අලියෙක් දිනකට කිලෝමීටර 15කට වඩා වැඩි දුරක් ඇවිදිනවා. අලින් ආරක්ෂා කිරීමට නම් දැනට වෙන්ව ඇති කැලෑ එකට බද්ද කරමින් අලිමංකඩවල් ඇති කළ යුතු බව පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ පරිසරවේදී රවීන්ද්‍ර කාරියවසම් මහතා කියයි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ අලින්ට නිසි ලෙස ප්‍රතිකාර හා සාත්තු නොකරන බවටත් පෙරහැරවලට යොදාගන්නා අලින්ට විවිධ වධ හිංස පමුණුවන බවටත් එල්ල වන චෝදනා සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළ ප්‍රකාශයකට පිළිතුරු දෙමිනි.
‘අලිමංකඩවල් අතරේ කැලෑ වැව්වා නම් අලි ගම් වදින්නේ නැහැ. ඒ නිසා ලංකාවේ අලි රකින්න අලිමංකඩ රැකිය යුතුයි. පෙරහරවලට අලි අවශ්‍ය නම් පින්නවලින් ගන්න පුළුවන්. නැවත ඒ අලි පින්නවලට බාරදීම ද විධිමත්ව කළ යුතුයි. ඒ සඳහා දැන්මම වැඩපිළිවෙළක් සකස් කළ යුතුයි. ලංකාවේ හැමදාම පෙරහරවල් තියෙන්නේ නැහැ. ඒ නිසා එය පහසුවෙන් කළ හැකියි‘ යැයි ද ඔහු කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාම හොඳ දෙයක්. (නි)
ඉතින් අපිට අලි සරණයි! අලින්ට මිනිස් සරණයි! (නි)
මේ වැඩේ නම් ඉතාම හොඳයි. එ්ත් එ්කත් අලි මරන්න ලෙහෙසි මඟක් කරගනීවිද මන්දා? (නි)
විල්පත්තුවේ විශාල කැලයක් අනවසරයෙන් කපා දමා තිබෙන එක ගැන කිසි සද්දයක් නැතිව අලුතෙන් අලින්ට ජීවත් වෙන්න තරම් ලොකු කැලයක් හදිසියේ වවන්න කරන යෝජනාව හරිම අපුරුයි නේද? (ම)
මේ අදහසට මගේ සම්පුර්ණ සහය. ඕක තමයි කල යුතු දේ සහ එකම විසඳුම. (ර)
ඇයි එහෙනම් විල්පත්තුවේ අක්කර දහස් ගණනක් කපලා මිනිස්සු පදිංචි කරනකන් බලන් හිටියේ? කලින් කරා කියලා අත පිහදගන්න බැහැ. ඔය කාටත් පරිසරය සම්බන්ධව කැක්කුමක් නැහැ. (ර)
ඔය කියන ව්දියටම කරනවානම් කොච්චර හොඳයිද. තියෙන කැලෑ ට්කත් සුද්ද කරලා ගෙවල් හදනවා. (ර)
කතාව විතරයි, වැඩ නැහැ. අරෙහේ විල්පත්තුව කපනවා, වගකිවයුත්තන් නිදි. (නි)
වැඩක් නැහැ සුසන්ත මේවා ගැන කතාකරලා. වනජීවිය හදන්න ආ කෙනාට වුණ වැඩෙන්ම පේනවනේ. (නි)
වනාන්තර විනාශ කිරීම මරණීය දණ්ඩනයට යටත් කළයුතු වරදක් ලෙස පිළිගැනෙන පනතක් පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීම ඉක්මනින් කළයුතුය (නි)
ජයම්පති කියන්නේ සම්පුර්ණ ඇත්ත. (නි)