IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


අලි වලිගෙන් අවාත් එජාපය දිනනවා

ඉදිරි මැතිවරණයේ දී අලියා ලකුණෙන් නොව අලි නැට්ටෙන් ඉල්ලූවද එක්සත් ජාතික පක්ෂයට ජයගත හැකි බව එක්සත් ජාතික පක්ෂ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා පැවසීය.

පළාත් පාලන මැතිවරණය කල් දමන්නේ පරාජය වේය යන බියෙන් නොව නව මැතිවරණ ක්‍රමයක් හඳුන්වා දිය යුතු නිසා යැයි මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

මහින්ද රාජපක්ෂ මහතාට හෝ ඒකාබද්ධ විපක්ෂයට බියවීමේ අවශ්‍යතාවයක් එ.ජා.පයට නැතැයි කී මන්ත්‍රීවරයා ඔවුන්ට දේවාල ගානේ පොල් ගසා ගොඩ යන්නට උත්සාහ කළත් එය ඉටුවන්නේ නැති බව ද කීවේය.

 ‘උතුරු අධිවේගී මාර්ගයේ  ඉදිකිරිම්  මාසයක දී  ආරම්භ කරනවා.කඩවත සිට මහරගම දක්වා ඉදිකිරිම්  චීන සමාගමකටත්, මීරිගම සිට පොතුහැර ආසියානු  සංවර්ධන බැංකුවටත්, පොතුහැර  සිට ගලගෙදර  දක්වා  දේශිය සමාගම් වලටත් ලබාදෙන බව’ ඔහු සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී අද (22) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

රජය ජනතාවට හොරෙන් කිසිම ගිවිසුමක් අත්සන් කරන්නේ නැති බවත් ඉන්දියාව සමඟ අත්සන් කිරීමට නියමිත ආර්ථීක හා තාක්ෂණ ගිවිසුම ද අත්සන් කිරීමට පෙර ජනතාවට හා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත්  නලීන් බණ්ඩාර මහතා මෙහිදී පැවසීය.

එබැවින් මෙම ගිවිසුම ගැන බොරු බිල්ලන් මවා පාමින් රට තුළ ප්‍රශ්න ඇතිකිරීමේ අවශ්‍යතාවයක් නැතැයි ද ඔහු කීවේය.

DSC_6170 DSC_6176

(ජායාරූප හා විඩියෝ ශාන්ත රත්නායක)



අදහස් (0)

අලි වලිගෙන් අවාත් එජාපය දිනනවා

මෙවන් Monday, 22 February 2016 10:52 AM

මෙතරම් ජනප්‍රිය අය ඇයි පළාත් පාලන ඡන්දෙ තියන්නේ නැත්තේ. (අ)

:       0       0

ටෙනිසන් Monday, 22 February 2016 11:01 AM

ගමරාල දිවියලෝකේ ගියෙත් ඔකේ එල්ලිලානේ, දිවිය ලෝකේ යාමත් දිනුමක්නේ. ඒ දිනුම නම් ෂුවර්.යන්න එහෙටම යන්න. (අ)

:       0       0

චානක Monday, 22 February 2016 10:54 AM

එම නිසා වෙන්න ඇති මේගොල්ලෝ කොටි වලිගෙ අල්ලාගෙන ඉන්නේ. (අ)

:       0       0

කල්දේර Monday, 22 February 2016 11:04 AM

ඒ කියන්නේ ශ්‍රීලනිපයට ඇපත් නැතුව යනවා වගේ. (අ)

:       0       0

සෑම් Monday, 22 February 2016 11:08 AM

මමනම් ආයේ දෙන්නේ නෑ. (ර)

:       0       0

සේනක Monday, 22 February 2016 11:09 AM

මන්ත්‍රී තුමා, මාධ්‍ය ප්‍රකාශකයෙක් වෙලා බැහැ ජනතා ආකර්ෂණය ට සමීප වෙන්න. විශේෂයෙන් අද ජීවත්වන තරුණ පරපුරට. ඔය රාමුවෙන් ඉවත් වෙලා තරුණ හදවත් වලට කතා කරලා ඔවුන්ගේ ආකර්ෂණයට හැකි තරම් සමීප වෙන්න උත්සාහ කරන්න. (ර)

:       0       0

කල්‍යානි ජයවික්‍රම Monday, 22 February 2016 11:52 AM

අනේ මන්දා (බ)

:       0       0

ශාන් Monday, 22 February 2016 11:46 AM

ඉල්ලලා බලන්නකෝ කියව කියව ඉන්නේ නැතිව (බ)

:       0       0

සරත් සෞදි Monday, 22 February 2016 11:57 AM

මෙහෙම කියල හිතල තමා පැරදුනේ වැඩිය උඩ පැන්නොත් බලා ගෙන (බ)

:       0       0

රාජා Monday, 22 February 2016 10:22 PM

එතකොට මිනිස්සුන්ගේ ඡන්දෙන් නෙවෙයිද දිනන්නේ. (බ)

:       0       0

මහින්ද සෞදි Monday, 22 February 2016 11:51 AM

අපි දුන්නෙත් කියපුවට මුලාවෙලා අයේ දෙන්නේ නැත. (බ)

:       0       0

බමුණු Monday, 22 February 2016 10:57 PM

එන්.ඩි හෙට්ටිආරච්චි කාට වුන පොරොන්දුද ද්‍රවිඩ සන්ධානයට වුන පොරොන්දු තව ඉටුකර ඉවර නැත. බජට් එකෙන් වුන පොරොන්දු වත් ඉටුකර ගන්න බැරිවුණකොට තව මොනවද (බ)

:       0       0

බමුණු Monday, 22 February 2016 11:00 PM

ඔව් ඔව් ඔබලාට අන්තිමට ඉතුරු වෙන්නේ අලි නැට්ටයි දෙමල සන්ධානයයි විතරයි (බ)

:       0       0

බමුණු ආරච්චි Monday, 22 February 2016 11:39 PM

අලි නැට්ට මොකක්ද, පොල් පිත්ත දාන්නකෝ. ඒත් දිනනවා. එහෙම රටක් මේක. (නි)

:       0       0

සත්‍යපාල Monday, 22 February 2016 11:54 PM

ජනවාරි 8 බුරුතු පිටින් අලි නැට්ටේ එල්ලුනේ දිවිය ලෝකේ යන්න. එල්ලිලා ඉඳලා ඉඳලා දශමයක්වත් උඩට නොයා පස්සට ඇදිලා යනකොටයි සමහරු දැනගෙන තියෙන්නේ එල්ලුනේ අලියාගේ නොවෙයි අලි නැට්ටක විතරයි කියලා. ඒ නිසා මෙදා සැරේවත් නැට්ට ලකුණින් එන්න. (නි)

:       0       0

සරත් Monday, 22 February 2016 12:33 PM

අපිත් නැවත ඡන්දෙ දෙන්නැහැ (බ)

:       0       0

රොහාන් Monday, 22 February 2016 12:28 PM

අනේ මගේ කට (බ)

:       0       0

නිහාල් Monday, 22 February 2016 12:44 PM

ඒ ඉතින් එදාට නැට්ටවත් ඉතුරු වුනොත්නේ. (බ)

:       0       0

අරූන් Monday, 22 February 2016 01:27 PM

රාජිතට හොඳටම අමාරු අතරේ මෙයා එයාගේ ජොබ් එක හොරකම් කරලාද (බ)

:       0       0

චමින්ද Tuesday, 23 February 2016 02:26 AM

වෙනසට මුලපුරපු නායකයෝ එක දිගට ලෙඩවෙන එක ගැන නම් අපිට පොඩි සැකයක් තියනවා. කොහොමහරි බලය ගන්න පොරකන මිනිස්සු ඕනෑම පහත් වැඩක් කරන්න පසුබට වෙන්නේ නැහැ. ඔබතුමාලා කල්පනාවෙන් වැඩ කළොත් තමා හොඳ (නි)

:       0       0

රමණි Tuesday, 23 February 2016 02:34 AM

ඔය අත හපාකාලා අලියට මුක්කු ගහපු ඇමතිලාවත් අලි වලිගෙන්ම කොහේටහරි අරගෙන යන්න. අපිට නම් එපා. (නි)

:       0       0

නිහාල් Tuesday, 23 February 2016 02:39 AM

නලින්, මෝඩ කතා නොකියා ඉන්න. රටට ප්‍රයෝජනවත් වැඩක් කරන්න. ඒ ඇති (නි)

:       0       0

රකීත් Tuesday, 23 February 2016 02:58 AM

බලයට පත්වන මේ හැම ආණ්ඩුවක්ම කරන වරදක් තමයි තමන් ගැන අධිතක්සේරු කිරීම.(ම)

:       0       0

ඇසළ Monday, 22 February 2016 01:57 PM

ඉකමනට පළාත් සභා ඡන්දෙ තියන්න රටේම තියන පච කිය කියා කල් දාන්නේ නැතුව කොහොමද දිනන්න පුළුවන් කියල බලන්න. ඇප වත් හම්බ වුනොත් ඒ ඇති කරන්න බැරි සම හරක් විස්වාස කරපු කියපු පච වලට හරියන්න. (බ)

:       0       0

චන්න බුවනක Monday, 22 February 2016 02:14 PM

වැඩේ තියෙන්නේ අපේ අතේ. බයිලා නැතුව හිටියොත් හොඳයි. (බ)

:       0       0

සම්පත් Monday, 22 February 2016 03:54 PM

හරියට හරි අනිවාර්යන්ම දිනනව ,ජය වේවා (බ)

:       0       0

නිමල් ලාලිත‍ Monday, 22 February 2016 04:22 PM

අනුන්ගේ පහනින් එළිය බලා කටමැත දොඩවන්න එපා. පුළුවන් නම් තනියෙන් තනි අලියාගෙන්ම එන්න. හැකි ඉක්මනින් පළාත් පාලන ඡන්දය තියන්න. (නි)

:       0       0

වසන්ත Monday, 22 February 2016 04:46 PM

මීටවඩා හොඳ ලකුණක් නැද්ද? (නි)

:       0       0

සහන් Tuesday, 23 February 2016 05:41 AM

ඇත්තම නේන්නම්, මේ තනි අලියෙක් නෙවෙයි හවුල් අලියෙක්නේ දැන් දුවන්නේ. කෑලි ටික ඔක්කොම එක පැත්තට යනකම් හොඳයි. (ර)

:       0       0

යෙනුර Monday, 22 February 2016 05:07 PM

එතකොට දැන් ඉන්නේ වල් අලියෙක් නෙමෙයිද? අනේ මගේ කට. (බ)

:       0       0

එන්.ඩි හෙට්ටිආරච්චි - ලන්ඩන් Monday, 22 February 2016 10:38 AM

දුන් පොරොන්දු ඉටුකර මිසක් මීළඟ මැතිවරණයේදී හොර මැරකම් හා දුෂණ ගැන කතා පැවැත්වීම පමණක් සැහෙන්නේ නැහැ මහත්තයෝ. අවුරුදු 68ක්ම මාරුවෙන් මාරුවට ගයන බයිලා වලට රැවටුණු මින්සුන් වෙනුවට අලුතින් යමක් හිතන පරපුරක් ඉදිරියට එන බවත් ඒ අයට ජනතාවගේ ඡන්දය ලැබිය යුතුය. (ර)

:       0       0

සිරි Monday, 22 February 2016 06:50 PM

අලියාගේ නැට්ටෙන් නෙමේ ....? (බ)

:       0       0

සුමිත්‍රා බස්නයක Monday, 22 February 2016 10:47 AM

ඕනවට වඩා හීන මවන්න එපා... (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 617 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 297 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1100 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site