ඉදිරි මැතිවරණයේ දී අලියා ලකුණෙන් නොව අලි නැට්ටෙන් ඉල්ලූවද එක්සත් ජාතික පක්ෂයට ජයගත හැකි බව එක්සත් ජාතික පක්ෂ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා පැවසීය.
පළාත් පාලන මැතිවරණය කල් දමන්නේ පරාජය වේය යන බියෙන් නොව නව මැතිවරණ ක්‍රමයක් හඳුන්වා දිය යුතු නිසා යැයි මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.
මහින්ද රාජපක්ෂ මහතාට හෝ ඒකාබද්ධ විපක්ෂයට බියවීමේ අවශ්‍යතාවයක් එ.ජා.පයට නැතැයි කී මන්ත්‍රීවරයා ඔවුන්ට දේවාල ගානේ පොල් ගසා ගොඩ යන්නට උත්සාහ කළත් එය ඉටුවන්නේ නැති බව ද කීවේය.
‘උතුරු අධිවේගී මාර්ගයේ ඉදිකිරිම් මාසයක දී ආරම්භ කරනවා.කඩවත සිට මහරගම දක්වා ඉදිකිරිම් චීන සමාගමකටත්, මීරිගම සිට පොතුහැර ආසියානු සංවර්ධන බැංකුවටත්, පොතුහැර සිට ගලගෙදර දක්වා දේශිය සමාගම් වලටත් ලබාදෙන බව’ ඔහු සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී අද (22) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
රජය ජනතාවට හොරෙන් කිසිම ගිවිසුමක් අත්සන් කරන්නේ නැති බවත් ඉන්දියාව සමඟ අත්සන් කිරීමට නියමිත ආර්ථීක හා තාක්ෂණ ගිවිසුම ද අත්සන් කිරීමට පෙර ජනතාවට හා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් නලීන් බණ්ඩාර මහතා මෙහිදී පැවසීය.
එබැවින් මෙම ගිවිසුම ගැන බොරු බිල්ලන් මවා පාමින් රට තුළ ප්‍රශ්න ඇතිකිරීමේ අවශ්‍යතාවයක් නැතැයි ද ඔහු කීවේය.
(ජායාරූප හා විඩියෝ ශාන්ත රත්නායක)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතරම් ජනප්‍රිය අය ඇයි පළාත් පාලන ඡන්දෙ තියන්නේ නැත්තේ. (අ)
ගමරාල දිවියලෝකේ ගියෙත් ඔකේ එල්ලිලානේ, දිවිය ලෝකේ යාමත් දිනුමක්නේ. ඒ දිනුම නම් ෂුවර්.යන්න එහෙටම යන්න. (අ)
එම නිසා වෙන්න ඇති මේගොල්ලෝ කොටි වලිගෙ අල්ලාගෙන ඉන්නේ. (අ)
ඒ කියන්නේ ශ්‍රීලනිපයට ඇපත් නැතුව යනවා වගේ. (අ)
මමනම් ආයේ දෙන්නේ නෑ. (ර)
මන්ත්‍රී තුමා, මාධ්‍ය ප්‍රකාශකයෙක් වෙලා බැහැ ජනතා ආකර්ෂණය ට සමීප වෙන්න. විශේෂයෙන් අද ජීවත්වන තරුණ පරපුරට. ඔය රාමුවෙන් ඉවත් වෙලා තරුණ හදවත් වලට කතා කරලා ඔවුන්ගේ ආකර්ෂණයට හැකි තරම් සමීප වෙන්න උත්සාහ කරන්න. (ර)
අනේ මන්දා (බ)
ඉල්ලලා බලන්නකෝ කියව කියව ඉන්නේ නැතිව (බ)
මෙහෙම කියල හිතල තමා පැරදුනේ වැඩිය උඩ පැන්නොත් බලා ගෙන (බ)
එතකොට මිනිස්සුන්ගේ ඡන්දෙන් නෙවෙයිද දිනන්නේ. (බ)
අපි දුන්නෙත් කියපුවට මුලාවෙලා අයේ දෙන්නේ නැත. (බ)
එන්.ඩි හෙට්ටිආරච්චි කාට වුන පොරොන්දුද ද්‍රවිඩ සන්ධානයට වුන පොරොන්දු තව ඉටුකර ඉවර නැත. බජට් එකෙන් වුන පොරොන්දු වත් ඉටුකර ගන්න බැරිවුණකොට තව මොනවද (බ)
ඔව් ඔව් ඔබලාට අන්තිමට ඉතුරු වෙන්නේ අලි නැට්ටයි දෙමල සන්ධානයයි විතරයි (බ)
අලි නැට්ට මොකක්ද, පොල් පිත්ත දාන්නකෝ. ඒත් දිනනවා. එහෙම රටක් මේක. (නි)
ජනවාරි 8 බුරුතු පිටින් අලි නැට්ටේ එල්ලුනේ දිවිය ලෝකේ යන්න. එල්ලිලා ඉඳලා ඉඳලා දශමයක්වත් උඩට නොයා පස්සට ඇදිලා යනකොටයි සමහරු දැනගෙන තියෙන්නේ එල්ලුනේ අලියාගේ නොවෙයි අලි නැට්ටක විතරයි කියලා. ඒ නිසා මෙදා සැරේවත් නැට්ට ලකුණින් එන්න. (නි)
අපිත් නැවත ඡන්දෙ දෙන්නැහැ (බ)
අනේ මගේ කට (බ)
ඒ ඉතින් එදාට නැට්ටවත් ඉතුරු වුනොත්නේ. (බ)
රාජිතට හොඳටම අමාරු අතරේ මෙයා එයාගේ ජොබ් එක හොරකම් කරලාද (බ)
වෙනසට මුලපුරපු නායකයෝ එක දිගට ලෙඩවෙන එක ගැන නම් අපිට පොඩි සැකයක් තියනවා. කොහොමහරි බලය ගන්න පොරකන මිනිස්සු ඕනෑම පහත් වැඩක් කරන්න පසුබට වෙන්නේ නැහැ. ඔබතුමාලා කල්පනාවෙන් වැඩ කළොත් තමා හොඳ (නි)
ඔය අත හපාකාලා අලියට මුක්කු ගහපු ඇමතිලාවත් අලි වලිගෙන්ම කොහේටහරි අරගෙන යන්න. අපිට නම් එපා. (නි)
නලින්, මෝඩ කතා නොකියා ඉන්න. රටට ප්‍රයෝජනවත් වැඩක් කරන්න. ඒ ඇති (නි)
බලයට පත්වන මේ හැම ආණ්ඩුවක්ම කරන වරදක් තමයි තමන් ගැන අධිතක්සේරු කිරීම.(ම)
ඉකමනට පළාත් සභා ඡන්දෙ තියන්න රටේම තියන පච කිය කියා කල් දාන්නේ නැතුව කොහොමද දිනන්න පුළුවන් කියල බලන්න. ඇප වත් හම්බ වුනොත් ඒ ඇති කරන්න බැරි සම හරක් විස්වාස කරපු කියපු පච වලට හරියන්න. (බ)
වැඩේ තියෙන්නේ අපේ අතේ. බයිලා නැතුව හිටියොත් හොඳයි. (බ)
හරියට හරි අනිවාර්යන්ම දිනනව ,ජය වේවා (බ)
අනුන්ගේ පහනින් එළිය බලා කටමැත දොඩවන්න එපා. පුළුවන් නම් තනියෙන් තනි අලියාගෙන්ම එන්න. හැකි ඉක්මනින් පළාත් පාලන ඡන්දය තියන්න. (නි)
මීටවඩා හොඳ ලකුණක් නැද්ද? (නි)
ඇත්තම නේන්නම්, මේ තනි අලියෙක් නෙවෙයි හවුල් අලියෙක්නේ දැන් දුවන්නේ. කෑලි ටික ඔක්කොම එක පැත්තට යනකම් හොඳයි. (ර)
එතකොට දැන් ඉන්නේ වල් අලියෙක් නෙමෙයිද? අනේ මගේ කට. (බ)
දුන් පොරොන්දු ඉටුකර මිසක් මීළඟ මැතිවරණයේදී හොර මැරකම් හා දුෂණ ගැන කතා පැවැත්වීම පමණක් සැහෙන්නේ නැහැ මහත්තයෝ. අවුරුදු 68ක්ම මාරුවෙන් මාරුවට ගයන බයිලා වලට රැවටුණු මින්සුන් වෙනුවට අලුතින් යමක් හිතන පරපුරක් ඉදිරියට එන බවත් ඒ අයට ජනතාවගේ ඡන්දය ලැබිය යුතුය. (ර)
අලියාගේ නැට්ටෙන් නෙමේ ....? (බ)
ඕනවට වඩා හීන මවන්න එපා... (ර)