IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


අලුත් සිංදුවක් කළොත් කියන්නම්කෝ

2016-05-06-ent-93

2016-05-06-ent-98යෞවනයේ ළාබාල ගායිකාවක වන ජිත්මි අබේරත්න "රෑට මං හීනෙන් ඇවිදින්" ගීතයත් සමග බොහෝ ජනප්‍රියත්වයට පත්විය. එසේ ජනප්‍රියත්වයට පත් වුවත් පසුගිය කාලයේ ඇගේ හඬ අවදි නොවූ තරම්. ඒ පිළිබඳව අපත් සමග ඇය පැවැසුවේ මෙවන් අදහසක්.

 

මේ දවස්වල තොරතුරු?

පසුගිය දවස්වල පැවැත්වූ සිරස queen තරගයට සහභාගී වුණා. ඉතිං ඒ මාර්ගයෙන් තවත් අවස්ථාවක් ලැබුණා අවුරුදු වැඩසටහනක් කරන්න.

 

සංගීතය පැත්තෙන් ඈත්වුණාද?

නැහැ. ඈත්වෙලා නැහැ. මම කලින් කිවුව වැඩසටහනත් සංගීතය එක්ක යන වැඩක්.

 

අලුතින් සිංදුවක් එළිදක්වන්න අදහසක් නැද්ද?

මම පහුගිය අවුරුද්දෙම සිරස කුමරිය එක්ක සම්බන්ධ වෙලා හිටපු නිසා සිංදු කරන්න වෙලාවක් තිබුණෙ නැහැ. ඉස්සරහට බලමු.

 

එළිදැක්වූ ගීත සඳහා ලැබුණු ප්‍රතිචාර කොහොමද?

මම ගීත පොඩි ප්‍රමාණයක් කරලා තියෙන්නේ. ඒකෙන් වැඩියෙන්ම ප්‍රසිද්ධියට පත්වුණේ රොමේෂ් සුගතපාල එක්ක කරපු %රෑට මං^ කියන ගීතය. ඒක එළිදැක්වූවේ 2011 වසරේ. අදටත් මට ගොඩක් අය ආදරය කරන්නේ ඒ සිංදුව නිසා.

 

රසිකයන් වෙනුවෙන් ඉදිරියේදී මොනවද කරන්න ඉන්නේ?

මෙහෙමයි, මම ඉස්සරහට වෙන්න තියෙන ඒවා සැලසුම් කරන්නේ නැහැ. මොකද ඒ දේ වුණේ නැත්නම් දුක හිතෙන නිසා සහ දෙයක් කරනවා කියලා පොරොන්දු දීලා කරන්න බැරිවුණොත් කියන බයටයි. අලුත් සිංදුවක් කළොත් අනිවාර්යෙන්ම කියන්නම්කෝ.

 

ඩිලාන් ක්‍රිෂාන්ත / ඡායාරූප - චානුක කුලසේකර

 

2016-05-06-ent-90
2016-05-06-ent-91
2016-05-06-ent-92
2016-05-06-ent-94
2016-05-06-ent-95
2016-05-06-ent-96
2016-05-06-ent-97

 



අදහස් (0)

අලුත් සිංදුවක් කළොත් කියන්නම්කෝ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 747 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site