ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබ`ද මහජන අදහස් සඳුදා (18) සිට ආරම්භ කිරීමට නියමිතය.
මහජන අදහස් විමසීමේ කමිටුවේ කොළඹ දිස්ත‍්‍රික් සැසිය කොළඹ කොම්පඤ්ඤවීදියේ, ස්ටේපල් වීදියේ ‘විසුම්පායේ‘ දී සඳුදා (18) සිට ලබන 22 වැනි දා දක්වා පෙරවරු 9.30 සිට පස්වරු 4.30 දක්වා පැවැත්වෙන බවත් වාචික යෝජනා හා අදහස් ලිඛිත සාරාංශයක් ලෙසද ඉදිරිපත් කරන ලෙස කමිටුව ඉල්ලීමක් කරයි.
සභාපති, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පිළිබ`ද මහජන අදහස් විමසීමේ කමිටුව, ලේකම් කාර්යාලය, කොළඹ 02 ලිපිනයෙන් හෝ 011 2437676 දුරකථන අංකයෙන්, 0112328780 ෆැක්ස් අංකයෙන්, [email protected] යන විද්‍යුත් ලිපිනයෙන් හෝ yourconstitution.lk වෙබ් අඩවිය ඔස්සේ ද මෙම කමිටුව සම`ග සම්බන්ධ විය හැකි බව රජය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මමත් යනවා... (නි)
දැන් ඉතින් අපේ අදහස් ඇත්තටම ඇතුළත් කරයිද? (නි)
නව ව්‍යවස්ථාව සම්මත කිරීමෙන් පසු රටට විශාල වශයෙන් මුදල් ගලා එනබව එරාන් වික්‍රමරත්න ගිය සතියේදී පවසා තිබුණා.ඒවා කොහෙන්ද ,කාගෙන්ද ? කරුණ කරලා කියන්න . මොනවා නැතත් රට බටහිරට උගස් කරන්නනම් එපා .අනාගතයේ රට මහා අවුලකට පත්වෙනවා ඒකාන්ත යි (බ)
මහජන අදහස් යැයි කියා ඔය කීපදෙනෙකුගෙන් අදහස් ගත්බව කියා රහසිගතව ආණ්ඩුවට ඕනා හැටියට ව්‍යවස්ථාව සම්මත කරගන්නයි බලන්නේ. එහෙම කරන්න දෙනා නොදී ජනමත විචාරණයක් දක්වා මය ගෙනයා යුතුයි. අපේ රටේ ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදී නම් ජනමත විචාරණයකට යා යුතුමයි. (බ)