
(අංජුල මහික වීරරත්න)
නව රජයේ අමාත්‍ය මණ්ඩලය ජනාධිපති අනුර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති කාර්යාලයේදී අද දිවුරුම් දුන්නේය.
නව කැබිනට් මණ්ඩලය මෙසේය.
01-අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
02-අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
03-විජිත හේරත්-විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය
04-මහාචාර්ය චන්දන අබේරත්න- රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය
05-නීතිඥ හර්ෂණ නානායක්කාර- අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය
06-සරෝජා පෝල්රාජ්-කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය
07-කේ.ඩී ලාල් කාන්ත-කෘෂි කර්ම,පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය
08-අනුර කරුණාතිලක-නාගරික සංවර්ධන ඉදිකිරීම් හා නිවාස අමාත්‍ය
09-රාමලිංගම් චන්ද්‍රසේකරන්:- ධීවර ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය
10-මහාචාර්ය උපාලි පන්නිලගේ- ග්‍රාමීය සංවර්ධන සහ ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍ය
11-සුනිල් හඳුන්නෙත්ති- කර්මාන්ත සහ ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය
12-ආනන්ද විජේපාල- මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය
13-බිමල් රත්නායක-ප්‍රවාහන මහා මාර්ග ,වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය
14-මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි- බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය
15-වෛද්‍ය නලින්ද ජයතිස්ස- සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය
16-සමන්ත විද්‍යාරත්න- වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය
17-සුනිල් කුමාර ගමගේ- තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය
18-වසන්ත සමරසිංහ- වෙළෙඳ වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය
19-මහාචාර්ය ක්‍රිශාන්ත අබේසේන- විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය
20-මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු-කම්කරු අමාත්‍ය
21-ඉංජිනේරු කුමාර ජය කොඩි- බලශක්ති අමාත්‍ය
22-වෛද්‍ය ධම්මික පටබැඳි- පරිසර අමාත්‍ය
























COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගේ රට ලස්සන රටක් කරන්නට හැකි වේවා... ජයම වේවා...!
මම හිතුවේ මීට වඩා විද්‍යාත්මක විදිහට කරයි කියලා. ඉදිරි කාලයේදී තීරණාත්මක ආර්ථික බලවේගය වන්නේ සාගරය හා බැඳුණු ආර්ථික ක්‍රියාකාරකම්. ඒවා ගැන වගේම ඩිජිටල් ආර්ථිකය ගැනත් මේ කැබිනට් එකේ අවධානයක් යොමුවෙලා නෑ වගේ...
හොඳයි පේන ආකාරයට... බලමු ක්‍රියාත්මක වීමේදී... ජයවේවා...!
පුනරුධ යුගයක ඇරඹුම. දුන් ඡන්දය, සහය දැක්වීම ගැන සතුටු වෙන්න පුලුවන් මොහොතක්.
රටේ පාලනයට උගත් පරපුරක් ... නව රජයකට සුබ පැතුම්
සුබපතනවා.
පොහොසත් රටක් යහපත් හෙටක් ගොඩනැගීම උදෙසා සුදුසුම පුද්ගලයින් ඇමැති තනතුරු සඳහා පත් කර ඇති බැව් පෙනේ. පක්ෂය වෙනුවෙන් දරදිය ඇදි සැම ඉහළ පහල සාමාජිකයෙකුගේම අපේක්ෂාව වූයේද එයයි. ඔවුන් රට අපේ රට යැයි ආඩම්බරයෙන් කිව හැකි තැනකට ඔසවා තබනු නිසැකයි. මගේ රටට ජයවේවා...! ජනාධිපති, අගමැති, ඇමැති මණ්ඩලය හා සියලු පාර්ලිමේන්තු සාමාජිකයන් හට ධෛර්යය ලැබේවා.
අපේ වයින් ස්ටෝර්ස් එකේ මහත්තයාට මොකුත් නැතෙයි. ලොකු අඩුපාඩුවක් වගේ දැනෙනවා.
බාර් අයිති මහත්වරුත් නැතිව මෙලෝ රහක් නෑ වගේ...
ඇල්මැරිච්ච පරණ අච්චුවේ කැබිනට්ටුවක්. නව ආදායම් උත්පාදනය ගැන හිතලවත් නෑ වගේ. කට්ටිය දැන් බජට් එක හදලා, අමාත්‍යාංශය ගැන දැනුමක් අරගෙන වැඩට බහිනකොට ටිකක් රෑ වෙයිද මන්දා.
රටට යහපතක්ම මෙතුමන්ලාගෙන් සිදුවේවා...!
ලංකාවේ පළවෙනි වතාවට කතෝලිකයෙක් බුද්ධශාසන ඇමැති වුණු.... සුබ පැතුම්....
බලාපොරොත්තු සහිතව බලා සිටිමු. සියල්ල හොඳින් සිදුවීමයි පැතුම. අපට මේ මිහිපිට ඇති එකම බිම්කඩ සුරැකෙන්න ඕන.ආර්ථිකය විතරක් නෙවෙයි. රට , දැය , සමය. සහ විනය.
ජයවේවා
තමන්ට, පවුලට ඥාති හිත මිත්‍රයින්ට කිසිම ප්‍රතිලාභයක් නොමැතිව මෙතුමන්ලාට ඇමැති පුටුව උඩම නින්ද යාමට ඉඩ තිබේ. මගේ වැඩට උනන්දුව තිබෙන්නේ වැටුප ලැබී දින 3ක් පමණි. වාර්ෂික වැටුප් වැඩිවීමක් නැතිවිට එම උනන්දුවද හීන වේ.
ලස්සන රටක් ලස්සන අනාගතයක් අනිවාර්යයෙන්ම සැමට උදාවන සුබ මොහොතක ආරම්භය කියලා හිතෙනවා. පත්වූ නව රජයට සෑම දෙනාටම උතුම් දළදා සමිඳු පිහිට හා සියළු දෙවි රැකවරණ ලබේවායි හදවතින්ම පතමි.
අතුල, එතුමා දකුණේ බෞද්ධයෙක්...!
ජයවේවා මගේ රටට...
ගෝඨාභය අංක 2 ජයවේවා... තව මාස 6ක් රට බංකොළොත්...
උඩරට තේ වගාව කරපු කෙනෙක්, ධීවර ඇමැති කරලා මාළු අල්ලන්න දාලා...! කොහොමද අපේ විද්‍යාත්මක ක්‍රමයට කැබිනට් ඇමැතිකම් බෙදිල්ල! අති විශිෂ්ටයි සර්...!
කේ ඩී ලාල් කාන්තට කියාපුම ඇමැතිකම ලැබිලා ! - පශු සම්පත්. ඒ වුණාට 1994 ඉඳලා ජෙප්පන්ගේ කුණු හෝදපු, උසාවි ගානේ රස්තියාදු වුණු සුනිල් වටගලට බොරුවේ කොම්බුව...!
අපේ මාලිමාවට ජයවේවා... ප්‍රථම කැබිනෙට්ටුව තුළින් ජනතාවගේ සිතුම්පතුම් ඉටුවේවා. ශ්‍රී ලාන්කික ජනතාවට යහපත උදාවේවා..!
කවුද මේ අන්ලයික් කරන්නේ මෙච්චර...!
ඔය අන්ලයික් කරන සෙට් එක තමයි පොහොට්ටු කුක්කෝ. ඔවුන්ට යනඑන මන් නැහැ...!
කමෙන්ට්ස් දැක්කාම පේනවා තවමත් රට වැටෙනකන් බලාඉන්න අපතයින් කොපමණ ඉන්නවද කියලා. හරිම කණගාටුයි.
පළමුව, අපි ඔබ වෙනුවෙන් අපගේ යුතුකම ඉෂ්ඨ කළා, දැන් අපි වෙනුවෙන් ඔබලාගේ කොටස ඉෂ්ඨ කරන්නේ... මෙම පින්තූරයේ දෙදෙනෙක් අතර හිස්තැනක් දකින්න තියෙන්නේ වසර ගාණකට පස්සේ...
පොඩි කැබිනට් එකක්... සරලයි, ලස්සනයි... දිගටම ඔහොම යං... මගේ සුබපැතුම්...
වනජීවී එක අදාළ වන අමාත්‍යාංශයක් නැද්ද? අලි මිනිස් ගැටුමට විසඳුම් හොයන්නම වෙනවා...
දැන් තුන්දෙනෙක්ට හම්බුනා .පොඩ්ඩක් ඉවසලා ඉඳහල්ලකෝ .කකුලෙන් අදින්න එපා . කුහක වෙන්නත් එපා
ලංකාවේ සුළුතර 30-40% වගේ ප්‍රතිශතයක් නැමති ඔවුන්ගේ පක්ෂය නියෝජනය කරලා, රට විනාශ කල් ද සැපක් කියා. විරුද්ධ පක්ෂයක් රට දියුණු කලද ඔවුන් කැමති නැත. ඔවුන් තම රටට කල දෙයක් නැත මන්ද ඔවුන්ද දුෂිතයින් වන බැවින්. රට යනු කණ්ඩායමක්, ආණ්ඩුව කියන්නේ ඒ කණ්ඩායමේ නායකයන් ඔවුන් වගේම අපිත් කැපවීමෙන් වැඩ කල යුතුයි - දෙවැනි ලෝක සංග්‍රාමයෙන් පහලට වැටිච්ච චීනයේ පාර්ලිමේන්තු කතාව. අවුරුදු 20ක් යෑමට පෙර ජපානය තුන්වන බලවතා වුනා නේද? අපිට වැඩක් නෑ ජාතී, ආගම්, කුළ භේද අපි එකතුවෙලා මේ රට ආසියාවේ ඊලඟ මකරා කරමු.