ශ්රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ නව සභාපති ලෙස පත්වූ තිලංග සුමතිපාල මහතා සහ නිලධාරී මණ්ඩලය අද (4) පස්වරුවේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා හමුවිය.
තිලංග සුමතිපාල මහතාගේ ජයග‍්‍රහණයට සුබ පැතුම් එක් කළ ජනපති එම පිරිස සමග සුහද කතාබහක ද නිරත විය.
ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ උන්නතිය උදෙසා ඉදිරියේදී ගැනීමට අපේක්ෂා කරන ක‍්‍රියාමාර්ග පිළිබඳව ක‍්‍රිකට් ආයතනයේ නව නිලධාරීහු ජනපතිට පැහැදිලි කිරීමක් සිදුකළහ.
ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම තව දුරටත් ශක්තිමත් කිරීම වෙනුවෙන් අවශ්‍ය පියවර ගන්නා ලෙස මෙහිදී මෛත්‍රිපාල සිරිසේන ජනපති නව නිලධාරී මණ්ඩලයට උපදෙස් ලබා දුන් අතර දක්ෂතා දක්වන නවක ක‍්‍රිකට් ක‍්‍රීඩකයින් ඉදිරියට ගැනීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් දියුණු කිරීමේ අවශ්‍යතාවය ද ජනපතිවරයා පෙන්වා දුන්නේය.
2025 දෙසැම්බර් මස 18
558
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
278
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1078
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අලුත් ක්‍රිකට් ලොක්කෝ ජනපති හමුවෙති
දහම් Monday, 04 January 2016 03:15 PM
පවු අනේ දුර්ජනයා මොනවා වුනත්. (බ)
පිටිගල මිලානෝ Monday, 04 January 2016 05:50 PM
තිලංග-නවලෝක සුසංයෝගය නිසා හොරුන්ට මේකට රිංගාගන්න බැරිවුණා. (නි)
ටිකිරි Monday, 04 January 2016 09:05 PM
ක්‍රිකට් ක්‍රීඩාවේ වර්ධනයට යමක් කළයුතුයි (නි)
දුමින්ද Tuesday, 05 January 2016 01:52 AM
ඇතුලේ ගිනි එලියට. (ස)
සේනක Tuesday, 05 January 2016 03:51 AM
ධවල සළු පිළි පොරවාගත් අයගේ සිහින මාළිගා සුළගේ ගසා ගෙන ගිය අයුරු පසුගිය ඉරිදා මොනවට දක්නට ලැබුණි. (ස)