වැඩ නොකිරීම නිසා අකර්මන්‍ය වී ඇති අල්ලස් හෝ දූෂණ කොමිසම වහා අහෝසි කර එක්සත් ජාතීන්ගේ දූෂණ විරෝධී ප්‍රඥප්තිය නීති ගත කර අල්ලස් දූෂණ මැඩීම සඳහා නව ආයතනයක් පිහිටුවන්නැයි එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු පිරිසක් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලති.
ජනවාරි අට වැනි දා පිහිටවූ නව රජය අල්ලස් කොමිසමට නිලධරයන් 50 දෙනකු පත් කළ නමුත් කොමිසම ඔවුන් ආපසු පොලිසියටම යවා ඇතැයි හිටපු ඇමැති ජෝන් අමරතුංග මහතා කියයි.
අල්ලස් කොමිසම කිසිම පරීක්ෂණයක් නොකළත් කොමසාරිස්වරුන් ඇතුළු සේවකයන් සියලු වරප්‍රසාද හා වේතන ලබා ගනිතියි ද එම මන්ත්‍රීවරු කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැනටමත් පරක්කු නොවී ක්‍රියාත්මක කලානම් වටිනවා (ම)
ඒක හරි නැත්නම් රාජපක්ෂ හොරුන්ව අල්ලගන්න වෙන්නේ නැහැ. (බ)
එතකොට පරණ පැමිණිලි අහක යාවි නේද? (නදී)
අදිකරණ බලතල ඇති අල්ලස් හෝ දූෂණ කොමිසමක් පත් කිරීම හොද යෝජනාවක්. (නදී)