දඹුල්ල නගරයෙන් ඉවත් කරන කුණුකසල ප්‍රාදේශීය සභාව හා නගර සභාව මගින් හබරණ දඹුල්ල ප්‍රධාන මාර්ගයේ දිගම්පතහ රජයේ රක්ෂිතයට ගෙනවිත් දමනු ලබන්නේ වසර ගණනාවක සිටය. කුණු කසල හා පොලිතින් ආහාරයට ගැනීම, දඩයම නිසා දඹුල්ල දිගම්පතහ රක්ෂිතෙය් මුව රංචුව හා වල් උරන් දකින්නට නැත. 50 ක් 60ක් වූ වල් අලින්ගෙන් දැනට ඉන්නේ 10ක් 15ක් පමණි.
අලි බෙටි වල පොලිතින් එතී ඇති අයුරු දැකගත හැකි. කුණු කසල තැන තැන දැමීම නිසා රක්ෂිතය තනිකර පොලිතින් සුසානයක් බවට පත්වී ඇත.
මේ දිනවල කුණු කන්නට එන අලි විදේශිකයන්ට අලින් පෙන්වා මුදල් සොයන්නෝ ද වේ. ඉතාම අවදානම් ආකාරයට වන අලින් අසලට ඔවුන් රැගෙන ගොස් ජායාරූප ගනිති.
හබරණ සිගිරිය ප්‍රදේශවල සංචාරක කර්මාන්තය වර්ධනය වී ඇත්තේ අලි පිට සංචාර නිසාය. හබරණ කැලයේ අලි බැලීම නිසාය. සංචාරක කර්මාන්තයේ නියැලී සිටින පිරිස් ප්‍රදේශවාසින් කියා සිටින්නේ මේ අලි සම්පත විනාශ කිරීම නවතා දැමීමට බලධාරීන් කටයුතු කළ යුතු බවයි.
වන සතුන්ට අනතුරු කිරීම දඩුවම් ලැබිය හැකි වරදක් බව රක්ෂිතයේ දැන්වීම් පුවරු සවිකර ඇත. එහෙත් දඹුල්ල මහනගර සභාවත් ප්‍රාදේශීය සභාවත් එළිපිටම වනසතුන්ට අනතුරු කරතියි සංචාරකයෝ කියති.
දඹුල්ල මහ නගර සභාවේ නාගරික කොමසාරිස් ආත්මා ඩී ජයරත්න මහත්මියගෙන් පැවසුවේ කුණු කසල බැහැර කිරීම සදහා අලුත් වැඩපිළිවෙළක් ළඟදි ආරම්භ කරන බවය.

![DSC07464[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/02/DSC0746411.jpg)
![DSC07470[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/02/DSC0747011.jpg)
![DSC07486[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/02/DSC074861.jpg)
![DSC07494[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/02/DSC074941.jpg)
![DSC07503[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/02/DSC075031.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ පවු මේ සත්තු. (ර)
අපේ රටේ පාලකයෝ නිදි කිසිම දේකට පැහැදිලි ප්‍රතිපත්තියක් නෑ. රටේ කුණු ප්‍රශ්නෙට විසඳුමක් දෙන්න බැරි පාලකයෝ ඉන්න රටක අපි ජීවත් වෙන්නේ අපරාදේ අලි සම්පත මේ සත්තුන්ව අාරක්ෂා කරගන්න වැඩපිළිවෙලක් සකස් කරන්න බැරි වන ජීවී දෙපාර්තමේන්තුව /මිනිස්ටර්ස්ල ඉන්නේ මොකටද (බ)
අලියෙක් ළඟ තියාගත්තට හාමුදුරු නමක් හිරේ යවනවා. මේ කුණු කවලා අලි මරණ අය නිදැල්ලේ. මොකක්ද මේ නීතිය. (නි)
මුළු ලොව මේ රටට යටයි. (නි)
අලි සම්පත අපිට වටිනා සම්පතක් (නි)
මමත් පළාත් පාලනයේ වැඩකළ කෙනෙක්. එපමණක් නොවේ සෞදියේත් කුණු ඉවත් කළ කෙනෙක්. බොහොමයක් ලොක්කන් අහන ප්‍රශ්නයට කුමක් හෝ කියලා ප්‍රශ්නයෙන් ගැළවෙනවා. මුළු රටේම කසල ප්‍රශ්නය ජාතික ප්‍රශ්නයක් වෙලා. නමුත් සාර්ථක විසඳුමක් නැහැ. මේවාට නිවැසියනුත් කෙළින්ම වගකිව යුතුයි. නමුත් දඹුල්ලේ ප්‍රශ්නය මීට වඩා බැරෑරුම්. (නි)
මොන කුණු කාල හරි ඉන්න අලි ටික ඔක්කොම මැරිලා ගියත් ඒක ලොකු ප්‍රශ්නයක් නොවෙයි. හැබැයි මොන තරම් රස බොජුන් දීල හරි කඩදාසි කොළ නැතිව අලියෙක් ඉන්නවා කිව්වොත් අත් අඩංගුවට ගැනීම සඳහා ගිනි පිම්මේ දුවන ලොක්කෝ ටිකක් නම් අලුතෙන් බිහිවෙලා ඉන්නවා. (කෞ)
පින්නවල අලි අනථාගාරයේත් ඉන්නවා මෙවැනි අපද්‍රව්‍ය ආහාරයට ගැනීම නිසා රෝගී වූ අලින් පිරිසක්. වගකිවයුත්තන් මේ ගැන ඉක්මනින් ම ක්‍රියාත්මක වේවි කියා අපි බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම පරිසරය හා වන සතුන් ගැන ඉමහත් උනන්දුවක් දක්වන අපේ ජනාධිපතිතුමා මේ ගැන යමක් කරාවි කියා අප විශ්වාස කරනවා. (නි)
මේ ජනපතිත් නිකම්ම ගෙදර යාවි වගේ .අඩුම පොලොන්නරුවත් දියුණු නොකර .(අ)
මේ ගොල්ලන්ගේ රාජ්‍යය මිනිස්සු උදුර ගන්නකොට, මේ රජවරුන්ට කන්න වෙන්නේ කුණු කසල. අනේ පවු. දුක හිතෙන දැක්මක්.(බ)
පරිසය භාර ඇමැතිත්,ජනාධිපතිතුමානම් මේවා කාට කියන්නද.(බ)