අද අලුයම 12.38ට අලුත්ගම දී දුම්රිය දෙකක් ගැටී ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග කියයි.
අලුයම 3.50ට පමණ හලාවත බලා පිටත් වීමට නියමිත දුම්රිය අලුත්ගම දුම්රිය ස්ථානයේ දෙවැනි වේදිකාවේ නවතා තිබිය දී මුහුදු බඩ මාර්ගයේ පැමිණි තෙල් දුම්රියක් නවතා තිබූ දුම්රියේ පිටුපස ඇන්ජිමේ ගැටී ඇත.
අනතුරෙන් රියදුරකු පමණක් සුළු තුවාල ලබා ඇතැයි ද, දුම්රිය මැදිරි කිහිපක් පීලි පැන ඇතැයි ද කියති.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ එවැනි සිද්ධියක් වාර්තා වූ බවයි. ඒ ගැන සොයා බැලීමට පොලිසිය එම ස්ථානයට ගොස් ඇතැයි ද පොලිසිය පවසයි.
මෑතක දී දුම්රිය අනතුරු කිහිපයක් වාර්තා විය.
පසුගිය ඉරිදා රාත්‍රී 11ට පමණ උතුරේ පලෙයි සිට කොළඹ බලා පැමිණි රාත්‍රී තැපැල් දුම්රිය අනුරාධපුරයේ දී පීලි පැන්නේය. වෙනත් දුම්රිය ඇංජිමකින් මැදරි ආපස්සට ඇද පීලි ගත කළ අතර එම දුම්රිය කොළඹ බලා පිටත් වුයේ අලුයම 1.30 ට පමණය.
කොළඹ සිට පලෙයි බලා ගිය යාල් දේවී දුම්රියේ මැදිරි දෙකක් ගැලවී වව්නියා මුන්ඩ්මුරිප්පුවේ දී මීටර් තුන්සීයක් පමණ දුරට ඇදී ගියේ පසුගිය හතර වැනි දා ය.
අප්‍රේල් 30 වැනි දා පොතුහැර දුම්රිය ස්ථානයේ නතරකැර තිබූ දැයටකිරුළ දුම්රියේ රජරට රැජන දුම්රිය ගැටී මගීහු විශාල පිරිසක් තුවාල ලැබූහ. අනතුරින් පසු පස් දෙනකුගේ වැඩ තහනම් කැරිණි.
රියදුරකු නොමැතිව දුම්රිය ඇන්ජිමක් ධාවනය වූ සිද්ධියක් මීට මාස කිහිපයකට පෙර වාර්තා විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආශ්චර්යය කරා යනකොට මෙවැනි දේවල් වෙනවා. ඒවා එච්චර ගණන් ගන්න එපා.සමහර දියුණු රටවල තවම රියදුරන් නැති දුම්රිය ගැන පරීක්ෂණ කරනවා. අපේ රටේ නම් දැනටම රියදුරන් නැති දුම්රිය ධාවනය වෙනවා. සතියකට වතාවක් දෙකක් මේවා පීලි පනිනවා හැපෙනවා. ගණන් ගන්න එපා. කමිටුවක් පත් කරලා ප්‍රශ්නය යට ගහමු (නි)
දැන් ඉතින් කවුද මේ ප්‍රවාහන ප්‍රශ්න වලට වග කියන්න ඕන ? ලුම්බිණි කියන්නකෝ බලන්න. (දී)
වැඩ කරන සියලුම දෙනා රට ගැනත් ජනතාව ගැනත් සිතා වැඩ කරොත් තමා රටක් දියුණු වෙන්නේ. තමන්ගේම වාසිය ගැන සිතීමෙන් රටත් ජනතාවත් විනාශ වෙනවා. මේවා වල පාඩුව පියවන්නේ කාගෙන්ද ජනතාවගෙන්. තව තවත් බදු මුදල් වැඩිවෙන කොට ජනතාව තමා දුක් විදින්නේ. (ස)
පලවෙනි පරාක්‍රම බාහු ගේ කාලයේ ඉඳන් පැවතගෙන එන දුම්රිය පද්ධතියක් තියාගෙන තව කොතරම් කල් මේ අනතුරු දැක දැක ඉන්නද ? අධිවේගී මාර්ග හදන අතරේ නිතර දෙවේලේ මිනිස්සු යන එන දුම්රිය සේවය පිළිවෙලක් වෙනවා නම්. (නදී)
දුම්රිය "ටැබ්ලට්" සංඥා මගින් ධාවනය වීමේදී දුම්රියක් නවතා තිබියදී එම මාර්ගයේම දුම්රියක් ධාවනය කළ නොහැක. මන්දයත් සංඥා ක්‍රියාත්මක නොවේ(නි)
බොහෝ විට දුම්රිය අනතුරු වන්නේ නවතා ඇති දුම්රිය සම්බන්ධයෙනි. මෙය නවතා ගැනීමට දුම්රිය දෙපාර්තමේන්තුවට නොහැකි නම් දුම්රිය පැදවීමේ වේග සීමාව පැයට කි.මී.10 තෙක් අඩු කරන්න (නි)
ලංකා දුම්රිය සේවය පසුකරමින් සිටින්නේ වාර්තා ගත වන කාලයක්. (ස)
මේක දුම්රිය දෙපාර්තමේන්තුවේ වැඩ කරන අයගෙම වැඩක් වෙන්න පුලුවන්. පහුගිය මාසයේ වැඩ වර්ජනයේ ප්‍රතිඵල තමා! (නි)
මට පේන්නේ මේ ඔක්කොම ප්‍රශ්න වලට හේතුව මේ දුම්රිය වලට බවලතුන්ගේ නම් දමා තිබීම. ප්‍රශ්නයක්, ගැටුමක් තියෙන්නේ කොතනද එතන මුලට කුමාරි කෙනෙක් මැණිකේ කෙනෙක් දේවී කෙනෙක්. නැද්ද මම අහන්නේ ? (ස)
ඒ පාර මොකද දුම්රියට වෙලා තියෙන්නේ? (නි)
මෙවැනි දේ සිදුවන්නේ සේවකයින්ගේ වැරදි නිසයි (නි)
ප්‍රවාහන ඇමතිතුමත් කළුතර දිස්ත්‍රික්කයේනේ. දැන් බලමු කව්ද මේකට ඉල්ලා අස්වෙන්නේ කියලා (නි)
තාක්ෂණය දියුණු මෙවන් යුගයක මේ සිදුවන දේ අරුමයක් නොව කරුමයකි. දුම්රිය දුවන්නේ පරණ සංඥා ක්‍රමයක් පදනම් කරගෙන නේද? සිග්නල් නැත්නම් දුම්රිය රියදුරොත් හොල්මන් නේද? ඇයි එයාලට අඩුම තරමේ තමන් ඉදිරියේ තිබෙන බාධකයකට ළං වෙන වේගය වැඩියි කියලවත් හිතන්න ඕනෑ "දුර පෙනෙන ඇස් දෙකක් නැද්ද?" අද පවතින අඩුම වියදම් සහිත ජංගම දුරකතනයක්වත් ළඟ පිහිටි දුම්රිය නැවතුම් දෙකක් අතර භාවිතා වෙනවා නම් මේ අනතුරු අඩුකර ගන්න පුළුවන් නොවේද? ඔය නියම ආකාරයට පුද්ගලික බස් රියදුරෝ බස් එළවන්නේ. "මචන් උඹ කොහෙද මම අහවල් කිලෝ මීටරේ පහුකළේ, උඹ ගානට වරෙන්, අරූ නම් කපාගෙන යයි වගේ....." කියලා. එහෙම පොඩි දෙයක් ගැනවත් හිතන්න දුම්රිය දෙපාර්තමේන්තුවේ අයට මොළයක් නැද්ද? මේවා දැකලා කෝටි ගානක් වියදම් කරලා කොහේ හරි රටක විසි කරන තාක්ෂණයක් ළඟදීම ගෙනේවි. පුරාජේරු ගහන්න පුළුවන්නේ. (නි)
රටේ සල්ලි කනවා (නි)
සමන්ති, ටැබ්ලට් නැහැ' දැන් මේවට තියෙන්නේ සිග්නල් (නි)
රජයෙ දේපල යනු මුලු මහත් මහජනයාගෙ දේපලයි. එනිසා එය රෑකගන්න ,කඩාකප්පල්කාරීන් හදුනා ගන්න බුද්ධි අංශ අනුයුක්ත කරන්න. නෑතිනම් අනාගතයේදී විශාල ප්‍රස්ණ රෑසකට ජනතාවට මූණදෙන්න සිදුවේවි. ගරු ප්‍රවාහන ඈමති තුමනි, කටින් කියන තරම් ක්‍රියාව ලේසි නොවේ. කාගේත් සුබසිද්ධිය සදහා ගන්නා තීරණ ඉතාමත් කාලෝචිත වනු ඈත. (දී)
ජී.පී.එස් වගේ අලුත් දේවල් පාවිච්චි කරන්නේ නැත්තේ මොකද ? ටෙස්ට් කලා ට කොමිස් නොලැබෙන නිසා කල් ගියාද ? (නදී)
අපි යන්නේ අස්චර්යයට නේ නැතිව තාක්ෂණයට හෝ දියුණුවෙන්න නෙවෙයිනේ ගණන් ගන්න එපා. අනික ඇමැතිතුමාත් ටී.වී එකේ කීවනේ ප්‍රස්න තියනවා කියලා. දැන් බලමු අනිත් එක වෙන්නේ කොහෙද කියලා.(නදී)
නියමයි. ඔහොම යමු! (නි)
ආශ්චර්යමත් දුම්රිය සේවය ! (නදී)
ශ්‍රී ලංකා දුම්රිය සේවයට වැදුනේ කාගේ සාපයද. වහා සොයා බැලිය යුතුය. නැතිනම් සාමාන්‍ය ජනතාවගේ ජිවිත අනතුරේ ,වෙනත් රටවල මෙවැනි දේ සිදුවුවිට ඉල්ලා අස්වන ලොකු ලොක්කන් සිටියාට මේ රටේ එහෙම අය නැහැනේ.(නදී)
මෙය අලුත් දෙයක් කරගෙන දැන් කී වතාවක් හැපුනද නීතියෙන් දඩුවම් දෙන්න මේ මහාජන මුදල් (දී)
මේ ගැන සොයා බලන්න මහ දැන මුත්තට එන්න කියමු.(නදී)
බලධාරීන් නිදිද?? සොයා බලන්න තවත් කමිටුවක් පත් කරයිද?? (ස)
රියදුරු මහත්වරු කාලයක් "පයිලට්" කියලා තනතුරු නාමය වෙනස් කරගන්න සටන් කරා. හරි ගියේ නැහැ. සමහරවිට දුම්රියක් තව දුම්රියකට උඩින් ගුවන් ගත කරලා පෙන්නලාම ඒක ගන්න හදනවද දන්නෙ නැහැ? කොහොම වුණත් සියලුම වෘත්තිකයන් තමන් කරන රාජකාරිය වග කීමෙන් නොකිරීම නිසා තමයි මේවා වෙන්නෙ.අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරලා විතරක් මදි. (ස)
දුම්රිය පෞද්ගලිකකරණය කරන්න ලෝක බැංකු යෝජනාව ක්‍රියාත්මක කරන්න නම් රටේ ජනතාවගේ දුම්රිය දෙපාර්තුමේන්තුව ගැන තියෙන විස්වාසය නැතිවෙන්න ඕනා. මේ වෙන්නේ ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක වීමක්ද කියල හිතල බලනෙක බුද්දිමත් ජනතාවගේ වගකීම.(නදී)
කවුද කියන්නේ මේවට ඇමතිතුමා වග කියන්න ඕනා කියලා. වෙන වැඩ නැද්ද බස් කේච්චි ගැන හොයල බලනවට වඩා.(නදී)
අනේ මන්ද දැන් දැන් අහන්න ලැබෙන්නෙම දුම්රිය බස්රිය තියන ඔක්කොම රියවල් වල අනතුරු,වර්ජන,උත්ගෝසන, මිනිස්සුන්ගේ ඔලුවල් කොලොප්පන් වෙලාද මන්දා. (නදී)
අපේ පරණ ගම....අලුත්ගම ......යන්නත් ඇසි....(නදී)
මේක කුමන්ත්‍රණයක්. (ස)
බබා පාට් දාන පාලක මැදිරිය හා බලධාරීන් මීට වග කිව යුතුයි.(නදී)
අර නිළි නෝනා කෙනෙක්ට දුම්රිය ඇමති කම දුන්න නම් ඕව ඔක්කොම එයාගේ මොලේ පාවිච්චි කරලා විසදනවනේ.(නදී)
මොකද අපේ දුම්රිය සේවයට වෙලා තියෙන්නේ. දවස ගානේ අනතුරු. ගැමි, කියනව වගේ පහසු දුරකතන සේවයක්වත් පාවිච්චි කරන්න බැරිද. යන්නන් වාලේ ගිහින් අනතුරු ඇති කර ගන්නේ නැතිව. ගමන් කරන ජනතාවගේ ජීවිත වගේම මෙයින් සිදුවන අලාභය. ඒ හැමදෙයකටම අන්තිමේට වග කියන්න වෙන්නේ රටේ අහිංසක ජනතාවට.බලධාරින් මේවා බලන්නේ දකින්නේ නැද්ද.? (ස)
කෝසල, සමන්ති කියල තියෙන එක හරි.ඔයා නොදන්නාකම ඒක. ටැබ්ලට් තාම පාවිච්චි කරනවා.සිග්නල් කියන්නේ වෙනම දෙයක්. ටැබ්ලට් එකයි සිග්නල් එකයි කියන්නේ දෙකක්. මේ අනතුරු වලට මුලික වැරදිකරුවා එන්ජිමේ රියදුරු. මෙයාට පුළුවන් මොන සිග්නල් වැරදී වුණත් අනතුරකින් දුම්රිය බේරාගන්ට. (ස) .
අදක්ෂ පරිපාලනයේ ප්‍රතිපල. (ස)
සිදුවෙන දුම්රිය අනතුරු අනුව , 17,000 පමණ වන දුම්රිය සේවකයෝ සියල්ලගේම වැඩ තහනමට ලක්වේවි. (නි)
දැන්නම් වගකිව යුත්තන් ඉල්ලා අස්වේවි ද? (ස)
යුධ සමයේදිත් දිනපතාම අපේ හෙලිකොප්‍ටර් කාර්මික දෝෂ වෙලා යුධ පිටිවලත් බාන්න සිදු වුනා. අද දුම් රිකින් ගමනක් අවසානය දක්වා යන එකත් ජීවිතයේ එක් ජයග්‍රහනයක්. වැරදි නිවරදි කර ගන්නවා නම් හොදටම ඇති. ප්‍රවාහන ඇමති තුමා ඇතුලු මේවට වැරදි කරුවන් වහාම ජාතියෙන් සමාවගෙන ඉල්ලා අස්විය යුතුයි. කරන්න පුලුවන් සුදුස්සන්ට බාර දිය යුතුයි. අවශ්‍ය සංඥා පද්දති නැති නම්, කෝච්චි ටික විනාශ කිරීම ජාතික අපරාධයක්. ඇමැති ගානටම අමාත්‍යාංශ මේවා නඩත්තුවට කරන්න වියදම් පමණි. හරියට වැඩක් නැත.(නදී)
වගකිවයුත්තන් ඉල්ලා අස්විය යුතුයි වගෙයි දැන්නම් (නි)
අනේ! කවුරුත් කලබල වෙන්න කාරී නැහැ, මේ දුම්රිය අනතුරු ගැන. සම්පුර්ණයෙන් වගකිවයුත්තේ ලංකාවට දුම්රිය සේවය හඳුන්වා දුන් සුද්දෝමයි. පසු කාලයේ මෙවැනි අනතුරු සිදුවීමට එදා ඔවුන් විසින් සැලසුම් කළ දරුණු කුමන්ත්‍රණයක ප්‍රතිපලයක් තමයි මේ. (නි)
කෝච්චි පාරේ පීලි ගලවල තියෙන ගල් උඩ තාර දාලා මහා මාර්ග කරමු. දුම්රිය පොළවල් බලාගන්න ඕනේ නැහැ. බයිසිකල් වලිනුත් අපට පරෙස්සමෙන් යන්න පුළුවන්නේ. එතකොට ඔය සිග්නල් කණු ටෙලිපෝන් නඩත්තු වැඩ අඩු වෙනවනේ. ලංකාවට සුද්දෝ දුම්රිය ගෙනාවේ උන්ගේ තේ කෝපි නිෂ්පාදන කොළඹට අදින්න මිසක් මගී ප්‍රවාහනයට නෙමේ..(ස)
අන්දරේ, මහාදැනමුත්තා, කැකිල්ලේ රජු ගෙන් සැදුම්ලත් තුන් පුද්ගල කමිටුවක් මේ සඳහා පත් කරන ලදී. (ස)
"ද සිල්වා බර්ලින්" ඔයා ඉන්න රටේ මේ වගේ අනතුරු සිද්ධ වෙන්නේ නැද්ද? නිකන් මෝඩ අදහස් දාන්න එපා. පිට රටකට ගියාම ඒ රටවල් ලොකු කරගෙන තමුන්ගේ රටට ගරහනවා. (ස)
මේවා අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ. අපි සටන් කරමු,එකමුතුවෙමු,අධිරාජ්‍යවාදීන්, ඇමරිකන් රුකඩ එලවමු. . (දී)
මේවා නම් අනිවාර්යෙන්ම කඩාකප්පල් කාරී දේවල්. අපි නම් රටට බරක් නැතිව කාන්තාරේ අනෙක දුක් කරදර විදගෙන ධනය සොයා දෙන්න උත්සහයක් ගන්නවා. මේ මිනිසුන් වර්ජනය කර කර ධනය නැති කර කර රටත් ජාතියත් ධනයත් විනාශ කර දානවා. (ස)
මම ඉන්නෙත් මේ ද සිල්වා ඉන්න රටේ. මේ රටේ ඔයවගේ අනතුරු මහ මග අදිවේගී මාර්ගවල හා දුම්රිය මාර්ගවල වෙන්නේ නැහැ. ලංකාවේ වගේ දිනපතා අනතුරුවලින් මිනිස්සු මැරෙන්නෙත් නැහැ. මාර්ග වල වාහන පදවන අය නීතිය ගරුකරන අය වගේම වරදක් කලාම දඩුවම් පිළිගන්න අතර සැම කෙනෙකුටම නීතිය එකවගේ. මෙහෙ දුම්රිය. පැයට කිලෝමිටෙර් 300 වේගයෙන් යනවා අදිවේගයේ තමන්ට හැකි වේගයකින් වාහන පදවන්න පුළුවන්. ඉතින් මේ වගේ රටක තත්වයට අපිට කිසිම දිනක එන්න ලැබෙන්නේ නැහැ කණගාටුවෙන් හරි කියන්න වෙනවා.(නදී)
කෝසල, ඔබ රඹුක්කනින් එහාට දුම්රියෙන් ගිහින්ම නැද්ද? ගියානම් ඔය ටබ්ලේට් ක්‍රමය ගැන දැනගන්න පුළුවන්.(නදී)
අම්මෝ දැන් කෝච්චිවල යනවාට වඩා හොදයි පයින් යන එක (දී)