නවීන තාක්ෂණයෙන් යුත් ඇඟිලි සලකුණු සහිත නව විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ වැඩපිළිවෙළේ පවතින ප්‍රමාදය හේතුවෙන් තමන් දැඩි අපහසුතාවයට පත්වී ඇතැයි අයදුම්කරුවෝ කියති.
මෙතෙක් පැවැති ක්‍රමවේදයෙන් බැහැරව ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව ගමන් බලපත්‍රය වෙනස් කිරීමට යාමෙන් තමන්ට පැය ගණන් පෝලිම්වල රැඳී සිටීමට සිදුව ඇතැයි ඔවුහු පවසති.
මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ආගමන විගමන දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පාලක ලක්ෂාන් ද සොයිසා මහතා පැවසූවේ අදාළ පුද්ගල ඡායාරූප අන්තර්ජාලය හරහා ලබාගැනීමේදී පවතින තාක්ෂණික දෝෂ හේතුවෙන් ප්‍රමාදයක් සිදුවන බවත් කාර්යාල පරිශ්‍රයේ පවතින විශාල තදබදයට පිළියමක් ලෙස අඟහරුවාදා සිට අයදුම්කරුවන් හැර බාහිර පුද්ගලයින්ට කාර්යාලයට පිවිසීමට අවසරය ලබා නොදී ඔවුන්ට බිම් මහලේ පිහිටි සේවා පියසේ රැඳී සිටීමට ඉඩසලසා ඇති බවයි.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්තර්ජාලයක් මොකටද මෙතනම ගහන පොටෝ එක මෙතනටම ගන්න? මිනිස්සුන්ට නොතේරෙන මොනව හරි කියල සේප් වෙනවා (නදී)
සලිත ප්‍රසාද් ,ස්කැන් කරලා පින්තුරයක් අප්ලෝඩ් කරන ක්‍රමවේදය ගැන අහල නැද්ද? එක එකතැනකින් කරලා තව තැනකට දෙන්නේ අන්තර් ජාලය හරහා තමා. වැරද්දක් ඇති මොකක් හරි , නමුත් එ්කත් එක හේතුවක් විය හැකියි. (බ)