අලි රොෂාන් අනවසරයෙන් අල්ලා ගන්නා ලදැයි කියන ඇතකු කතරගම මහ පෙරහර අවසානයේ වනජීවී භාරයට පත්විය.
වසර හයක් වයසැති මෙම ඇත් පැටියා සම්බන්ධයෙන් රහස් පොලිසිය උසාවි නියෝගයක් ලබාගෙන ඇත.
සමාධි නම් මෙම ඇතින්න ව්‍යාජ ලේඛන මත අලි රොෂාන් හෙවත් සමරප්පුලිගේ විරාජ් රොෂාන් විසින් හිමිකර ගන්නා ලදැයි රහස් පොලිසිය කියයි. 2014 අගෝස්තු 31 වැනිදා මෙම ඇතින්න රුපියල් පනස් ලක්ෂයක බැඳුම්කරයක් මත අලි රොෂාන්ට මුදා හැර ඇතැයි කියති.
එම ඇතින්න පින්නවල ඇත්අතුරු සෙවණට බාර දෙන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
මේ අතර බොදු බල සේනාවේ සම්බන්ධිකරණ ලේකම් මාගල්කන්දේ සුදන්ත හිමියන් හදිසියේ පුවත්පත් සාකච්ඡාවක් පවත්වමින් පැවසුවේ රටේ ලොකු ප්‍රශ්නයක් අැති විට ජනතා අවධානය වෙනතට හැරවීම සඳහා කොහෙන් හෝ අලියකු අත්අඩංගුවට ගන්නා බවයි.
ඡායාරූප - කේ.ඩී.දේවප්‍රිය
ඡායාරූප - චමිල් රූපසිංහ




COMMENTS
අලි රොෂාන් මේ අහිංසක සතාව හොරකම් කරලා. (බ)
හාමුදුරුවනේ, කැලේ ඉන්න අලි හොරකම් කරන එකත් රටේ ලොකු ප්‍රශ්නයක් තමයි (බ)
වන සම්පත වගේම අලි සම්පත රැකගැනීම රටෙත් ජනතාවගේත් වගකීමක්. මම කිතුනුවෙක් වුනත් බුදුන්වහන්සේගේ ඉගැන්වීමට ගරුකරන කෙනෙක්. බුදුන් වහන්සේ සහ ඇතුන් අතර සම්බන්ධතාවය බෞද්ධ ඉතිහාසයේ සඳහන්වෙන බව මා දන්නවා. උන්වහසේට වනයේදී සත්කාර කළ ඇතා හෝ උන්වහන්සේ විසින් දමනයකළ ඇතා උන්වහන්සේ වැඩසිටි කිසිදු ආරාමයකට රැගෙනගිය බවක්නම් මා දන්නේ නැහැ. කවුරු හෝ කෙනෙක් මට පැහැදිලි කරනවද අලි ඇතුන් සහ නැටුම් ගැයුම් ඇතිව කරන පෙරහැර හින්දු ආගමෙන් පැමිණ බොදු සංස්කෘතියට ඇතුළු වුණු දෙයක්ද නැතිනම් සිධාර්ථ ගෞතම බුදුන්වහන්සේගේ ඉගැන්වීමක්ද කියල. (බ)
බොදු බල සේනාවේ මොලේ මොනවද මන්ද තියෙන්නේ. රට වටේ දැන අලි අල්ලන්නේ ආණ්ඩුවද පොලිසියද? (අ)
විජේසිංහ, මම දන්නා තරමින්, අලි ඇතුන් පමණක් නොව, මුළු පෙරහෙර ම පසු කාලීනව එකතු වුන දෙයක්. (හේ)
අනේ මන්දා, පෙරහැරවල්වල යන අලි ඇතුන්ට හරි අපලයි වගේ. මෙහෙම ගියොත් පිටරටින් අලි ගෙන්වන්න වෙනවා පෙරහැර කාලෙට. පින්නවල ඉන්න අලි / ඇතුන් පෙරහැරවල්වලට සුදුසු විදියට පුහුණු කලොත් අනාගතේ අපේ රටේ පෙරහැරවල් වලට එම අලි සම්බන්ධ කරගන්න පුළුවන්. (හේ)
තව කී දෙනෙක් හොර ඇත්තු ඉන්නවද දන්නේ නෑ.(හේ)
මේ අහිංසක සතෙක්.(හේ)
අලියාගේ පිටේ නම ගහලා තිබුනද?(හේ)
මේ සත්තු එතනින් මෙතනට යනනවා. මෙතනින් අතනට යනනවා. පවු! (නි)
කැලේ රංචුව සමග ඉන්න අලියෙක් දවසකට කිලෝ මීටර් 3-4 රංචුව සමග කැලයේ ගමන් කරනවා.ඒ වගේම ආහාරත් ගන්නවා(අ)
අනේ මන්දා ප්‍රශ්න නැතුවට ප්‍රශ්න! (නි)
සමන් - මහත්මයා ඔය වගේ ප්‍රශ්නයක් කරලියට අවහම ආණ්ඩුවේ අඩුපාඩු අමතක වෙනවා කියල කියන්නේ (අ)
අලියව මරල නැනේ..ඔය කාල බීල හොදට ඉන්නේ අලි පැටිය වගේ..ඒ වගේම විජේසින්හගෙන් අහන්න අපිටත් දේවල් තියෙනවා..එයාලගේ ආගම ගැන..අහන්නේ නැ සන්හිදියාවට බාධා වෙන නිසා..(අ)
විජේසිංහ මහත්මයා අන්‍ය ආගමික වුවත් බෞධයෙක් ලෙසින් සත්ව අනුකම්පාවෙන් අදහස් දැක්වීම අගයමි. අපේ රටේ මේ අලි ජාවාරම සහමුලින්ම නතර කල යුතුයි. කැලේ නිදහසේ සිටිය යුතු සතුන් සහාසික ලෙස අල්ලා ගෙන ජාවාරම් කරුවන් කෝටි ගණන් මුදල් උපයනවා. මේ සියලු දෙනා තරාතිරම් නොබලා සිරගත කර දැඩි දඩුවම් දිය යුතයි.
ප්‍රියාන් ; ඕනෑම දෙයක් අහන්න අදහස් හුවමරුකරගනීම සංහින්දියාවට බාදාවක් නැහැ. ම දන්නා දෙයක් ඇත්නම් පිළිතුරු දෙන්නම්. මා අසා ඇත්තේ මට නොවැටහෙන දෙයක් ගැනයි. (අ)
අලි හොරු පරණ ආණ්ඩුවේ හෙන්චයියලා.එයාලට ඕනෑ දෙයක් කරන්න ලයිසන් දීලානේ තිබුනේ. (බ)
දැන් මේ අලියට ආණ්ඩුව කරන්නේ ජනතාවගේ බදු මුදලින් කන්න බොන්න දෙන එක තමයි .හරියට නිකන් තමන්ගේ අලි ආණ්ඩුවට ජනතා බදු මුදලින් කන්න බොන්න වාහන දෙනවා වගේ .(බ)
විජේසිංහගේ අදහස හරි. අලින් ඇතුන්ට වද දීල දීල පෙරහරේ යන්න පුරුදු කරලා... ඕකේ තියෙන අවිහිංසාව මොකක්ද? (බ)
මට හොඳට මතකයි මැටිපහන. එයා සත් දහම් වලට අකමැති කෙනෙක් කියල මතකයක් තිබුන. (බ)
මේවායින් මේ අහිංසක සත්තු මොනතරම් පීඩා විඳිනවා ඇද්ද? (නි)
එ් අලියමද කියලා කවුද දන්නේ.(හේ)
අලියාවද අත්අඩංගුවට අරන් තියෙන්නේ? අලි රොෂාන්ව එපායැ අත්අඩංගුවට ගන්න (නි)
විජේසිංහ මහත්මයා, ඔබේ වචනවලින්ම කියනවා නම් අලි ඇතුන් පෙරහැර වලට යොදාගැනීම බුදුන් වහන්සේගේ ඉගැන්වීමක් නෙමෙයි. යටත් පිරිසයින් නැටුම් ගැයුම් බැලීම පවා භික්ෂුවට අකැපයි. පෙරහැරක විසිතුරු බව ඇති කරන්නත් පෙර රජවරුන්ගේ උඩුඟුකම සහ මානය පෙන්නුම් කරන සංකේතයක් හැටියටත් අලි ඇතුන් යොදාගන්නවා (නි)
අයියෝ මැටි පහන... ඔයානම මටිම තමයි....(අ)
ප්‍රියාන් , සිංහල බෞද්ධයා ගේ වැරදි ඒ කියන්නේ අපේ වැරදි අපි හදාගන්න ඕනේ ,කුමන තරාතිරමක කෙනෙක් වුනත් වැරදි පෙන්වා දෙනවා නම් එය ඉතාම හොද දෙයක් ,පිළිගන්න සුදානම් වෙන්න (බ)
දැන් මේ අලියට මොකද වෙන්නේ.(හේ)
රටේ වෙන ප්‍රශ්න ඇත්තටම නැහැ වගේ. (අ)