තම අමාත්‍යාංශයට නියමිත පරිපුරක ඇස්තමේන්තුවෙන් තමන් වාහනයක් ඇණවුම් කළ බව හෝ එවැනි මුදලකින් වාහනයක් පාච්චි කළා යැයි ඔප්පු කළහොත් තමා ඇමැති කමින් ඉල්ලා අස්වන බව විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා තම ට්විටර් වෙබ් අඩවියෙන් කියයි.
එම මුදල අයවැය පරිපුරක ඇස්තමේන්තුවේ ඇතත් එම ඇස්තමේන්තුවේ මුදල් තමා පාචිච්චි නොකළ බවද ඔහු කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ කාලේ ඇමතිවරු වාහන ගත්තේ අමත්‍යංශ හරහා, එවිට ප්‍රශ්නයක් නැ. ඒ වගේ සැහෙන්න ගෙනාවා. එදා කවරුවත් කතා කළේ නැ. කතා කළොත් වෙනදේ එදා සියලු දෙනා දන්නවා. අද පිළිවෙළක් ඇතුව ඇස්තමේන්තු හරහා වාහන ගේනවා. අද විවේචනය කරන්න නිදහස තියෙනවා. අද විවේචනය කරන අය එදා කොහෙද හිටියේ (බ)
අනේ ඉතින් කිතුලට නැගපු මිනිහෙක් කිව්වලු තණකොළ කපන්න කිතුල් ගහට ගොඩවුණා කියලා. (ර)
මෙතන අමතක වෙච්ච දෙයක් තියෙනවා. ඔප්පු වුණොත් නැතත් මොන අැමැතිද ඇමතිකම දාල ගියේ මෙහ ලංකා ඉතිහාසයේ. (අ)
තාම අරන් නෑ තමයි, සල්ලි ඉල්ලන්නේ ගන්න කලින්නේ. ඇමතිය කියන එක හරි, තාම අරන් නැහැ. හැබැයි සල්ලි ඉල්ලන්නේ ගන්න. නැත්නම් අල තම්බන්නද? නිකන් වචනයක් අල්ලන් මිනිස්සු රවට්ටන්න හදන්න එපා (බ)
මේකේ කොමෙන්ටු දල තියන සමහරකගේ අදහසින්ම පේනවා අපේ රටේ සිංහල ජනතාව රවට්ටන්න කොච්චර ලේසිද කියල. තාම අරන් නැති බව ඕන ගොනෙක්ට තේරෙනවා. ඇස්තමේන්තුව දාල අනුමත කරගත්තට පස්සෙනේ ගන්නේ. මේක නොදන්නා හෝ දැනගන්න ඔලුවක් නැති කැපුවත් තමන්ගේ පක්සේට කඩේ යන ගොයියෝ කියනවා කෙලින්, අවංක අැමැතියෙක්ලු. අවංකනම් කෙලින්ම කියන්න ගන්නේ නෑ කියලා (බ)
ඔබ අවංක ඇමති කෙනෙක්. ඉදිරියටම යන්න (නි)
ඉතින් ගත්තෙ නැහැ කියලා ඔබතුමාම ඔප්පු කරලා පෙන්නුවා නම් ඉවරයිනේ. (නි)
අනේ දැන් කි සැරයක් දාල ගියද? (බ)
එහෙම ගත්තේ නැත්තම් ගොඩක් හොඳයි. (නි)
එහෙම කළොත් මම රට හැරයනවා (නි)
යමෙක් ගත්තා කියනවා, අයෙක් ගත්තේ නැහැ කියනවා, මිනිස්සු ඡන්දෙ දෙනවා. රටත් ඉතින් හැමදාම කෙඳිරිගගා ඔහේ යනවා. (නි)
දැනට ගත්තේ නැතුව ඇති. අනාගතයේදී ගන්නවද, නැද්ද කියන්න (නි)
අන්න නියමයි මහත්තයෝ... (නි)
ඔයගොල්ලනට විතරද වාහන ඕනෑ? විදේශ විනිමය උපයන අයට සහනයක් දෙන්න බලපොරොත්තුවක් නැද්ද? (නි)
දැන් මේවට කතා කරනවා. එදා හැංගිලා හිටපු අය දැන් සිංහයෝ වෙන්න හදනවා (නි)
මේවා ඔබට හොඳ පාඩම්. (නි)
රට දියුණු කරලා ගත්තට අපිට කමක් නැහැ. බලන්න දැන් එහෙම කරන එක හරිද කියලා. එහෙත් මෙහෙත් හැමතැනම ඡන්දෙ දුන් ජනයා අනාථ වෙලා. මේවා පව් වැඩ. (නි)
තවම නැහැ, උණුසුම පහව ගියාම බලමුකෝ මොකද වෙන්නේ කියලා. අලුත් වාහන අවශ්‍ය නැත්නම් මේ මුදල් භාණ්ඩාගාරයට හරවලා යැව්වහම ඉවරනෙ. අපි නොදන්නා ලයිව්. (නි)
ඔබතුමා හරි. මොකද ඔබතුමා වාහන ගන්නේ නැහැ, ගන්නේ අමාත්‍යංශයටනේ (නි)
දැන් ඇත්ත ඔප්පුවෙලා ඉවරයි (නි)
ඔය මොනවද කියවන්නෙ? තවම මිනිසුන්ව මුරුංගා අත්තෙ තියනවා. (නි)
දේශපාලකයෝ කියන කතා කව්ද විශ්වාස කරන්නේ? (නි)
ඔබතුමා ඔබතුමාගේ ලේකම් හරහා මෙය මිලදී ගැනීමට උත්සාහ කරන බවට යන ප්‍රචාරය සත්‍යද අසත්‍යද කියලා අපිව දැනුවත් කරන්න. (නි)
ඒත් ඉතින් අපි ඔබේ නමත් දැක්කනේ (නි)
මෙන්න නියම කෙළින් මිනිස්සු! (නි)
ඔව්, මිනිස්සු කට පියාගෙන හිටියෙ නැති නිසා දැන් ඔයාට එහෙම කියන්න පුළුවන් (නි)
ඔව් ලේකම්තුමා ඉල්ලලා තිබුනා කියලා කියලා තිබුනානේ. වාහනේ ආවහම ලේකම්තුමාම පාවිච්චි කරපුදෙන්. (නි)
සනත්, ඔන්න මම අද කිව්වා කියලා හිතාගන්න. තව ටික දවසකින් කියන්නේ මොකක්ද බලමු. මේවට කොහෙන් හිනා වෙන්නද මන්දා? (නි)
සනත් කියන කතාව හරි. ඔබතුමා හරි අහිංසකයි කියලා මේ රටේ ඉන්න අපි හිතාගන්නම් (නි)
කොහොමහරි ඔප්පුවුණොත් තමයි වැඩේ (නි)
ගාමිණීගේ කතාව අනුමත කරනවා. එක රජයක් වත් මේ ගැන බලන්නේ නැහැ. (ර)