වෛද්‍ය පරිපාලකයන් නියෝජනය කරන බව කියන කණ්ඩායමකට නොරැවටෙන ලෙස රජයේ වෛද්‍ය නිලධරයින්ගේ සංගමය වෛද්‍යවරුන්ගෙන් හා මහජනයාගෙන් ඉල්ලීමක් කරයි
වෛද්‍ය පරිපාලකයින්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින සංසදයට නීත්‍යනුකූල තත්ත්වයක් නැතැයි සංගමයේ ප්‍රකාශක වෛද්‍ය නවීන් ද සොයිසා කියයි.
රජයේ වෛද්‍ය නිලධරයන්ගේ සංගමය පරිපාලකයින් හා ශ්‍රේණිගත වෛද්‍ය නිලධරයින් නියෝජනය කරන බවත් වෛද්‍ය පරීපාලකයින්ගේ නියෝජිතයින් ලෙස ඉබේම පත් කැර ගත් පිරිසට කිසිම නිත්‍යනුකූල ස්ථාවරයක් නැති බවත් ඔහු කියයි.
බොරැල්ලේ රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ තනතුර සම්බන්ධයෙන් පැවැති ප්‍රශ්නය ගැන හදිසි මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වු බවත් එසේ කළේ නව අධ්‍යක්ෂවරයා වැඩ භාරගැනීමෙන් පසුව බවත් ඔහු පවසයි.
එම රෝහලේ අධ්‍යක්ෂක එම තනතුර බලෙන් අත්පත් කැරගෙන සිටි බවත් එම කණ්ඩායම කියා ඇතැයිද එහෙත් වැඩ බලන අධ්‍යක්ෂවරුන් ලෙස එම කණ්ඩායමේ ඇතැමුන් බලයෙන් තනතුරුවල රැදී සිටින බවට රජයේ වෛද්‍ය නිලධරයින්ගේ සංගමය කියයි .
ජාතික මානසික සෞඛ්‍ය ආයතනයේ පරිපාලනයේ සුදුසුකම් ද ප්‍රශ්න කරන ලෙස ඔහු වෛද්‍ය පරිපාලන කණ්ඩායමට කියයි.
‘ඔවුන් අපක්ෂපාතී යැයි කිව හැක්කේ එවැනි දෙයක් කළහොත් පමණි .‘
මෙම කණ්ඩායම ක්‍රියා කැර ඇත්තේ පෞද්ගලික ලාභ අපේක්ෂාවෙන් තමන්ට හිතවත් කණ්ඩායමක් නඟා සිටුවීමට මිස සෞඛ්‍ය සේවයේ යහපත සඳහා නොවේ යැයි වෛද්‍ය නවීන් ද සොයිසා පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වත්මන් පාලනය කරන එක විශාලම ද්‍රෝහී කමක් තමයි රටේ ආයතන, ප්‍රධාන දේශපාලන පක්ෂ, භික්ෂු සමාජය, විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් දෙකඩ බෙදීම. බෙදා වෙන්කර පාලනය සුද්ද කරගන ගියාට අපේ අධිරාජ්‍ය විරෝධී "අඬහැරය" කොහොමද මේ වගේ පාලන ක්‍රමයකට නිහඬව දර දිය අදින්නේ? (අ)
එතකොට ඔයාල වැඩ කරන්නේ සෞඛ්‍ය සේවයේ යහපත සඳහා වෙන්න ඇති.(නදී)
මේ කට්ටිය උගතුන්ද බුද්ධිමතුන්ද? මහජනතාවට නම් ප්‍රශ්නයක් තිබෙනවා. මේ උදවිය නම් කරන්නේ බාල වැඩවල ඉස්තරම්ම හොඳම එක වගේ. (අ)
දොස්තරලගේ සංගමයත් දෙකට කැඩෙන්න වගේ . රටට හොඳක් සිද්ධ වෙයි වගේ (අ)