උඩවලවේ දී අලි පැටවෙකු සොරකම් කිරීමට ආ පිරිසක් ට්‍රැක්ටරයක් ද දමා පලාගිය බව උඩවලව වනජීවී නිළධරයෝ කියති.
වාහන කිහිපයකින් පැමිණි මෙම පිරිස අලි පැටවා රැගෙන යන්නට කඹ ආදී ආම්පන්නද රැගෙන පැමිණ ඇති බවත් මත් ගතියෙන් අලි පැටවා කැළයේ සිටින බවට තොරතුරු ලැබී ඇති බවත් වන ජීවී නිළධරයෝ කියති.
සිද්ධිය ගැන සැලවී එහි ආ මාධ්‍යවේදියෙකු පැහැරගෙන ගොස් අතරමග දමා ගොස් සිටි බවද කියති.
මෙම පිරිස දකුනේ අය බවද අලි පැටියා සොයාගැනීමට අද උදේ කැළයට යන බවද වන ජිවී නිළධරයෝ කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොච්චර අලි හොරකම් කරලා ඇත්ද මේ කපේට? (ස)
අනේ ලංකාවට ගිය කලක්! අපරාධකාරයන් ඉදිරියේ නිවට බියගුළු නිර්වස්ත්‍ර පොලිසියක් සිටිය යුතුද? (නි)
රට දියුණු වෙනකොට කැලේක ඉන්න සතෙකුටවත් ඉන්න බැරි තත්ත්වයක් තමයි දැන් ඇවිල්ලා තියෙන්නේ. මේ හොරුන් අල්ලා ගත්තත් මොකද වෙන්නේ කියලා අපි කවුරුත් දන්නවනේ. (නි)
මම හැමදාම කියන දෙයක් තමයි, මේ දකුණේ මිනිස්සුන්ගේ ලක්ෂණයක්. කොහේ හරි ලේ වැගිරීමක්, කපාකොටා ගැනීමක්, මහා පරිමාණ හොරකමක්, මංකොල්ලයක්, විදේශිකයන් මරා දැමීම් වගේ දේවල් වලට කොහෙන් හරි සම්බන්ධ වෙනවා. (නි)
උඩවලව වන උද්‍යානය අයිති දකුණටද? (නි)
දේශපාලුවෙක් මේ වැඩේට සම්බන්ධ ඇති (නි)
රටේ සම්පත් කොල්ලකාලා, මහජන මුදල් හොරකම් කරලා ළඟදි සල්ලිකාරයෝ වුණ නූගත් චන්ඩි තමයි ඔය අලි පැටවු හොරකම් කරලා අලියෙක් ඉන්න වලව්වක හාමු කෙනෙක් වෙන්න හදන්නේ. ඔවුන්ට දඬුවමක් දෙන්නේ නැහැනේ. වන ජීවී එකේ මහත්වරු මොකද කරන්නේ? මේවා පෙනෙන්නේ නැහැ වගේනේ. කියන්න කෙනෙක් නැහැ.මහා ඇතින්න මරලා පැටියා උස්සපු තැනකුත් වාර්තා වුණා පහුගිය කාලේ.(නි)
අලියා කොහෙන්ද අල්ලගතේ. කවුද මේවට සම්බන්ධ. (ස)
හොරු අල්ලන්න වෙහෙස වෙන්න එපා. අලි පැටියා ඒගොල්ලන්ට ගිහින් භාර දෙනකම් පරිස්සම් කරගන්නත් වෙයි. මේ අලි පැටියටත් බලපත්‍ර දීලා තියෙනවා කියලා හෙට වෙනකොට කියාවි. (නි)
සෝමවීර මහත්තයට පෙන්නේ දකුණේ වැරදී. එයා කියන විදියට රටේ අනෙක් පළාත්වල මේ වගේ දේවල් වෙන්නෙ නැද්ද?? දකුණ උගතුන්ගේ බුද්දීමතුන්ගේ ජන නායකයන්ගේ තෝතැන්නක්. රටට විපතක් වුණාම පෙරට අවේ දකුණේ මිනිස්සු. මේ අයගෙන් බහුතරයක් සාමකාමී අහිංසක ඒත් එඩිතර මිනිස්සු. කීප දෙනෙකුගේ වැරදිවලට සමස්තයටම අපහාසාත්මකව කතා කිරීම හොඳ මදි. (ස)
සම්පත් මහත්මය තරහ ගන්න කාරී නෑ. අනික් පළාත් වල මේවගේ දේවල් කරන්නෙත් ගොඩක් දකුණෙන් ගිහින් පදිංචි වුන අය තමා. ඔබතුමාගේ අර්ථ දැක්වීම දකුණේ මිනිසුන් ක්‍රියාවෙනුත් පෙන්වනවානම් කොච්චර හොඳද. (අ)
අලි පැටියාගේ තාත්ත ගෙන් කප්පන් ගන්න වෙන්න ඇති අලි පැටියා උස්සන ගියේ (අ)