මේ වසරේ තවත් බදු වැඩි නොකරන බවත් දැනට පනවා ඇති බදු තාවකාලික බවත් එම බදුද ළිහිල් කරන බවත් මුදල් ඇමැති රවී කරුණානායක මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
මන්ත්‍රී උදය ගම්මන්පිල මහතාගේ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැති එසේ කීය.
‘මම ඔබට සුබ පතනවා. හෙට දිනයේ සුබ පතනවා‘ යැයි ගම්මන්පිල මහතා කීවේය.
රවී කරුණානායක මහතාට එරෙහිව බදාදා (8) ඉදිරිපත් කරන විශ්වාසභංග යෝජනාව ගැන ගම්මන්පිල මහතා එසේ කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලන් ඉමුකෝ අඩු කරයිද කියලා.(හේ)
අයවැයක් අවශ්‍යම නැහැ දැන්නම්. ජනවාරියේ අයවැයක් ගේනවා, එකත් සම්මත වුනේ ගේනවා එකට වැඩ සම්පුර්ණයෙන්ම වෙනස් එකක්. ඊට පස්සේ මාසෙන් මාසෙට අලුත් අලුත් බදු, අලුත් මිල සංශෝදන. (හේ)
ත්‍රිරෝද වලට දාපු බද්ධ අඩුකන්න එපා අපිට පාරේ යන්න බැහැ මේ කට්ටිය නිසා. (ර)
මෙයාලා කියපු දේවල් නොවෙයි කරන්නේ. (ර)
කළමනාකරණය කලයුතු දේවල් හරිහැටි ඵලදායි ලෙස නොකර තව තව බදු ගැසීම පමණයි දේශපාලකයෝ කරන්නේ. (ර)
ත්‍රිවිල්වල මෝටර් සයිකල් වල පරණ ඒවා ධාවනයෙන් ඉවත් කලානම් නේද හොඳ. (ර)
අපිට ඔය කතා වැඩක් නෑ.(හේ)
පක්ෂ බේදයකින් තොරව මේ මහත්තයා හෙට පරාද වේවා කියලා ප්‍රර්ථනා කරමු..එතකොටවත් සුදුස්සෙක් පත් වේවි. (බ)
මිනිස්සු දැන් ආයේ අහු වෙන්නේ නෑ.(හේ)
හංසනීගේ කතාවට මමත් එකඟයි.(හේ)
අලුත් බදු නෑ,තියෙන බදුත් ළිහිල් කරනවා, හඳෙන් හාලුත් ගෙනත් දෙනවා... (හේ)
මේ පළ දෙන්නේ කවුරු කරපු වැරැදීද කියලා ඉස්සෙල්ලා හිතන්න, (හේ)
මේ අය රටේ සාමාන්‍ය ජනතාව ගැන කිසිම අවබෝදයක් නැහැ.(හේ)
ඕකව පරද කරලා දාන්න ඡන්දය දෙනවා නම් දෙන යට පින් සිද්ධ වෙනවා (හේ)
කවදද ඔය බදු අඩු කරන්නේ.(හේ)
බදු ගෙවා ගන්න පඩියෙන් අපි 49.7% නැවත බදු ගෙවලා ඉනේර්නෙට් යනවා, කෝල් කරනවා. මෙය කියනවා තවත් බදු ගහන්නේ නැහැලු.. අපිත් කතිරේ ගහන්නේ නැහැලු.(හේ)
ඇත්ත ඡන්දය කිට්ටු වෙලා අඩු කරයි අපි අහුවෙයි ඕවාට එන්නකෝ ඡන්දයක් දෙන්නම් (හේ)
අද සුරංගනා කතා කියනවා වගේ..(හේ)
කාවද මේ අන්දවන්න හදන්නේ? කරපු හරිය හොඳටම ඇති. බොරුව හැමදාම රජ කරවන්න බැහැ මහත්තයෝ? (බ)
බයට කියවෙනවාවත්ද? (බ)
මෙයා කිළිනොච්චි යනවා කියලා යන්නේ මැදවච්චි. බදු ලිහිල් කරනවා කියල තද කරනවා. (බ)
මහා පොළොවේ පය ගහලා නැති අය බලයට ගෙනාපු අයට හොද වැඩේ. (හේ)
දැන් ඔය කතා අහලම එපා වෙලා.(හේ)
තව මොනවා වැඩි කරන්නද... ඔය කරපුටික මදැයි... (ර)
දේශපාලකයෝ , විශේෂයෙන්ම කියන දේවල් නෙමෙයි වැදගත් වෙන්නේ කරන දේවල් . මෙතෙක් කියපු සහ කරපු දේවල් වල හැටියට කොහොමද අපි මේ කතා විශ්වාස කරන්නේ ? (ර)
කියන දේවල් වෙනවද?(හේ)