සිගිරිය ගෙඩිගස්වාලානට වල් අලින් ගම් වැදීම වැළැක්වීමට ඉදිකළ අලි වැටට වසර දෙකක් ගතවී ඇතත් මෙතෙක් විදුලිය සම්බන්ධකොට නැති බව ගම්මු කියති.
අලි වැට ප්‍රමිතියකින් තොරව ඉදිකිරිමන නිසා විදුලි කණු දැනටත් බිම වැටී ඇත. ඇතැම් කණු අඟල් 6ක පමණ වළවල් හාරා වළදමා ඇති බව ජනතාව කියති.
සීගිරිය අඩවි වන නිලධාරී ධම්මික පෙරේරා කියා සිටියේ මෙම තත්වය සත්‍ය බවයි. කඩිනමින් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව යොදවා විදුලි වැට නඩත්තු කර ඊට විදුලිය සම්බන්ධ කිරීමට ක්‍රියා කරන බවත් එතෙක් කොන්ත්‍රාත්කරුවන්ගේ රැඳවුම් මුදල් ලබා නොදෙන ලෙස ප්‍රාදේශීය ලේකම්ට දැනුවූ බවත් ඔහු කීවේය.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක කිසිසේත්ම වැඩක් නැහැ. කරන්න ඕන අලිමංකඩ වල් හදන එකයි. එකෙන් ගොඩවෙලා අලින්ට එන්න අමරුයි. වියදමක් ගියත් දිගුකාලීන ප්‍රතිපලයක් ගන්න පුළුවන්.(හේ)
රුපවතියගේ අදහසට නම් මාත් එකඟයි. (ර)
වසර 2ක් ගත වෙනකුත් මේ නිලධාරීන් කොහෙද හිටියේ මාධ්‍යවේදීන්ම පෙන්නන්න ඕනද මේවයි හරි වැරැද්ද.(බ)
අලි වැටක් සදහා කණුවක් නියම විදිහට හිටුවන්න බැරි අය රාජකාරියට සුදුසු නැත (බ)
අපේ ගමට වැදිලා ගෙවල් හදාගෙන අපිට යන්න කියනවා (ම)
ඇයි මේ වැඩ හමුදාවට බාර දෙන්න බැරි ? ඉහල ප්‍රමිතියෙන්... ගසාකෑම්වලින් තොරව හරියට වැඩක් කරගන්න නම් අපේ රටේ හමුදාවට බාර දෙන්න. දේශපාලකයින්ගේ සාක්කුවට යන මුදල් කුට්ටි දුප්පතුන්ගේ ප්‍රයෝජනයට වැය කරගන්න හැකි එකම මග තමා ඒ . යුද්ධයක් නැති රටේ හමුදාව තාමත් අපිට විශ්වාසයි. (ර)