වැල්ලම්පිටිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එම් ඩී මුණසිංහ ලබන හත් වැනි දා තෙක් කොළඹ අපරාධ කොට්ඨාසයේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඒ එම් සහබ්දීන් මහතා අද අවසර ලබා දුන්නේය.
හෙරොයින් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනකුගෙන් ලද තොරතුරු මත පොලිස් ස්ථානාධිපති අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට දැන්වීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි මේ චූදිතයාට මාංචු දාලා නැත්තේ? පොලිසියේ නිසාද? ලොකු අයට එක විදිහක්, පොඩි අයට තව විදිහකටද? මෙයාගේ බිරිදටත් මාංචු දාල ෆොටෝ එකක් දැම්මා නම් පොලිසියේ හොඳ මහත්වරුන්ට නෝනලට කරන සාධාරණයක් නෙවේද? (නදී)
ඕ.අයි.සී වැඩ ඇල්ලුවේ මෙහෙමයි.(නදී)
හරිම ශෝක්නේ.(නදී)
නියම අතිරේක ආදායම් මාර්ගය.(නදී)
හොඳ වෙලාවට අහු උනේ. නැත්නම් අල්මාරියේ ව්තරක් නෙමෙයි තව තව තැන්වල හංගගෙන රාජකාරිය කරාවී.(නදී)
ඕ.අයි.සී මහත්තයා කුඩු ගහනවද? (නදී)
පේනවා නේද අපේ රටට වෙලා තියෙන දේ ? මේක හිනා වෙන්නවත් සතුටු වෙන්නවත් දෙයක් නෙවෙයි.(නදී)
මේ මුස්ලිම් කාන්තාව සැකකාරියක්ද? මුහුණ වහගෙන යන්න ඉඩ තිබිලත් එසේ නොකලේ ඇයගේ එඩිතරකම නිසා නේද? (නදී)
බොහොම හොඳයි නීතිය කාටත් පොදුයි. ඒත් මම පොඩි අතුරු ප්‍රශ්නයක් අහනවා. එතකොට අර කුඩු කිලෝ 200 ගානෙන් බාගයක්ම අඩු උනෙත් පොලොසියට බාර දුන්නට පසුවද? එතකොට ඒවාට කව්ද වගකියන්නේ. (නදී)
මේ වගේ වැඩවලට සම්බන්ධ නම් නිසි දඩුවම් දෙන්න පසුබට වෙන්න එපා.(නදී)
මෙය කුමන්ත්‍රනයක් විය හැක. තෝරු මෝරු නිදහසේ සිටින විට හාල් මැස්සන්ට දැල් දමයි. (නදී)
ඇයි සර් , එයාට මාංචු දාලා නැත්තේ? (නදී)
මෙතැනදී අල්ලලා තියෙන්නේ ග්‍රෑම් 40 ලු .එතකොට කන්ටේනර් එකේ කිලෝ 261 ක් අල්ලලා 130 ක් අතුරුදන් වීම ගැන දැන් සද්ද නැත්තේ මොකද ?(දිල්)
පිටබැද්දර ජයා හරි. අපේ පොලිසිය මුළුමනින්ම ප්‍රතිසංස්කරණය කලයුතු කාලය ඇවිත්. බඳවාගැනීමේ ක්‍රමවේදය, පොලිස් ස්ථානදිපති වරුන් පත්කිරීමේ ක්‍රමය, නිරන්තරයෙන්ම ඔවුන්ගේ සේවය අධීක්ෂණය කිරීම හා ක්ෂණිකවම දඬුවම් දීමේ ක්‍රමයක්, යනාදිය මෙම ප්‍රතිසංස්කරණ ක්‍රමයේ ප්‍රදාන ලක්ෂණ වියයුතුයි. (අ)
මෙහෙම පොඩි කෙනෙක් අල්ල ගත්තම ලොකුවට කුඩු බිස්නස් කරන අයට කිසිම ප්‍රශ්නයක් නැහැ. (නදී)
අර අත් අඩංගුවට ගත්තු ආසියාවේ විශාලතම කුඩු තොගයෙන් කිලෝ 103ක් ඉස්සුවේ කව්ද? මේ වගේ පොඩි පොඩි කුඩු කෑලි අල්ලන්නේ ඒවා වහන්නද? කෝ දැන් කව්රුවත් කතාකරනවද ආසියාවේ විශාලතම කුඩු තොගය අල්ලපු එක ගැන. අද වෙනදේ හෙට අමතක වෙනවා.(නදී)
මේවා ප්‍රධාන නාට්‍යයේ අතුරු කොටස්. (ත)
කුඩු කන්ටේනර් පිටින් එනවා ඒවා අල්ලන්නේ නෑ(දිල්)
නීතිය කාටත් පොදු විය යුතුයි. (ත)
තරහා කෙනෙකුගෙන් පළි ගන්න ගෙදර ඇතුළට ගංජා දමා ඇල්ලීමේ සිද්ධිත් තියෙනවා. (ත)
කුඩු ග්‍රෑම් 40 > කුඩු කිලෝ 250 එම නිසා ග්‍රෑම් 40 වැලිකඩ , කිලෝ 250 ? (නදී)
බලනකොට කුඩු බිස්නස් කරයො හොරු එහෙමත් පොලිසියේ ඉන්නවානේ. පොලිසියේ මේවා අල්ලන නිලදාරින්ට අපගේ ප්‍රණාමය.(නදී)
පොලිස් ඕ.අයි.සී නිතීය ක්‍රියාත්මක කිරීම ගැන සතුටුයි. කෝ අගමැති ලේකම්ගේ කුඩු ප්‍රශ්නය. ඒක යට ගැහුවාද? (නදී) .
නිතිය රකින අය මෙහෙම නම් අනිත් අය ගැන කුමන කතාද ? (නදී)
එහෙනම් ඕ.අයි.සී කුඩු. (නදී)
නියමයි! (නදී)