ප්‍රභාකරන්ගෙන් පසු කොටි සංවිධානයේ නායකත්වයට පත් වූ බව කියන පොන්නයියා සෙල්වනායකම් කජීබන් හෙවත් ගෝබි හෙවත් කාසියන් (31) නම් බර වාහන රියදුරා සොයා මුලතිව් නෙදුන්කර්නි මහ කැළයේ මෙහෙයුමක් පැවැති බව උතුරේ ආරංචි කියයි.
මේ මෙහෙයුමේ දී දෙදෙනකු හෝ තිදෙනකු මිය යන්නට ඇතැයි ස්ථිර නොවූ ආරංචි සඳහන් කරයි.
ඒ පිරිස අතර ගෝබි සිටීදැයි සොයා ගැනීමට ආරක්ෂක අංශ වෙහෙසෙයි.
මිය ගිය එක් පුද්ගලයකු යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයකු බවත් ඔහුගේ සිරුර පදවිය රෝහලේ තබා ඇති බවත් දැනගන්නට ඇත.
මේ සම්බන්ධයෙන් දැන ගැනීමට යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය මහතා සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළත් ඒ මහතා රැස්වීමක සිටින නිසා සම්බන්ධ කිරීමට නොහැකි බව ප්‍රකාශකයෙක් කීවේය.
සබැඳි පුවත්
ප්‍රභාරකන්ගේ තැන ගන්න බර වාහන රියදුරෙක්
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කවුද? ෙමයාට පුලුවන්ද හමුදාවක් එක්ක හැප්පෙන්න. (ස)
මෙය සැබෑවක් වී නම් ඉතාමත් අගනේය.... (ස)
පොරවෙන් කැපීමට නොතබා නියපොත්තෙන් කඩා දමන්න. එය අපි කාටත් හොදයි. (ස)
නිතරම සෝදිසියෙන් සිටීම ගැන ආරක්ෂක අංශයට තුති පුදමි. (ස)
නැවතත් මහ විනාශයක් කරන්න ප්‍රථම ෙම් ගැන ක්‍රියා කිරීම ගැන අාරක්ෂක අංශයට අපෙ ප්‍රණාමය!! (ස)
එවකට තිබුණ ඒපාප අාණ්ඩුව නිවැරදි තින්දු ගත්තා නම් එදා රටට මෙවැනි විනාශයක් නොවෙනු ඇත. ගැහැණියක් වෙලත් මැතිණිය 71 නිවැරදි උත්තරය දුන්නා. (ස)
වහ වහා ක්‍රියාත්මක වී සියලු අංකුර විනාශ කළ යුතුයි. (ස)
ත්‍රස්තවාදය මේ ලක් දෙරණේ නැවත ඇතිවීමට ඉඩ නොතබමු. (ස)
අපේ රණවිරුවන් එක්ක කාටද හැප්පෙන්න පුළුවන්. අපේ රණවිරුවන්ට අපේ ප්‍රණාමය !! (ස)
අපේ රටට ආයේ නම් යුද්ධයක් එපා. (ස)
"මේ මෙහෙයුමේ දී දෙදෙනකු හෝ තිදෙනකු මිය යන්නට ඇතැයි ස්ථිර නොවූ ආරංචි සඳහන් කරයි." මේ ආරංචියට මුල් තැන දෙන්න එපා. මොහු සොයා මෙහෙයුමේ යෙදන්න. (ස)
ජනතිපති තුමා සිටින තාක් කල් කිසිම ත්‍රස්තවාදයකට හිස ඔස වන්න බැහැ. නිරතුරුවම අවධියෙන් ඉන්න. අපේ ත්‍රිවිධ හමුදාවට දෙවි පිහිටයි. ජය වේවා! (ස)
අයෙමත් තුවක්කුවක් අතට ගන්න හිතද්දීත් බය හිතෙන විදිහට වැඩේ කරන්න ඕන..... (ස)