2016-10-20-ent-03මුසම්මිල්තුමා තානාපති පට්ටමක් භාරගැනීම නිසා හිස්වෙන කොළඹ නගර සභාවේ පුටුව අලුත්ම කෙනකුට ලැබෙන්න යන හැඩයි...


අලි පාටියෙන් හෝ අපේක්ෂකත්වය ගන්න කෙනාට පට්ටම ෂුවර් හින්දා මේ පාර අලි පාටියෙන් ජේ.ආර්. උන්නැහේගේ නෑදෑයෙක් දාන්න යනවය කියල අලුත්ම කතාවක් යනවා.


උන්නැහේ ආණ්ඩුවේ ගෑස් සමාගමේ මහ පුටුව භාරගන්නත් හිටපු කෙනෙක්ලු... නම නිරෝෂන් කියලයි ආරංචි... 


මේච්චරකල් ඔය අපේක්ෂක පට්ටම ගැන නම කියැවුණ තරැණ සේවාවේ එරන්ද උන්නැහේ වෙනුවට නිරෝෂන් උන්නැහේ සළුවෙන්න පුළුවන් කියල තමයි සිරිකොත පැත්තෙන් ආරංචි වෙන්නේ.

 

DESHAYA