ප්‍රභාකරන්ගෙන් පසු කොටි සංවිධානයේ නායකත්වයට පත් වූ බව කියන පොන්නයියා සෙල්වනායකම් කජීබන් හෙවත් ගෝබි හෙවත් කාසියන් (31) නම් බර වාහන රියදුරා සොයා මුලතිව් නෙදුන්කර්නි මහ කැළයේ මෙහෙයුමක් පැවැති බව උතුරේ ආරංචි කියයි.
මේ මෙහෙයුමේ දී දෙදෙනකු හෝ තිදෙනකු මිය යන්නට ඇතැයි ස්ථිර නොවූ ආරංචි සඳහන් කරයි.
ඒ පිරිස අතර ගෝබි සිටීදැයි සොයා ගැනීමට ආරක්ෂක අංශ වෙහෙසෙයි.
මිය ගිය එක් පුද්ගලයකු යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයකු බවත් ඔහුගේ සිරුර පදවිය රෝහලේ තබා ඇති බවත් දැනගන්නට ඇත.
මේ සම්බන්ධයෙන් දැන ගැනීමට යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය මහතා සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළත් ඒ මහතා රැස්වීමක සිටින නිසා සම්බන්ධ කිරීමට නොහැකි බව ප්‍රකාශකයෙක් කීවේය.
සබැඳි පුවත්
ප්‍රභාරකන්ගේ තැන ගන්න බර වාහන රියදුරෙක්
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
අලුත් කොටි නායකයා මැරිලා?
ලහිරු පෙර්රා Friday, 11 April 2014 10:32 AM
මේ කවුද? ෙමයාට පුලුවන්ද හමුදාවක් එක්ක හැප්පෙන්න. (ස)
හසී Friday, 11 April 2014 10:34 AM
මෙය සැබෑවක් වී නම් ඉතාමත් අගනේය.... (ස)
දමි Friday, 11 April 2014 10:48 AM
පොරවෙන් කැපීමට නොතබා නියපොත්තෙන් කඩා දමන්න. එය අපි කාටත් හොදයි. (ස)
රංජිත් සිල්වා Friday, 11 April 2014 10:59 AM
නිතරම සෝදිසියෙන් සිටීම ගැන ආරක්ෂක අංශයට තුති පුදමි. (ස)
නිමල් සිරිවර්ධන Friday, 11 April 2014 11:14 AM
නැවතත් මහ විනාශයක් කරන්න ප්‍රථම ෙම් ගැන ක්‍රියා කිරීම ගැන අාරක්ෂක අංශයට අපෙ ප්‍රණාමය!! (ස)
බණ්ඩාර Friday, 11 April 2014 11:17 AM
එවකට තිබුණ ඒපාප අාණ්ඩුව නිවැරදි තින්දු ගත්තා නම් එදා රටට මෙවැනි විනාශයක් නොවෙනු ඇත. ගැහැණියක් වෙලත් මැතිණිය 71 නිවැරදි උත්තරය දුන්නා. (ස)
කස්තුරි Friday, 11 April 2014 11:17 AM
වහ වහා ක්‍රියාත්මක වී සියලු අංකුර විනාශ කළ යුතුයි. (ස)
මොහාන් Friday, 11 April 2014 11:33 AM
ත්‍රස්තවාදය මේ ලක් දෙරණේ නැවත ඇතිවීමට ඉඩ නොතබමු. (ස)
ටෝනි Friday, 11 April 2014 11:41 AM
අපේ රණවිරුවන් එක්ක කාටද හැප්පෙන්න පුළුවන්. අපේ රණවිරුවන්ට අපේ ප්‍රණාමය !! (ස)
රණසිංහ Friday, 11 April 2014 11:47 AM
අපේ රටට ආයේ නම් යුද්ධයක් එපා. (ස)
බමුණු Friday, 11 April 2014 11:47 AM
"මේ මෙහෙයුමේ දී දෙදෙනකු හෝ තිදෙනකු මිය යන්නට ඇතැයි ස්ථිර නොවූ ආරංචි සඳහන් කරයි." මේ ආරංචියට මුල් තැන දෙන්න එපා. මොහු සොයා මෙහෙයුමේ යෙදන්න. (ස)
රංජන් Friday, 11 April 2014 11:49 AM
ජනතිපති තුමා සිටින තාක් කල් කිසිම ත්‍රස්තවාදයකට හිස ඔස වන්න බැහැ. නිරතුරුවම අවධියෙන් ඉන්න. අපේ ත්‍රිවිධ හමුදාවට දෙවි පිහිටයි. ජය වේවා! (ස)
උමේෂ් Friday, 11 April 2014 11:57 AM
අයෙමත් තුවක්කුවක් අතට ගන්න හිතද්දීත් බය හිතෙන විදිහට වැඩේ කරන්න ඕන..... (ස)