව විදිහකටද?  මෙයාගේ බිරිදටත් මාංචු දාල ෆොටෝ එකක් දැම්මා නම් පොලිසියේ හොඳ මහත්වරුන්ට නෝනලට කරන සාධාරණයක් නෙවේද? (නදී)

:       0       0

අමිල කටුනායක Wednesday, 01 January 2014 05:23 PM

ඕ.අයි.සී වැඩ ඇල්ලුවේ මෙහෙමයි.(නදී)

:       0       0

භවනී අපේන් Wednesday, 01 January 2014 05:26 PM

හරිම ශෝක්නේ.(නදී)

:       0       0

ෂෙහාහිර් ඩේවුඩ් Wednesday, 01 January 2014 05:50 PM

නියම අතිරේක ආදායම් මාර්ගය.(නදී)

:       0       0

මොහාන් Wednesday, 01 January 2014 05:56 PM

හොඳ වෙලාවට අහු උනේ. නැත්නම් අල්මාරියේ ව්තරක් නෙමෙයි තව තව තැන්වල හංගගෙන රාජකාරිය කරාවී.(නදී)

:       0       0

නිශ්ශංක Wednesday, 01 January 2014 05:58 PM

ඕ.අයි.සී මහත්තයා කුඩු ගහනවද?  (නදී)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 01 January 2014 06:18 PM

පේනවා නේද අපේ රටට වෙලා තියෙන දේ ? මේක හිනා වෙන්නවත් සතුටු වෙන්නවත් දෙයක් නෙවෙයි.(නදී)

:       0       0

කුමාරිහාමි Thursday, 02 January 2014 03:17 PM

මේ මුස්ලිම් කාන්තාව සැකකාරියක්ද? මුහුණ වහගෙන යන්න ඉඩ තිබිලත් එසේ නොකලේ ඇයගේ එඩිතරකම නිසා නේද? (නදී)

:       0       0

මහින්ද ඉතාලි Wednesday, 01 January 2014 06:28 PM

බොහොම හොඳයි නීතිය කාටත් පොදුයි. ඒත් මම පොඩි අතුරු ප්‍රශ්නයක් අහනවා. එතකොට අර කුඩු කිලෝ 200 ගානෙන් බාගයක්ම අඩු උනෙත් පොලොසියට බාර දුන්නට පසුවද? එතකොට ඒවාට කව්ද වගකියන්නේ. (නදී)

:       0       0

කිෂාන්ත Thursday, 02 January 2014 04:32 PM

මේ වගේ වැඩවලට සම්බන්ධ නම් නිසි දඩුවම් දෙන්න පසුබට වෙන්න එපා.(නදී)

:       0       0

සුමිත් Wednesday, 01 January 2014 06:53 PM

මෙය කුමන්ත්‍රනයක් විය හැක. තෝරු මෝරු නිදහසේ සිටින විට හාල් මැස්සන්ට දැල් දමයි. (නදී)

:       0       0

සුමංගල -ඇල්පිටිය Wednesday, 01 January 2014 09:55 PM

ඇයි සර් , එයාට මාංචු දාලා නැත්තේ? (නදී)

:       0       0

ලෙස්ලි ලෝව් Wednesday, 01 January 2014 10:19 PM

මෙතැනදී අල්ලලා තියෙන්නේ ග්‍රෑම් 40 ලු .එතකොට කන්ටේනර් එකේ කිලෝ 261 ක් අල්ලලා 130 ක් අතුරුදන් වීම ගැන දැන් සද්ද නැත්තේ මොකද ?(දිල්)

:       0       0

කරුණාපාල Thursday, 02 January 2014 02:19 AM

පිටබැද්දර ජයා හරි. අපේ පොලිසිය මුළුමනින්ම ප්‍රතිසංස්කරණය කලයුතු කාලය ඇවිත්. බඳවාගැනීමේ ක්‍රමවේදය, පොලිස් ස්ථානදිපති වරුන් පත්කිරීමේ ක්‍රමය, නිරන්තරයෙන්ම ඔවුන්ගේ සේවය අධීක්ෂණය කිරීම හා ක්ෂණිකවම දඬුවම් දීමේ ක්‍රමයක්, යනාදිය මෙම ප්‍රතිසංස්කරණ ක්‍රමයේ ප්‍රදාන ලක්ෂණ වියයුතුයි. (අ)

:       0       0

ලුම්බිණි Thursday, 02 January 2014 04:45 AM

මෙහෙම පොඩි කෙනෙක් අල්ල ගත්තම ලොකුවට කුඩු බිස්නස් කරන අයට කිසිම ප්‍රශ්නයක් නැහැ. (නදී)

:       0       0

අහිංසා Thursday, 02 January 2014 05:04 AM

අර අත් අඩංගුවට ගත්තු ආසියාවේ විශාලතම කුඩු තොගයෙන් කිලෝ 103ක් ඉස්සුවේ කව්ද? මේ වගේ පොඩි පොඩි කුඩු කෑලි අල්ලන්නේ ඒවා වහන්නද?  කෝ දැන් කව්රුවත් කතාකරනවද ආසියාවේ විශාලතම කුඩු තොගය අල්ලපු එක ගැන. අද වෙනදේ හෙට අමතක වෙනවා.(නදී)

:       0       0

සත්‍යා Thursday, 02 January 2014 07:37 AM

මේවා ප්‍රධාන නාට්‍යයේ අතුරු කොටස්. (ත)

:       0       0

සිරිපාල Thursday, 02 January 2014 08:10 AM

කුඩු කන්ටේනර් පිටින් එනවා ඒවා අල්ලන්නේ නෑ(දිල්)

:       0       0

මුදිත Thursday, 02 January 2014 08:51 AM

නීතිය කාටත් පොදු විය යුතුයි. (ත)

:       0       0

ඉසුරු Thursday, 02 January 2014 08:55 AM

තරහා කෙනෙකුගෙන් පළි ගන්න ගෙදර ඇතුළට ගංජා දමා ඇල්ලීමේ සිද්ධිත් තියෙනවා. (ත)

:       0       0

චීනා Thursday, 02 January 2014 10:53 AM

කුඩු ග්‍රෑම් 40 > කුඩු කිලෝ 250 එම නිසා ග්‍රෑම් 40 වැලිකඩ , කිලෝ 250 ? (නදී)

:       0       0

සුසන්ත බෝගොඩ Thursday, 02 January 2014 10:57 AM

බලනකොට කුඩු බිස්නස් කරයො හොරු එහෙමත් පොලිසියේ ඉන්නවානේ. පොලිසියේ මේවා අල්ලන නිලදාරින්ට අපගේ ප්‍රණාමය.(නදී)

:       0       0

රෝයි Thursday, 02 January 2014 11:45 AM

පොලිස් ඕ.අයි.සී නිතීය ක්‍රියාත්මක කිරීම ගැන සතුටුයි. කෝ අගමැති ලේකම්ගේ කුඩු ප්‍රශ්නය. ඒක යට ගැහුවාද? (නදී) .

:       0       0

ශාන්ති Thursday, 02 January 2014 01:05 PM

නිතිය රකින අය මෙහෙම නම් අනිත් අය ගැන කුමන කතාද ? (නදී)

:       0       0

ලක්ෂමන් ජයවර්ධන Wednesday, 01 January 2014 04:41 PM

එහෙනම් ඕ.අයි.සී කුඩු. (නදී)

:       0       0

තිලින Wednesday, 01 January 2014 04:57 PM

නියමයි! (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 689 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 329 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1116 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site