IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


අලුත් මනාලියත් බාප්පාත් දිය රකුසාට බිලි

(පද්මා කුමාරී කංකානම්ගේ  සහ හිරාන් ප්‍රියංකර ජයසිංහ)

සති අන්ත නිවාඩුව විනෝදයෙන් ගත කිරීමට නව විවාහක යුවළක් ඇතුලු ඥාතී පිරිසක්,ගගේ වාඩිය මෝය කටේ දිය නෑමට ගොස්, මනාළිය අතුරුදන්ව ඇය බේරා ගැනීමට ඉදිරිපත් වූ බාප්පා දියේ ගිලී මිය ගොස් ඇතැයි වනාතවිල්ලුව පොලීසිය කියයි.

මියගොස් ඇත්තේ අතුරුදන්වූ මනාළියගේ  බාප්පා වූ එම්.ෆරීන් (42 ) නැමැත්තෙකි. දියේ ගිලී  අතුරුදන්වු අෆ්සානා (22)  ද තවමත් සොයාගෙන නොමැති බව පොලීසිය කියයි.

මන්නාරම කල්පිටිය වන්නි මුන්දලම මොහොමදියා පුරම් ගමට නොබෝදා කැන්දා ගෙන ආ 22 හැවිරිදි අෆ්සානා,ඇගේ සැමියා සහ ඥාති පිරිස ඩිංගි යාත්‍රාවකින් කල්පිටිය කළපුව ඔස්සේ ගගේ වාඩිය මෝය කටේ දිය නෑමට ගොස් සිටියදී මෙම අනතුරට මුහුණපා තිබේ.

අතුරුදන්ව සිටින අෆ්සානා සොයා ,නාවුක හමුදා ක්ෂණික ක්‍රියාකාරී යාත්‍රා බළ ඝණයේ නාවිකයින් මෙහෙයුම් ක්‍රියාත්මක කොට ඇත. 

(ඡායා හිරාන් ප්‍රියංකර) 

මියගිය  එම්.ෆරීන්

අතුරුදන් අෆ්සානා



අදහස් (3)

අලුත් මනාලියත් බාප්පාත් දිය රකුසාට බිලි

Rish Monday, 05 May 2025 01:14 AM

අපරාදේ මේ ජීවිත. රටේ, ලෝකේ යහපතට, අනාගතේට කොයි තරම් ප්‍රයොජනවත් වෙන්න තිබුනද ජීවත් වෙන්න තිබුනා නම්? කමක් නෑ, දිව්‍ය ලොකේ සැපට ඈති, අපිටත් ඒ ඈති!

:       1       1

Perera Monday, 05 May 2025 07:16 AM

මෝය කටේ දිය නාන්න මුන්ට පිස්සුද ?

:       0       4

Bunny Preena Monday, 05 May 2025 11:31 AM

දියේ ගිලීම නිසා සිදුවන මරණ සම්බන්ධව නිතර නිතර අහන්න ලැබෙනවා. නමුත් සිදුවන මරණවල අඩුවක් නැහැ. මිනිස්සුන්ගේ මෝඩකමද? එහෙමත් නැතිනම් පණ්ඩිත කමද?

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 482 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 253 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1049 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site