
(අංජුල මහික වීරරත්න)
නව ත්‍රස්ත විරෝධී පනත කෙටුම්පත් කිරීම සදහා පත් කළ කමිටුව සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතයින් සමඟ සාකච්ඡාවක් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශයේ දී පැවැත්විණි.
කමිටුවේ සභාපති ජනාධිපති නීතීඥ රියෙන්සි අර්සකුලරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාවට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතයෝ Zoom තාක්ෂණය ඔස්සේ සහභාගී වූහ.
මෙම සාකච්ඡාවේදී එක්සත් ජාතින්ගේ සංවිධානයේ නියෝජිතයින් නව පනත් කෙටුම්පත සකස් කිරීමේ කටයුතු සම්බන්ධයෙන් ඉතා යහපත් ප්‍රතිචාර දක්වා සිටි අතර එහිදී ඒ සම්බන්ධයෙන් අර්ථ නිරුපණ පිළිබඳ විමසා සිටියේය.
ත්‍රස්තවාදය වැලැක්වීම සම්බන්ධව අර්ථ නිරුපණය කිරීමේදී එය මෙරටට මෙන්ම ජාත්‍යන්තරයට ද සුදුසු ආකාරයේ අර්ථ නිරුපණයක් විය යුතු බව මෙහිදී සාකච්ඡා වු අතර ශ්‍රී ලංකාවට ටැන්සානියාවේ පවතින ත්‍රස්ත විරෝධි පනතේ අඩංගු අර්ථ නිරූපණය සුදුසු දැයි අධ්‍යයනය කළ යුතු බව යෝජනා වීය.
ත්‍රස්ත විරෝධි පනත කෙටුම්පත් කිරීමේදී ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබා දී ඇති නිර්දේශ ද ඇතුලත් කිරීම කෙරෙහි මෙම සාකච්ඡාවේදී කරුණු ඉදිරිපත් විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොම හරි කොටින්ව උස්සලා ගමු සහෝ... අන්තිමට ඒකවත් කළා කියන්න පුළුවන් නොවැ...!
ශ්‍රී ලංකාවට ටැන්සානියාවේ ත්‍රස්ත විරෝධී පනතේ අර්ථ නිරූපණය සුදුසුයි කියන්න වෙනත් රටක පුරවැසියන්ට තිබෙන අයිතිය කුමක්ද? ඔවුන්ට අවශ්‍ය සියලුම දේ එම රටවල පනත් වලට ඇතුළත් කර අපිට මානුෂීය කරනු සලකා බැලීමට උපදෙස් දීම මෝඩ වැඩකි...