කටුනායක අධිවේගී මාර්ගය ඉදිකිරීමත් සමග කොළඹ නගරයේ උද්ගතව ඇති රථ වාහන තදබදයට පිළියමක් ලෙස කැළණි ගඟ හරහා නව පාලමක් ඉදිකිරීම සදහා වන ගිවිසුමකට ජපානය හා ශී‍්‍ර ලංකාව පසුගියදා අත්සන් තැබීය.
පාලම සදහා වැයවේයැයි අපේක්ෂිත මුදල රුපියල් කෝටි 4550 කි.එම මුදල ජපන් රජයෙන් විශේෂ ණයක් ලෙස ලබාගැනීමට නියමිතය.ඉදිකිරීම් කටයුතු සිදුකරනු ඇත්තේ ජපාන අන්තර්ජාතික සහයෝගීතාව සදහා වන ඒජන්සිය (ජයිකා) ආයතනයයි.
ගිවිසුමට ශී‍්‍ර ලංකාව වෙනුවෙන් අත්සන් තැබුවේ මුදල් හා ක‍්‍රම සම්පාදන අමාත්‍යංශ ලේකම් ආචාර්ය පී.බී.ජයසුන්දර මහතාය.ශී‍්‍රලංකාවේ ජපාන තානාපති නොබිහුටෝ හොබෝ මහතා ජපාන රජය වෙනුවෙනුත් ජයිකා ආයතනයේ ශී‍්‍ර ලංකා නියෝජිත කියෝෂි අමාඩා මහතා එම ආයතනය වෙනුවෙනුත් ගිවිසුමට අත්සන් තැබීය.
ඉදිකෙරෙන නව පාලමෙන් කටුනායක අධිවේගී මාර්ගයේ සිට පැමිණෙන රථ වාහන සෘජුවම කොළඹ නගරය කරා යොමුකෙරෙනු ඇති බව සදහන්ය.එමෙන්ම කොළඹ නගරයේ සිට පිටත්වන රථවාහන වලට තදබදයකින් තොරව කටුනායක අධිවේගී මාර්ගයට පිවිසීමටත් නව පාලම ආධාරයෙන් හැකිවනු ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ වැඩක්. කන බොන එක ගැනම හිතන,කොච්චර පඩි වැඩි වුණත් මදි අයට නම් මේවා ටිකක් ඉවසන්න බැරි වැඩ තමා. එහෙත් මෙවැනි දේවල් රටේ ඇති වෙන්න ඕනෑ. ජය වේවා! (නි)
නියමයි... (නි)
රට දියුණු වෙනවා කියන්නේ මේවට තමයි. මේකෙන් දේශපාලන වාසි ගන්න අයට ඒකත් එක සටන් පාඨයක් වෙනවා. නමුත් බුද්ධිමත් ජනතාවට තේරෙනවා තිබෙන වටිනාකම. කන බොන එක ගැනම හිතන එකයි අපේ මිනිසුන්ගේ වැඩේ (නි)
අපේ රටේ පුදුම මිනිස්සු තමයි ඉන්නේ. හොඳ වැඩක් කළත් හොඳක් අහන්න බැහැ (නි)
මෙය වසරේ විශිෂ්ටතම කාර්යය වේවි. (නි)
නැවතත් ණය අරගෙන මේ දේවල් කරනවට වඩා වියදම් අඩුකරගෙන ඉදිරියට යන එක හොඳ නැද්ද? (නි)
මම මොකුත් කියන්න උත්සාහ කරන්නේ නැහැ (දී)
පාලම නම් ලස්සනයි. (ස)
මේකට අදහස් දාන ගොඩක් දෙනා කිසිම තේරුමක් නෙතුව ඔහේ ලියනවා. රටක් දියුණු වෙනකොට අනිත් හැම දෙයක්ම දයුණු විය යුතු බව සමහර ඇත්තෝ දන්නේ නැහැ. අපේ මිනිසුන් කවදාවත් ලෝකය දිහා ඇස් ඇරලා බලන්නේ නැහැනේ. (දී)
අපේ සිංහලයට ඔනේ බඞ පුරවගන්ඞ විතරයි (දී)
ඇයි මෙච්චර ණය ගන්නේ? (නි)
මේක අප්‍රේල් පළවැනිදාට දාපු එකක් එහෙම නෙමෙයි නේද? (නි)
මෙන්න කරනවානම් වැඩ නියමයි (දී)
හොදයි (දී)
මම මේ කියන්නේ මේ සල්ලි වලින් පාරක් වත් නැති ගමකට ගිහිල්ලා ඒ ගමේ පාරවල් ටික හදන්න (දී)
මේක ඉක්මණට හදලා අවසන් වෙයිද දන්නෙ නැහැ (නි)
මේ ණය ගෙවන්නේ කව්ද ? (දී)
අලුතින් පාලමක් එක් වූ පමණින් වාහන තදබදය අඩු වීමක් බලාපොරොත්තු විය නොහැකියි. අග නගරය ඇතුළත අලුත් මාර්ග පද්ධතියක් නිර්මාණය වීම වැදගත්. (ස)
වාහන තදබදය නිසා විකල්ප අවශ්‍යයි තමයි. නමුත් වියදම වැඩියි (නි)
රටට හොදක් වෙනවනම් හොදයි නමුත් වැය කරන ගණන වැඩියි නේද (දී)
මම නම් හිතන්නේ අපිට පුළුවන් නම් මිනිසුන්ගේ ආකල්ප වෙනස් කරන්න,තමාගේ පෞද්ගලික රථ වෙනුවට සුඛෝපභෝගී පොදු ප්‍රවාහන සේවයක් ඇති කරන්න, මීට වඩා විශාල මුදලක් ඉතිරි කරගන්න පුළුවන්. හොඳම විසඳුම එය බවයි මට නම් හැඟෙන්නේ. (නි)
ණය ගත්තා වගෙ නෙමෙයි පොලිය ගෙවන්න ගියාම. දැනටමත් බඩු මිල අහස උසට. (දී)
හොඳ වැඩක් වැරද්දක් කියන්නේ නැහැ (දී)
නියමයිනේ, මෙදා පාරත් අපි ඡන්දෙ දෙන්නම්කෝ. හැබැයි ඔයාලට නෙමෙයි (නි)
ගෙම්බන්ට මොන සන්වර්දනයක්ද. ඉන්ටෙර්නෙට් එකෙන් හරි දියුණු රටවල් ගැන හොයල දනගන්න (දී)
හැමදාම ලිදේ ගෙම්බෝ වගේ ඉන්නැතුව ලෝකේ අනිත් රටවලුත් එක්ක ඉදිරියට යන්න ඕන.රට දියුණු වෙනකොට පිටරට ආයෝජන වැඩිවෙනවා එතකොට රට සංවර්දනය වෙනවා .අපේ රට විතරක් නෙමෙය් ඇමරිකාවත් නයයි .කව්රුවත් සදාකාලිකවම ජිවත් වෙන්නේ නැහැ .ඉපදෙන හැමෝම මැරිලා යනවා.ඔය කියන කව්රුත් නයගේවන්නේ නැහැ.කව්රුත් නොකා නොබි ඉනෙත් නැහැ.මෙහෙම දේවල් නොකලොත් අනාගත පරපුරට කන්න බොන්නවත් නැතිවෙය් . (දී)
කෝටි 4550, මීටර් 415 ක් කියන්නේ මීටරයට කොටි 11ක් පමණ වෙනවා. ඒ වියදම බොහෝ දුරට හරියන්න පුළුවන්. මේක ගොඩබිම වැලි පුරවල හදන එකක් නෙවේ, ගගක් හරහා හදන මංතීරු කිහිපයක් විශාල පාරක්. එත් එක්කම තව යටිතල පහසුකම් ගොඩක් පාලම සමග ඉදිකරන්න වෙනවා. (දී)
අම්මෝ! පිස්සු හැදෙනවා මට නම්. (නි)
අර චීන්නු නැතුව ජපානයත් සමඟ වරායන්,ගුවන් තොටුපළවල්,අධිවේගී මාර්ග හැදුවා නම් ගොඩක් රටේ සල්ලි ඉතුරු වෙන බව මගේ හැඟීමයි. (නි)
අම්මෝ! අපේ අනාගතය කොහේදෝ? (නි)
ඇයි මේ හැමෝම "අම්මෝ!, අම්මෝ!" ගාන්නේ? ඊර්ෂ්‍යාවටද? (නි)
පාලමේ දිග මීටර් 415යි. පළල මීටර් 10 යි.ඕක හදන්න මෙච්චර වියදමක් යන්නේ පාලමේ වැඩට විශේෂ අමුද්‍රව්‍යයක්වත් යොදාගන්නා නිසාද? (නි)
මේ තමයි අපේ රටේ සීඝ්‍ර දියුණුව. වැඩි වාසිය සල්ලිකාරයින්ට මිස බස් වලින්, පයින් යන අපිට නෙමෙයි. (නි)
ලංකාවට හොඳ කලක් යයි වගේ. (නි)
යුද්ධය අවසන් කළා නම් ඊට පස්සේ කරන්න ඕනෑ, ඒ ජනතාවට ඉක්මනට සහන සලසා දෙන එකයි. ඒක වුණා නම් අද අන්තර්ජාතික ප්‍රශ්න නැහැනේ. පාලම අත්‍යවශ්‍ය දෙයක් නෙමෙයිනේ (නි)
අපේ සමහර අයට රට එක තැන තිබුණත් කමක් නැහැ, අඩුවට කන්න තියෙනවා නම්! (නි)
විපක්‍ෂයට හොද මාතෘකාවක්.(නදී)
මේකට මොනවගේ අදහසක් දානවද කියලා මට නම් හිතාගන්න බැහැ (නි)
වැඩේ නම් හොඳයි. ඒත් ඊට වඩා දේවල් කරන්න ඉතිරිවෙලා තිබෙනවා නේද? (නි)
අපිට තිබෙන්නේ බලාගෙන ඉන්න, රටේ සංවර්ධනය දෙස. (නි)
සංවර්oනය හොඳයි. ඒත් ගසා කෑම හොද දෙයක් නෙමෙයි. සංවර්දනය අගයන්න කොමිස් ගැසිමට ගසා කෑමට එරෙහි වන්න. දේශපාලනයට ඒමට පෙර සතේ නැතිව හිටපු අය ආවට පසු කෝටිපතියන් වන රටක් නොකරන්න.(නදී)
මේ පාලමත් සමඟ මංතීරු 6ක නව මාර්ගයකුත් ඉදිවෙනවා. ඒ නිසා තමා මෙතරම් මුදලක් වැයවෙන්නේ. දැනට කැලණි පාලම අසල තියන තදබදය ඉදිරියේදි උතුරු අධිවේගී මාර්ගය ඉදිවීමත් සමග තවත් වැඩිවිය හැකි නිසා මේ පාලම අත්‍යවශ්‍ය වනවා. (නි)
වැඩේ අවසන් කරලා වියදම සටහන් කළා නම් කවුරුවත් මෙහෙම අඳෝනා නඟන්නේ නැහැ. පාරේ කාණුවක් හරහා අඩි පහේ තුනේ කොන්ක්‍රීට් එකක් දාපු කෙනෙකුට වුණත් වියදමේ අත්දැකීම තියෙනවා. මෙවන් පාලමක් හිටවන්නේ වතුරේ. මං තීරු හයයි. දිගපළල මනින එකට වඩා කළ යුත්තේ ප්‍රතිපලය ගැන හිතන එකයි. වාහනයක නැඟලා කොළඹට ආ කෙනෙක් නම් මේ කටයුත්ත අගය කරනවා. (නි)
වැඩේ නම් නරක නැහැ. හැබැයි අපිත් රජයට බදු ගෙවන මිනිස්සු. සංවර්ධනය සීමිත නගර කිහිපයකට පමණක් සීමා නොකර ගම් මට්ටමිනුත් කරන්න උත්සාහ කරනවා නම් හොඳයි. (නි)
රටක දියුණුව කියන්නේ මේ දේට තමයි. වයසක අපිට බුක්ති විදින්න බැරි වුණත්,අපේ දරුවන් වාසනාවන්තයි. ඒ විතරක් නෙමෙයි. නැවත යුද්ධයක් අාවොත් ඔක්කොම සුන්. එහෙම නොවේවායි ප්‍රාර්ථනා කරමු හැමෝම (නි)
පාලම සහ බඩ වියත සම කළ නොහැකි උනත් ඉන්දන සහ කාලය ඉතිරිවීමත් අපේ දරුවන්ගේ අනාගත සංවර්ධනයත් වැදගත් වෙනවා.(නදී)
පාලම සඳහා වන වියදම මිටර වලින් මනින්න බැහැ. නිර්මාණ සැලැස්ම බලන්න වෙනවා.(නදී)
භුක්ති වින්දට කමක් නැහැ. හොරකම් කරන්නේ නැතිව.(නදී)
කොමිස් එක කාටද ලැබෙන්නේ ? (ස)