මෑතකාලීනව නිරූපණ ක්ෂේත්‍රයේ ජනප්‍රිය චරිතයක් ලෙස මල්ෂා ශලනි ජයවර්ධන හඳුන්වන්න පුළුවන්. බොහෝ පුවත්පත්වල මෙන්ම මෑත කාලෙ එළිදැක්වූ ගීත රූපරාමුවල බොහෝවිට ඇයව ප්‍රේක්ෂකයන්ව නිතර දකින්නට ලැබෙනවා. ඊයේ (මාර්තු 21දා) දිනයේදී ඇය රංගනයෙන් දායක වූ ගීතයක්ද එළිදැක්වූ අතර, ඇගේ ඉදිරි කලා කටයුතු පිළිබඳව මෙලෙස හඬ අවධි කළාය.
"මේ දිනවල රැකියාවේ කටයුතු නිසා වෙනත් වැඩවලට දායක වීම ටිකක් අඩු වෙලා තියෙන්නේ. ඊයේ (මාර්තු 21දා) දිනයෙත් මං රංගනයෙන් දායක වුණු සම්පත් අනුරුද්ධගේ 'රිදෙන තැනටම" කියන ගීතය එළිදැක්වුණා. ඊට අමතරව ඉදිරියේදීත් ගීත කිහිපයක් සඳහා රංගනයෙන් දායක වෙන්න තියෙනවා. මේ දවස්වල ඉතිං මේ ටික තමා කියන්නෙ තියෙන්නේ. අලුත් දෙයක් තිබුණොත් අනිවාර්යයෙන්ම ඔයාලට කියනවා."
ඡායාරූප අනුග්‍රහය - මල්ෂාගේ ෆේස්බුක් ගිණුමෙන්



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ බොහෝම සාර්ථක විදිහට මේ ගීතය සඳහා රංගනයෙන් දායක වෙලා තියෙනවා. ඉදිරි අනාගත ජීවිතයේ දියුුණුව සඳහා ඉත සිතින් සුබ පතමි.! (ර)