සෞදි අරාබියේ නව ශ්‍රී ලංකා තානාපති ලෙස පළපුරුදු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියකු වන වඩිවෙල් ක්‍රිෂ්ණමූර්ති මහතා මැයි විසි වැනි දින සෞදි අරාබියට පැමිණීමට නියමිත බව රියාද් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ආරංචි මාර්ග සඳහන් කරයි.
අවසන් වරට දකුණු ඉන්දියාවේ චෙන්නායි නුවර නියෝජ්‍ය මහ කොමසාරිස් ලෙස කටයුතු කළ ක්‍රිෂ්ණමූර්ති මහතා විදේශ දූත මණ්ඩල සේවයේ විසි වසරක පලපුරුද්දක් ඇත්තෙකි. ඔහු වසර 33 රාජ්‍යය සේවයේ යෙදී ඇති නිලධාරියෙකි.
එක්සත් ජාතීන්ගේ සංගමය, චීනය, නෙදර්ලන්තය, බංගලාදේශය ඇතුළු විවිධ රටවල › ලංකාව නියෝජනය කර ඇති ක්‍රිෂ්ණමූර්ති මහතා දකුණු ආසියාතික සහයෝගිතා සංගමයේ අධ්‍යක්ෂ ජනරාල් වශයෙන්ද කටයුතු කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම හිතනවා මේ පත්වීම හොඳ තේරීමක් වෙන්න පුළුවන් කියල. (ත)
බලමු මෙයාවත් මොනවා හරි කරයිද කියලා දුක් විඳින ජනතාවට. (ත)
වෙනත් ජාතියක කෙනෙක් යවපු එක හොදයි. මොකද මුස්ලිම් අය අරාබියට ගියාම ඒගොල්ලොත් සුල්ආන්ලා වගේ තමයි ලාංකිකයන්ට සලකන්නේ.. (නි)
අපේ දුක් විඳින කොල්ලෝ කෙල්ලෝ ටික වෙනුවෙන් අනේ යමක් කරන්න (නි)
නව තානාපතිතුමාට අපෙන් උණුසුම් සුබ පැතුම්! සෞදියේ දුක්විඳින විදේශ සේවකයෝ නැහැ, කසිප්පු පෙරන අයයි අනාචාරේ හැසිරෙන අය සහ නිවෙස්වලින් පැනයන අය තමයි දුක්විඳින්නේ. (නි)
ෂෙරිෆ්,මෙහෙ මිනිස්සු ආසාවට දුක් විදින්නේ නැහැ. නොදන්නා දේ කතා කරන්න එපා. මමත් දැන් අවුරුදු 3 සවුදියේ ඉන්නේ. මමත් දන්නවා එම්බසි එකේ අයියලා කරපු දේවල්. (නි)
කවුරු ආවත් කළ යුත්තේ රටවල් දෙක අතර හොඳ සම්බන්ධයක් පවත්වා ගැනීමයි. මෙරටට එන ශ්‍රී ලාංකිකයින්ගේ රැකියා සුරක්ෂිතතාව තහවුරු කිරීම හා සාධාරණ වේතන ආදිය විශේෂයි. ඒවගේම සෞදි පුරවැසියන් අපේ රටට හරිම කැමතියි. සංචාරක ව්‍යාපාරය ගැනත් හිතුවොත් හොඳයි. (නි)
ගරු නව තානාපතිතුමාට අපේ උණුසුම් සුබ පැතුම්! මේචර කල් වෙන කට්ටියක් රජ කරපු තානාපති කාර්යාලය ඔබතුමාගේ අතට පත්වීම අපේ සතුටට කාරණයක්. ඔබතුමාගේ සියලුම වැඩ කටයුතු වලට චිත්ත ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. (නි)
ෂෙරිෆ්, ඔයා ඉන්නේ සෞදියේද? නැත්නම් සුරංගනා ලෝකයකද? (නි)
හොද කෙනක් නම්,අවංක නම්,හොද සේවයක් කරනවා නම්,මොන ජාතිකයක් වුණත් මොකෝ? සිංහල ජාතිකයක්ම ඕනෑද? අපෝ අපේ සිංහලයෝ රට පාවා දෙන්න බලාගන ඉන්නේ (නි)
මගේ සුබ පැතුම්. (නි)
ඉස්සර හිටපු රජතුමන්ලගේ කාලේ ඉදලා මුස්ලිම් රටවල්වලට තානාපතිකමට යැව්වේ මුස්ලිම් ජාතිකයො නේද?ඉන්දියාව නිදහසේ සිට සෞදි අරබියාවට තානාපති හැටියට යවන්නේ මුස්ලිම් ජාතිකයනුයි. කමක් නැහැ. සුබ අනාගතයක් අපේ රටවැසියන්ට. (නි)
මමත් සුභ පතනවා මෙතුමාට. හැබැයි ඉතින් හොදින් අරාබි භාෂාව කතා කරන්න, හසුරුවන්න පුළුවන් වෙන්න ඕනෑ (නි)
සිහලා වුණත් ජඩයෙකු නම් පහරදෙනු දෙමළා වුණත් උතුමෙකු නම් නම් ගරු කරනු ජාතිය කුලය ආගම ගැන නොගරහනු ගුණ නැණ විරිය ඇත්තන් මුදුනටම ගනු (නි)