ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ නව සභාපති ලෙස පත්වූ තිලංග සුමතිපාල මහතා සහ නිලධාරී මණ්ඩලය අද (4) පස්වරුවේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා හමුවිය.
තිලංග සුමතිපාල මහතාගේ ජයග‍්‍රහණයට සුබ පැතුම් එක් කළ ජනපති එම පිරිස සමග සුහද කතාබහක ද නිරත විය.
ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ උන්නතිය උදෙසා ඉදිරියේදී ගැනීමට අපේක්ෂා කරන ක‍්‍රියාමාර්ග පිළිබඳව ක‍්‍රිකට් ආයතනයේ නව නිලධාරීහු ජනපතිට පැහැදිලි කිරීමක් සිදුකළහ.
ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම තව දුරටත් ශක්තිමත් කිරීම වෙනුවෙන් අවශ්‍ය පියවර ගන්නා ලෙස මෙහිදී මෛත්‍රිපාල සිරිසේන ජනපති නව නිලධාරී මණ්ඩලයට උපදෙස් ලබා දුන් අතර දක්ෂතා දක්වන නවක ක‍්‍රිකට් ක‍්‍රීඩකයින් ඉදිරියට ගැනීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් දියුණු කිරීමේ අවශ්‍යතාවය ද ජනපතිවරයා පෙන්වා දුන්නේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පවු අනේ දුර්ජනයා මොනවා වුනත්. (බ)
තිලංග-නවලෝක සුසංයෝගය නිසා හොරුන්ට මේකට රිංගාගන්න බැරිවුණා. (නි)
ක්රිකට් ක්‍රීඩාවේ වර්ධනයට යමක් කළයුතුයි (නි)
ඇතුලේ ගිනි එලියට. (ස)
ධවල සළු පිළි පොරවාගත් අයගේ සිහින මාළිගා සුළගේ ගසා ගෙන ගිය අයුරු පසුගිය ඉරිදා මොනවට දක්නට ලැබුණි. (ස)