පින්නවල අලි අනාථාගාරයේ අලි පැටවුන්ට කිරි ලබා දිමේ අවසර පත්‍රය නවත්වා ඇතැයි දෙස් විදෙස් සංචාරකයෝ කියති.
පින්නවල අලි අනාථාගාරයේ සිටින අලි පැටවුන්ට කිරි දීමේ ටිකට් පත රුපියල් 350 ක මුදලට ලබා ගත් පසු දෙස් විදෙස් සංචාරකයන්ට පින්නවල අලි අනාථාගාරය මගින් පැටවුන් සදහා ලබා දෙන බෝතල් වලට පිරවු කිරි එහි පුහුණුව ලැබු සේවකයන් යටතේ අලි පැටවුන්ට පෙවීමට අවස්ථාව ලැබේ. අලි පැටවුන්ට ලබා දෙන කිරි වේල් දවසකට වාර 3 ක් ඇති අතර උදැසන 9.15-දහවල් 1.15 හා පස්වරු 5.00 යන වේල් තුනෙන් එක වේලක් සඳහා ටිකට් පත් 30 ක් පමණ නිකුත් කරන අතර දිනකට රුපියල් 30 000 ට ආසන්න මුදලක් සත්වෝද්‍යාන දෙපාර්තුමේන්තුවට ලැබෙන බව එහි නිලධාරියෙක් පැවැසීය.
මිට අමතරව අලින්ට පළතුරු ලබා දිමේ ටිකට් පතක්ද සංචාරකයන්ට නිකතු කරනු ලබයි.
තිරසාර සංවර්ධන හා වනජීවී අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාගෙන් මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී පැවසුයේ දරුවෙකුට කිරි පෙවුවත් පිරිසිදුව කිරි පෙවිය යුතු බවත් ලැබෙන ලාභයට වඩා සතුන්ගේ ශරිර සෞඛ්‍ය තත්වය ගැන සිතා එය නැවැත්වු බවයි.
කිසිදු පුහුණුවක් නොලබා නරඹන්නන් කිරි පිරවු බෝතල් වලින් පෙවීමේදි යම් ගැටළු උදා විමටද හැකියාව ඇති බවයි. වැඩි වශයෙන් අලි පැටවුන්ට ව්‍යායාමයක් නොලැබෙන බවද වැඩි කාලයක් කොටු කර තැබිම යම් පෝෂණ ගැටලු ඇතිවිය හැකි බවද මුදලට ටිකට් පත් අලෙවිය නවතා දැමුවද අලි පැටවුන්ට ලබා දෙන කිරි වේල් ප්‍රමාණය කිසිවිටක නවත්වා නොමැති බවද අමාත්‍යවරයා පැවැසිය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක නම් මොනවද අපි හැමදාම දේසපාලන නයින්ට නොමිලේම කිරි පොවන්නේ (රේ)
මේක වඩා ක්‍රමවත්ව කිරීම නේද සුදුසු වෙන්නේ? (නි)
අලින්ට නම් කමක් නැහැ, හැබැයි සර්පයින්ට නම් කිරි පොවන්න හොඳ නැහැ (නි)
කිරි ගෙදරින් ගෙනෙනවා නොවෙයිනේ. ඇරත් පුහුණු සේවක අධීක්ෂණය යටතේ සිදුකරනවා නම් සතුන්ගේ ශරීර සෞඛ්‍යයට අහිතකර වෙන්නේ කොහොමද? (නි)
මේ කටයුත්ත නවත්වන එක නම් අපරාදේ (නි)
ඒ වුණාට මේක විදේශිකයන්ගෙන් ආදායම් ලබන්න පුලුවන් හොඳ ක්‍රමයක් (නි)
මට නම් පෙනෙන්නේ මේක බොහොම හොඳ වැඩක් වගෙයි (නි)
කිරි දෙනකොට අත් වැසුම් අඳින්න කිවුවා නම් සෞඛ්‍යාරක්ෂිතයි නේද ? අපරාදේ ආදායම (නි)
අභය සහ නදීක සමඟ එකඟයි. රටටත් ආදායමක් ලැබෙනවා වගේම ඒ අයත් සතුටු වෙලා පිනකුත් කරගන්නවා. මෙයාලට ඕනෑ තිබෙන ක්‍රමවේදය වෙනස්කරලා තමනුත් මොකක්හරි කළා කියලා පෙන්වන්න (නි)
අර අබය කියන කතාව ඇත්ත. (නි)
යහපාලනයේ මෝඩ වැඩ ! (බ)
මේක නම් ගොන්ම ගොන් තීරණයක් .ඔය තරම් බය නම් සංචාරකයන්ට අත්වැසුම් වත් දමල කිරිපොවන්න දෙන්න තිබුනනේ .එ්කටත් තව ගානක් අරගෙන මේක කරන්න දෙන්නයි තිබෙන්නේ.සංචාරකයෝ එ්කෙන් අහිංසක සතුටක් සහ මානසික තෘප්තියක් ලබනවා නේද ?සත්ව කරුණාව කියන එක අවබෝධ වෙන්නේ නැද්ද මේ ලොක්කන්ට .අනික රජයට මොන තරම් සහනයක්ද මෙතුලින් සිද්ධ වෙන්නේ .කරුණාකර පිරිසිදුව දෙන්න පුළුවන් ක්‍රමයක් සහිතව මේ ක්‍රමය නැවත පටන් ගන්න (බ)
මෙච්චර කාලයක් දුන්න කිරි හොඳයි, දැන් තමා නරක්වෙලා තියෙන්නේ. වැඩ නැතුවට වැඩ. කොහොම නමුත් සතෙකුට බොන්න දෙන දේ නවත්වන්න එපා. (නි)
බල්ලාගේ වැඩේ බූරුවා භාර ගනී කියලා කියමනක් මම අහලා තියෙනවා! (අ)
මුහුණ එක්ක තරහට නාසය කපාගැනීම (නි)
මම හිතන්නේ නං හොඳ දෙයක්. (රේ)
මේ සමාන්‍යන් දවසට දෙන කිරි වෙල් 3 (අලි අනාථාගාරයෙන් දෙන ) එක නරබන්නන් අතින් දෙන්න තමයි මේ 350/= ක් ගන්නේ නැතුව නරබන්නෝ ගෙදරින් හෝ කඩේකින් ගන්න කිරි නෙවයි.ඉතින් මේක නවත්වපු එක වැරදි නේ අලින්ට යන කිරි වල වියදමින් කොටසක් හරි පියව ගන්න තිබුන අදායමක් නේ. (ම)
හොඳින් සලකනවානම් මමත් හිතන්නේ මේ කරපු දේ හොඳ දෙයක් කියල. විජිත කියන්නේ අලින්ව කකුල් වලින් තුවාල වෙනකම් බැඳලා ගෙවල්වල තියාගෙන. පුද්ගලික බුදලයක් වගේ රට රට වලට, නෑදෑ පරපුරට පරිත්‍යාග කළ සුබ අනාගතය හොඳයි කියලද (ම)
අවසර පත් නිකුත් කරන එක නවත්තන්නේ නැතුව , නිසි ප්‍රමිතියකට කිරි බෝතල් පිළියෙළ කර ඒවා මිලට ගැනීමේ ක්‍රමෝපායක් සකස්කොට සංචාරකයන්ට අලින්ට කිරි දීමේ අවස්ථාව ලබා දෙන්න බැරිද?සංචාරක ආකර්ෂණය ලබා ගන්න මේවගේ දේවල් අපි වගේ රටකට වැදගත් නේද? නැත්නම් ඉතින් නිකන්ම අලි බලන්න ඕනේ නම් සංචාරකයන් සියලුම දෙන දෙහිවල සත්තු වත්තට යයිනේ ...(රේ)
අනේ මන්ද මේවා නිකන් පිස්සු වගේ....(ම)
අලි අනාථාගාරය තුළම ප්‍රමිතියට සාදා බෝතල් වලට පිරවූ කිරි පුහුණු සේවකයන්ගේ සහය ඈතුව අලි පෑටවුන්ට ලබාදීමේ වරද කුමක්ද? එමගින් කිරි සදහා යන වියදමින් කොටසක් හෝ පියවා ගතහෑකී නේද. අනේ මන්ද මෙතන දෑන් තවත් මූල්‍ය අර්බුදයක් ඈතිවෙනවා (ම)
අලි කිරි පොවපල්ල කොටි පෑටවුන්ට. (ම)
මේවා ඵලක් නැති වැඩ කියලයි මම නම් කියන්නේ (නි)
70 ට වැඩි අයට දේශපාලකයන් වීම තහනම් කල යුතු නොවේද ? තීරණ ගැනීමේ දුබලතාවය පේනෙවානේ. (රේ)
මේ වැඩේ නම් මම අනුමත කරන්නේ නැහැ (නි)
දැන් අලින්ට කිරි පොවන එක නවත්තල කොටින්ට කිරි පොවන්න පුරුදු වෙන්න (ම)
අපේ. අයට සතෙකුට කරුණාවක් දක්වන්නේ. කොහොමද . අසරණ දරුවන්ට කරන දුෂණ වල හැටියට ලෝකේ. ඕනෑම රටක විදේශිකයෝ තමයි සතුන්ට. කරුණාව දක්වන්නේ. අපිට තියෙන්නේ. ඒවා දැකල. ඉගෙන ගන්න. මිසක්. වැරදි හොයන්න නොවේ (අ)
අලි පැටවුන්ට ලබාදෙන කිරිවේල අලි අනාථාගාරයේ පුර්ණ අධීක්ෂණය යටතේ පිළියෙල කර විදේශිකයින්ට සහ දේශීය නරඹන්නන්ට ලබාදීමේ වැඩපිළිවෙලකට යන්න.සංචාරක ආකර්ෂණය ලබාගැනීමේ මෙවැනි වැඩපිළිවෙලක් තේරුම් ගැනීමට තරම් අලි මහත්වරු දුප්පත්ද? නඩත්තු වියදමෙන් සෑහෙන මුදලක් ඉතිරි කරගත හැකිනේද? (රේ)