දෙමළ දේශපාලන පක්ෂ 10ක් එකතුව ‘දෙමළ ජාතික පෙරමුණ‘ නමින් අලුත් දේශපාලන පක්ෂයක් පිහිටුවා ගැනීමට සුළු දේශපාලන පක්ෂ නායකයෝ පිරිසක් සැරසෙති.
ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජනතා පෙරමුණේ නායක ප්‍රභා ගනේෂන්, ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ නායක ආනන්ද සංගරී, ඊපීඩීපී නායක ඩග්ලස් දේවානන්ද යන මහත්වරු මෙම පක්ෂය පිහිටුවීමට මූලික වී සිටිති.
බම්බලපිටියේ හෝටලයකදී අද (4) මූලික සාකච්ඡාවක් පැවතියේය.
ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ, ශ්‍රී ටෙලෝ (දෙමළ ඊළාම් විමුක්ති පෙරමුණ), දෙමළ ඊළාම් විමුක්ති සංවිධානය, ඊරෝස් (ඊළාම් විප්ලවාවාදී සමාජවාදී පක්ෂය), ඊළාම් විමුක්ති සංවිධානය, දෙමළ ජනතා පක්ෂය, විමුක්ති අරගල පක්ෂය, ජාතික හින්දු පූජක පක්ෂය, ප්‍රජාතාන්ත්‍රික ප්‍රතිසංස්කරණවාදී සංගමය හා ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය එම පක්ෂ වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ සිංහලයා ළග තියෙන්නේ ක්‍රෝධයක් එක්ක තියන සංහිදියාව.. .එකාට,එකා කා කොටා ගන්නවා මිසක් එකමුතු කමක් ගෑවිලාවත් නැහැ. පන්සලකට ගියත්,පාසලකට ගියත් කියන්නේ වපුරන්නේ වෛරය. කොහෙද ඉතින් සමගියක්. (බ)
තවදුරටත් ආගම් ජාති නම් යොදා දේශපාලන පක්ෂ ලියා පදිංචි කිරීමට විරෝධය පල කරමු. දැනට ජාති ආගම් භාවිතා කරන පක්ෂ වලට නම් වෙනස් කර ගැනීමට කාලයක් ලබා දී අලුත් නීතියක් සම්පාදනය කිරීමට රජයේ අවධානය යොමු වේවා ! (බ)
අපිටත් පුළුවන් .දැන් එකට කාලය හරි . (හේ)
අනේ අපිටත් අපි ගැන කතා කරන්න දේශපාලන පක්ෂ තිබුනානම් මේ වගේ! බලන්න කෙතරම් පක්ෂ තොගයක්ද, එක ජාතියක් ගැන පමණක් කතා කිරීමට. හැබැයි අපි ඔහොම එක පක්ෂයක් හැදුවොත් ඒකට කියන්නේ ජාතිවාදය! (බ)
සුමිත්‍රා බස්නායක යන පන්සල් ,ඉස්කෝල වල නම් ටික කියනවද. මොකද අපේ පළාත් වල තියෙන්නේ මිනිසුන් යහමගට යොමුකරන පාසල් විහාරස්ථාන. (බ)
සිංහල හෝ හෙළ හෝ සිහල නමින් පක්ෂයක් ගොඩ නගපු ගමන් කැනහිලු ටික ජාතිවාදය කියල හු කියන්න තියනවා , දැන් කාලය ඇවිල්ල ජන වර්ග නමින් ලංකාවේ පක්ෂ බිහි කරන එක නවත්තන්න , හෙළ උරුමත් එපා , මුස්ලිම් කොන්ග්‍රස් එකත් එපා , ඊළමත් එපා .. මොකද ඔය ජනවර්ග කැල්ලක් අැද ගත්ත ගමන් මිනිස්සු රවට්ටන්න පුළුවන්නේ (බ)
රුචිර ගේ අදහස හරි වැදගත් (හේ)
මෙහෙම ගියොත් ලංකාවේ ජනතාවට වඩා පක්ෂ වැඩිවෙයි.(හේ)
ඇයි අපේ අයට බැරි මේ රටේ තවත් ප්‍රබල දේශපාලන පක්ෂයක් ඇති කර ගන්න.(හේ)
ඕනෙම කෙනෙකුට ඕනේ විදිහට පක්ෂ හදාගන්න පුළුවන් .. අපි ජීවත්වෙන්නේ සමාජවාදී රටක ... බලන්න .. උදය ගම්මන්පිල විමල් වීරවංස ..හැබැයි ..මේ පක්ෂ එයාලගේ සීමාව ඉක්ම යාම හෝ ශ්‍රී ලංකාවට පටහැනි දේශපාලන නීති රීති උල්ලංගනය නොකළ යුතුයි (බ)
රටක සාමාන්‍යයෙන් තියෙන්නේ ප්‍රධාන පක්ෂ තුන හතරක් පමණයි මෙහෙ තියෙන්නේ ජන පදනමක් නොමැති එල්ලෙන පක්ෂ නේද? (බ)
අැයි අපේ සිංහලයන්ට බැරි මෙහෙම දේවල් කරන්න (බ)
කෝ මේ සංහිඳියාවට දෙමළ දේශපාලන පක්ෂ කැමති නැද්ද? (බ)
දේසපාලන පක්ෂත් හරියට කැලේ මාරු කලාට පුල්ලි වෙනස් නොවෙන කොටියා වගේ. (හේ)