හම්බේගමුව - උඩවලව ජාතික වනෝද්‍යානයේ සිට බලන්ගොඩ හම්බේගමුව පාරේ දහයියාගල දක්වා අලි ඇතුන් දෙතුන් සියයක් දිනකට එහා මෙහා යන අලිමංකඩ තම ඉඩම මැදින් ඉදිකරතියි දහයියාගල හය දෙනකු දින පහක් තිස්සේ කළ උපවාසය අද අවසන්විය. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව වනජීවි නිලධරයන් අලිමංකඩ ඉදි නොකරතියි කියමින් උපවාසය කළ අයට ගැමියෝ 500 දෙනෙක් පමණ සහාය වූහ. වනජීවි ඇමැති එස්.එම්.චන්ද්‍රසේන, වනජීවි අධ්‍යක්ෂ ජනරාල් එච්.ඞී. රත්නායක හා දකුණු පළාත් බාර වනජීවි අධ්‍යක්ෂ කේ.එච්. සුමනසේන මහත්වරුන් බෝගහපට්ටිය හා දහයියාගල ගැමියනට පොරොන්දු වුයේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව ගැමියන්ගේ ඉඩම් බේරා අලිමංකඩ ඉදිකරන බවයි. යම් ඉඩමක් ඊට අසුවුවහොත් ඔවුනට වෙනත් තැන්වලින් ඉඩම් දෙන බව ද ඇමැති ප‍්‍රතිඥා දුන්නේය.
1
කුලී ගෙවල් අලුත් පනතින් ගෙහිමියන්ට පදිංචිකරුවන්ට වෙන්න පුළුවන් දේ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ උපවාස වලින් සාධාරණ උපවාසයක්. අනෙක් ඒවා බෙහෙවින් බඩගෝස්තර උපවාස. මිනිස් හා අලි ජිවිත රැකගන්න ඕනෑ. ඇරුණ සෞදි අරාබිය.