නීති විරෝධී බලපත්‍ර සහිතව ළඟ තබාගෙන සිටින බව කියන අලි රොෂාන්ට අයත් අලි 5 දෙනෙක් අත් අඩංගුවට ගන්නා ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (27) නියෝග කළේය.
අලි රොෂාන්ට එරෙහිව නඩුවේදී රහස් පොලිසිය කළ ඉල්ලීමක් අනුව මෙම නියෝගය ලබාදුන්නේය.
එම අලි 5 දෙනා හෝමාගම පිහිටි අලි රොෂාන්ගේ නිවසට අයත් භූමියක සිටින බවත් අලින් සෙවීමට රහස් පොලිසිය එහි ගිය බවත් වාර්තාවේ.













COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අහිංසක සතුන්ට මෙලෙස සැලකීමට තරම් මිනිසුන් නරුමයන් වීම ගැන කණගාටුයි. සියල්ලන්ටම කරුණාකර උපරිම දඬුවම් ලබා දෙන්න. (අ)
කොයි තරම් එකක්ද, මේ පැත්තේ අතුරු පාරවල් වල යනවා දැකලා අපි ගිය ආණ්ඩුව කාලේ කොච්චර කෝල් දීලා තියනවද බලන්න බැරි දුකට. මේවා ගැන ක්‍රියාත්මක වුන ඒක ගැන අලුත් ආණ්ඩුවට ස්තුතියි (අ)
මාස 8 තිස්සේ මේ පරීක්ෂණ පමාවීම නම් අපට වටහාගත නොහැක. යම් කිසි අදෘෂ්‍ය මාන බලවේග මෙම පමාවන් පසුපසසිටින බව පෙනේ. ජාතික ආණ්ඩුවට පස්සේ මේවා සම්පුර්ණයෙන්ම යට යනු බවට අපට අවිස්වාසයක් ඇත. (අ)
අපට වටහා ගැනිමට බැරි දෙයනම් මොන (හොර) බලපත්‍ර තිබුනත් අලියකු තබා හරකෙකු වත් තබා ගැනීමට ප්‍රමාණවත් ඉඩක් නොමැති පර්චස් 20 ඉඩම් වල අලි ගාල් කරගෙන ඉන්න කොට සත්ත්ව හිංසාව යටතේ ක්‍රියාත්මක වීමට පොලිසියට තිබෙන බාධකය කුමක්ද යන්නවේ. (බ)
ආණ්ඩුව වෙනස් වුණේ නැත්තම් මේවා අැලිවෙයිද තවත් අයට ඇමතිකම් දේවි (අ)
පහුගිය ආණ්ඩුවේ හිටියේ හදවත් නැති මිනිස්සුද? ඇයි මිනිස්සු තිරිසනුන්ටත් වඩා අන්ත වෙන්නේ. යන තැනකට වැඩ කරන්න පටන් අරන් වගේ. (ම)
මේ වගේ කාලකණ්ණින්ට මතක හිටින දඩුවම් දෙන්න ඕනෙ, නැවතත් මේ වගේ අපරාද මේ රටේ වෙන එක නවත්වන්න, නීතිය හරි විදියට උපරිමයෙන් ක්‍රියාත්මක කරවන්න කියලා ඉල්ලා හිටිනවා. දැනුවත් කිරීම ගැන ස්තූතියි. (බ)
පහුගිය කලේ වෙච්ච දේවල් වල හැටියට මේ සිදුවීම සුලුදෙයකි. දැන් කෙරීගෙන යන හොර ගිවිසුම් වල හැටියට නැවතත් රට පාදඩකරණය කරාවි කියා අපට බියක් දැනෙනවා. අනේ ජනතාවගේ මහන්සිය. හරියට නොකලොත් නුඹලාට රටේවත් ඉන්න ලැබෙන එකක් නැහැ. දැන් නඩු එක එක හලන්නේ මක් නිසාද? (නදී)
ඇත්තටම ඉහත ප්‍රතිචාර කීපයෙන් පේනවා අපේ රටේ හදවත් උණුවෙන අය තාම ඉන්නවා කියල. දැන්වත් මේ වගේ දේවල් සහමුලින්ම නැවත්තුවොත් හොඳයි. නැත්නම් මිනිස්සු කියයි ඉඟුරු දී මිරිස් ගත්ත වගේ කියල (අ)
මහින්ද මහත්තයෝ ඔබ තුමා මේවට වග කියන්න ඕනි (අ)
ඉහළම කෙනකු නොදැනුවත්ව මෙවැනි හොරකම් සිදුවිය නොහැකිය. (අ)
ඒකාධිපති පාලනයට නතු වූ රටක සතෙකුටවත් නිදහසක් නැත. (ම)
හොරුන්ගේ කාලේ වැඩ මෙව්වා (නදී)