ක්රීඩා ගුරුවරුන්ගේ හිඟයට විසඳුමක් ලෙස ක‍්‍රීඩා ගුරුවරු 5,000 ක් බඳවා ගැනීමට කැබිනට් මණ්ඩලයට විශේෂ කැබිනට් පත‍්‍රිකාවක් යොමු කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.
ක‍්‍රීඩා ගුරුවරුන්ගේ ගැටලූව විසදීම සඳහා ගුරු ව්‍යවස්ථාව පවා වෙනස්කර බඳවා ගැනීම් කිරීමට ඉඩ ඇතැයි අමාත්‍යවරයා කීවේය.
‘ක‍්‍රීඩාව දියුණු කිරීමට නම් මේ වැඩපිළිවෙළට ප‍්‍රමුඛත්ව ලබාදිය යුතුයි. එහිදී ක‍්‍රීඩාවේ නියැළුණු අයට ප‍්‍රමුඛත්වය දෙන්න බලාපොරොත්තු වෙනවා’ යැයි ද ඇමැතිවරයා සඳහන් කළේය.
මේ අතර ක‍්‍රීඩාවේ අනාගතය වෙනුවෙන් ක‍්‍රීඩා පාසල් 98 ක් ආරම්භ කිරීමට තීරණය කර ඇතැයි ද කී ඇමැතිවරයා අධ්‍යාපන කලාප 98 කට ක‍්‍රීඩා පාසල බැගින් ලබාදීමට නියමිත බව පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න මැතිවරණ අල්ලස් දෙනවෝ... කෝ ඒකාබද්ධ විපක්ෂය නිහඩ... (ර)
හැංගුන ක්‍රීඩා දක්ෂතා තියන අය ඕනෑතරම් හිටියත් සුදුස්සාට තැන ලැබුනොත් හොඳටම ඇති (නි)
මේකට විරුද්ධව පාගමනක්වත් ඉක්මනට යමුද? (නි)
මේකට විරුද්ධව ලිප්ටන් වට රවුමේ එ්කාබද්ධ විපක්ෂයෙන් පිකටින් එකක් එහෙම නැද්ද මේ පාර? (නි)
ඔලිම්පික් පදක්කම් ගෙනඒමට හැකිවේවා! එකම පැතුම එයයි. පදක්කම් ගෙනඒම පමණක් නොව එමඟින් ඔවුන්ගේ ජිවිත සාර්ථක වේවායි පතමි. (නි)
ගුරුවරුන් බඳවා ගන්න එක නම් හොඳයි. ඒත් මේගොල්ලන්ගේ (සමහර පිරිසකගේ) රාජකාරි මට්ටම කොහොමද බලන්නත් ක්‍රමවේදයක් තියෙනවා නම් තමයි වඩා හොඳ. (නි)
වැඩ පිළිවෙල ඉතා හොඳයි. ඉක්මනින් ක්‍රියාත්මක කරන්න. ස්තුතියි...