
(අංජුල මහික වීරරත්න)
සමථ කරණ (සිවිල් සහ වාණිජ ආරවුල්) පනත් කෙටුම්‍පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
වාණිජ සමථ කරණය සඳහා මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම පිණිස විශේෂයෙන්ම සකස් කරන ලද 2000 අංක 44 දරන වාණිජ සමථකරණ මධ්‍යස්ථාන පනත තාක්ෂණික හේතු සහ සීමාවන් කිහිපයක් හේතුවෙන් ක්‍රියාත්මක කිරීමට නොහැකි වී ඇත. එබැවින්, අදාළ පනත පරිච්ඡින්න කිරීම, වාණිජ සමථකරණය පවත්වා ගෙන යාම සම්බන්ධයෙන් අවම ප්‍රමිතින් ඇතුළත් කිරීම සහ අදාළ නියමයන් සපුරාලීමට යටත්ව අධිකරණ පද්ධතිය මඟින් සමථකරණ විසඳුම් බලාත්මක කිරීමට අවශ්‍ය විධිවිධාන සැලසීම යන අරමුණු සහිතව නව පනත් කෙටුම්පතක් සකස් කිරීම සඳහා 2022-12-05 දින අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී තිබේ.
ඒ සම්බන්ධයෙන් වර්තමාන අමාත්‍ය මණ්ඩලය විසින් ද 2025-02-09 දින සිය ප්‍රතිපත්තිමය අනුමැතිය ලබා දී ඇත.
ඒ අනුව, නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති සමථකරණ (සිවිල් සහ වාණිජ ආරවුල් ) පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය පිණිස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
2025 නොවැම්බර් මස 04
598
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2303
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1711
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අලුත් සමථකරණ පනත පාර්ලිමේන්තුවට