උඩවලවේ දී අලි පැටවෙකු සොරකම් කිරීමට ආ පිරිසක් ට්‍රැක්ටරයක් ද දමා පලාගිය බව උඩවලව වනජීවී නිළධරයෝ කියති.
වාහන කිහිපයකින් පැමිණි මෙම පිරිස අලි පැටවා රැගෙන යන්නට කඹ ආදී ආම්පන්නද රැගෙන පැමිණ ඇති බවත් මත් ගතියෙන් අලි පැටවා කැළයේ සිටින බවට තොරතුරු ලැබී ඇති බවත් වන ජීවී නිළධරයෝ කියති.
සිද්ධිය ගැන සැලවී එහි ආ මාධ්‍යවේදියෙකු පැහැරගෙන ගොස් අතරමග දමා ගොස් සිටි බවද කියති.
මෙම පිරිස දකුනේ අය බවද අලි පැටියා සොයාගැනීමට අද උදේ කැළයට යන බවද වන ජිවී නිළධරයෝ කියති.
2025 දෙසැම්බර් මස 04
690
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
449
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
අලි සොරකම වරදී
රංජිත් සිල්වා Friday, 02 May 2014 10:52 AM
කොච්චර අලි හොරකම් කරලා ඇත්ද මේ කපේට? (ස)
රත්නායක ආරච්චිගේ Friday, 02 May 2014 12:43 PM
අනේ ලංකාවට ගිය කලක්! අපරාධකාරයන් ඉදිරියේ නිවට බියගුළු නිර්වස්ත්‍ර පොලිසියක් සිටිය යුතුද? (නි)
ලුම්බිණි Friday, 02 May 2014 06:59 AM
රට දියුණු වෙනකොට කැලේක ඉන්න සතෙකුටවත් ඉන්න බැරි තත්ත්වයක් තමයි දැන් ඇවිල්ලා තියෙන්නේ. මේ හොරුන් අල්ලා ගත්තත් මොකද වෙන්නේ කියලා අපි කවුරුත් දන්නවනේ. (නි)
සෝමවීර Friday, 02 May 2014 07:17 AM
මම හැමදාම කියන දෙයක් තමයි, මේ දකුණේ මිනිස්සුන්ගේ ලක්ෂණයක්. කොහේ හරි ලේ වැගිරීමක්, කපාකොටා ගැනීමක්, මහා පරිමාණ හොරකමක්, මංකොල්ලයක්, විදේශිකයන් මරා දැමීම් වගේ දේවල් වලට කොහෙන් හරි සම්බන්ධ වෙනවා. (නි)
විජේමුනි Friday, 02 May 2014 07:23 AM
උඩවලව වන උද්‍යානය අයිති දකුණටද? (නි)
මහී Friday, 02 May 2014 08:43 AM
දේශපාලුවෙක් මේ වැඩේට සම්බන්ධ ඇති (නි)
පිටිගල Friday, 02 May 2014 08:50 AM
රටේ සම්පත් කොල්ලකාලා, මහජන මුදල් හොරකම් කරලා ළඟදි සල්ලිකාරයෝ වුණ නූගත් චන්ඩි තමයි ඔය අලි පැටවු හොරකම් කරලා අලියෙක් ඉන්න වලව්වක හාමු කෙනෙක් වෙන්න හදන්නේ. ඔවුන්ට දඬුවමක් දෙන්නේ නැහැනේ. වන ජීවී එකේ මහත්වරු මොකද කරන්නේ? මේවා පෙනෙන්නේ නැහැ වගේනේ. කියන්න කෙනෙක් නැහැ.මහා ඇතින්න මරලා පැටියා උස්සපු තැනකුත් වාර්තා වුණා පහුගිය කාලේ.(නි)
මිහිර Friday, 02 May 2014 08:05 AM
අලියා කොහෙන්ද අල්ලගතේ. කවුද මේවට සම්බන්ධ. (ස)
අජිත් කරුණාරත්න ලියනගේ Friday, 02 May 2014 08:54 AM
හොරු අල්ලන්න වෙහෙස වෙන්න එපා. අලි පැටියා ඒගොල්ලන්ට ගිහින් භාර දෙනකම් පරිස්සම් කරගන්නත් වෙයි. මේ අලි පැටියටත් බලපත්‍ර දීලා තියෙනවා කියලා හෙට වෙනකොට කියාවි. (නි)
සම්පත්_08 Friday, 02 May 2014 09:36 AM
සෝමවීර මහත්තයට පෙන්නේ දකුණේ වැරදී. එයා කියන විදියට රටේ අනෙක් පළාත්වල මේ වගේ දේවල් වෙන්නෙ නැද්ද?? දකුණ උගතුන්ගේ බුද්දීමතුන්ගේ ජන නායකයන්ගේ තෝතැන්නක්. රටට විපතක් වුණාම පෙරට අවේ දකුණේ මිනිස්සු. මේ අයගෙන් බහුතරයක් සාමකාමී අහිංසක ඒත් එඩිතර මිනිස්සු. කීප දෙනෙකුගේ වැරදිවලට සමස්තයටම අපහාසාත්මකව කතා කිරීම හොඳ මදි. (ස)
සෝමවීර Friday, 02 May 2014 09:59 AM
සම්පත් මහත්මය තරහ ගන්න කාරී නෑ. අනික් පළාත් වල මේවගේ දේවල් කරන්නෙත් ගොඩක් දකුණෙන් ගිහින් පදිංචි වුන අය තමා. ඔබතුමාගේ අර්ථ දැක්වීම දකුණේ මිනිසුන් ක්‍රියාවෙනුත් පෙන්වනවානම් කොච්චර හොඳද. (අ)
නීසාන් Friday, 02 May 2014 10:00 AM
අලි පැටියාගේ තාත්ත ගෙන් කප්පන් ගන්න වෙන්න ඇති අලි පැටියා උස්සන ගියේ (අ)