IMG-LOGO

2025 මැයි මස 13 වන අඟහරුවාදා


අලුත්ගම අලුත්වැඩියාවට ගුවන් හමුදාවත් එයි

අලුත්ගම ප්‍රදේශයේ පසුගිය දා ඇති වු කලබලකාරී වාතාවරණයෙන් විනාශයට පත් වු ව්‍යාපාරික ගොඩනැගිලි 35 ක් යළි යථා තත්වයට පත්කිරීමට සහයෝගය ලබා දීමට  ශ්‍රී ලංකාව ගුවන් හමුදාව තීරණය කර ඇත.

ගුවන් හමුදාපති එයාර්  මාර්ෂල් කෝලිත ගුණතිලක මහතාගේ උපදෙස් මත ඒ සඳහා ගුවන් හමුදා සාමාජිකයෝ  110 දෙනෙකු යොදවා ඇත.

මේ පිළිබඳව සොයා බැලීම සඳහා ගුවන් හමුදාපතිවරයා  අලුත්ගම ප්‍රදේශයේ නීරීක්ෂණ චාරිකාවක නිරත වු අතර එහිදී  ඔහු ප්‍රදේශවාසීන් සමග එක්ව  හානි වු ගොඩනැගිලි නිරීක්ෂණය කළේය.

අනතුරුව ඔහු  අළුත්ගම ඛෙල්ලන සංඝාවාසය සහ ධර්මපාල පිරිවෙනේ ඉදිකිරීම් කටුයුතු නිරීක්ෂනය කිරීමට එහි ගියේය. 

එහිදී එම ඉදිකිරීම් කටයුතු සඳහා  ගුවන් හමුදාවේ  ශ්‍රම දායකත්වය සැපයීමට   කටුකුරුන්ද කඳවුරේ ගුවන් හමුදා සාමාජිකයෝ  පිරිසක් යොමු කිරීමටද ගුවන් හමුදාපතිවරයා පියවර ගත්තේය.

මේ සඳහා   ගුවන් හමුදාපතිවරයා සමග ගුවන් හමුදා සිවිල් ඉංජිනේරු එයාර් වයිෂ් මාර්ෂල් සී.ආර් ගුරුසිංහ සහ කටුකුරුන්ද අණ දෙන නිලධාරී විංග් කමාන්ඩර් එම් බාලසුරිය යන මහත්වරුන්ද එක්වුහ.

 1 2 3 4 5 6 7 Aluthgama0


 

 



අදහස් (0)

අලුත්ගම අලුත්වැඩියාවට ගුවන් හමුදාවත් එයි

නන්දන පනාගොඩ මිලානෝ Friday, 08 August 2014 01:59 PM

අත්‍යාවශ්‍ය නොවන සිවිල් කටයුතු වලට බලෙන් හමුදාව යෙදවීම ප්‍රජාතන්ත්‍රවාදී සහ සදාචාර සම්පන්න නොවන ක්‍රියාවකි. (නදී)

:       0       0

එරංග Friday, 08 August 2014 02:59 PM

බොහොම හොඳ තීරණයක් (නි)

:       0       0

බණ්ඩාර Friday, 08 August 2014 06:32 PM

මේකට හමුදාව යෙදවූ එක හොඳයි.මේවා හැදෙනවට අකමැති කට්ටියකුත් ඉන්නවනේ... (නි)

:       0       0

කසුන් Friday, 08 August 2014 06:41 PM

එරංග, ඔබ සමඟ එකඟ වෙන්න අමාරුයි මට. (නි)

:       0       0

නුවන් Friday, 08 August 2014 08:32 AM

රක්ෂණය ගන්න තමන් විසින්ම ගිනි තියාගත්ත කඩත් හදල දෙනවද? (අ)

:       0       0

සම්පත් Friday, 08 August 2014 09:59 AM

ගුටිත් කාල, ගෙවලුත් හදා දෙනවා. මාර මහජාතියක් නේ? (අ)

:       0       0

සමීර සාලින්ද Friday, 08 August 2014 10:15 AM

හමුදාවේ ගෞරවය විනාස නොවේවා (නදී)

:       0       0

ලිසෙනි Saturday, 09 August 2014 12:59 AM

බොහොම හොඳයි. අපේ රණවිරුවන් කැමැත්තෙන් මේවා කරනවා නම් අපිටත් ප්‍රශ්නයක් නැහැ. අපිත් සතුටුයි (නි)

:       0       0

දිනූෂ Friday, 08 August 2014 10:28 AM

රට දිනවලා දුන්නු කොල්ලොන්ට මෙහෙම කරවලා මදි. (නදී)

:       0       0

මහින්ද Saturday, 09 August 2014 02:08 AM

ඔබට අපගේ ප්‍රණාමය! (නි)

:       0       0

සලීත් Saturday, 09 August 2014 02:31 AM

බොහොම හොඳ ක්‍රියාවක්. නමුත් ත්‍රිවිධ හමුදාව යොදාගැනීමට නම් මම ටිකක් අකමැතියි (නි)

:       0       0

කීර්ති Saturday, 09 August 2014 03:44 AM

ඇයි මේ ත්‍රිවිද හමුදාවේ ගෞරවය විනාශ කරන්නේ.......ගෙවල් හදනවා ,උද්‍යාන පවිත්‍ර කරනවා....එතකොට නගර සභා වලට ගත්ත සිවිල් සේවකයන්ට තිබෙන රාජකාරිය කුමක්ද.(අ)

:       0       0

ප්‍රසාද් Saturday, 09 August 2014 05:03 AM

ගුවන් හමුදාවත් ඉවරයි (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ගල්කිස්සේ තරුණයා ඝාතනයට හවුල් දෙකක් මාට්ටු
2025 මැයි මස 13 174 0

ගල්කිස්සේදී මාර්ගයේ පවිත්‍ර කරමින් සිටි 19 හැවිරිදි තරුණයකුට පසුපස එළවමින් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගු


විදෙස් ශ්‍රමිකයන්ගෙන් ලොකු තෑග්ගක්
2025 මැයි මස 13 527 0

මෙම වසරේ ජනවාරි පළමු වැනිදා සිට අප්‍රේල් මස 31 වැනිදා දක්වා කාලයේදී රැකියා සඳහා විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ඇමෙරිකානු ඩොලර් බිලියන 2.46 ක් මෙරටට


තරුණියක ගින්නට අසුව මියයයි
2025 මැයි මස 13 1724 0

කොට්ටාව විහාර මාවතේ නිවසක තනිව සිටි 19 හැවිරිදි තරුණියක ගින්නකට හසු වී මිය ගොස් ඇතැයි කොට්ටාව පොලිසිය පවසයි.


අලදෙණියේ බස් අනතුරක් 29ක් රෝහලට
2025 මැයි මස 13 1588 0

අලදෙණිය කුළුගම්මන කුරුඳුගහමඩ ප්‍රදේශයේදී සිදු වූ බස් රථ අනතුරකින් පුද්ගලයන් 29 දෙනකු තුවාල ලබා රෝහල් ගතකොට ඇති බව පොලීසිය කියයි.


පළාත් කිපයකට වැසි වාර කිපයක් ඇති වේ
2025 මැයි මස 13 120 0

බස්නාහිර, සබරගමුව,සහ වයඹ පළාත්පලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.


කොළඹ පුර සබෙි බලය තාම වැට උඩ
2025 මැයි මස 13 1405 0

ප්‍රධාන පක්ෂ එකකටවත් සියයට පනහ ඉක්මවා ගිය ඡන්ද ප්‍රතිශතයක් නොලැබුණු කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවීම සඳහා ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර මේ වන වි


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1238 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1515 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 397 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site