ඉදිරියේදී පිහිටුවිමට නියමිත නායකත්ව මණ්ඩලයේ සමාජිකත්වය උපරිමය සිව් දෙනෙකුට සීමා විය යුතු බවත් නායක රනිල් වික්‍රමසිංහ මහතාද එයට ඈතුළත්ව ඔහු සතුව ඇති බලය සමසේ බෙදී යා යුතු බවත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමෙන්තු මන්ත්‍රි රවි කරුනණායක මහතා එසෑණට පෑවසීය.
සිව් දෙනකුට වඩා සාමාජිකයින් ගණන වැඩි වන්නේ නම් නායකත්ව මණ්ඩලය විහිළුවක් වන බවද ඔහු කියයි. පක්ෂ නායකත්වය බලා සිටින සජිත් ප්‍රේමදාස මහතා ගැන විමසිමෙදි රවි කරුණානායක මහතා කියා සිටියේ ඔහු ජනාධිපතිවරයෙකුගේ පුතකු පමණක් බවයි.ඒ හැරුණූ විට ‘‘ඔහුට අන් සුදුසු කමක් නෑ‘‘.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අයගේ කතා, අතීතය තවමත් අපේ සිංහලයන්ට අමතක නැත. කිලිනොච්චි යනවා කියා මැදවච්චි යනවා,සරත් ෆොන්සේකා සුදුසු නැහැ ගැළවිමේ හමුදාවටවත්,අලිමංකඩ කියා පාමංකඩ යනවා... මේවා නිසා සිංහල අය එජාපයෙන් ඉවත් වුණා. නායකත්වයේ සිටින බොහෝ දෙනෙක් ඉන් ඉවත් වුණොත් එජාපයට හොඳ අනාගතයක් තිබෙනවා (නි)
අපි වෙන දෙයක් ගැන කතා කරමුද? (නි)
රවීගේ කතාව අද දෙයියෝ සාක්කියට ඇතුළු කලානම් හොදයි කියා මට හිතෙනවා. කොහොමත් අලියාගේ කකුල් හතරට හතරක් ගැන තමයි එයා හිතල තියෙන්නේ. රනිල්,මංගල,රවී අනික කවුද?(නදී)
හතර දෙනෙක් සමබර නොවෙන බැවින් පස් දෙනෙක් සිටියා නම් හොඳ නැද්ද ? (ස)
මොහාන්, හොඳ කියන්න තියෙන්න එපායැ. (ස)
රවී මහත්තයා කට සද්ද නැතුව ඉන්නවද ? වැඩේ අනන්නේ නැතිව !!! (ස)
සජිත්ට එහෙම හරි සුදුසුකමක් තියෙනවා.ජනතා කැමැත්ත වැඩි සජිත්ට බව ඔබ ඇතුළු සේරම දන්නවා. (ස)
කවුරු මොනවා කිව්වත් සජිත් අවංක නිර්භීත නායකයෙක්. නායකයෙකුට සුදුසු සියලුම විශේෂලක්ෂණ සජිත් සතු තියනවා. සජිත් වැනි ජනරංජන නායකයෙක් තමයි අද එජාපයට අවශ්‍ය වෙලා තියන්නේ. (ස)
ඉන්න අයගෙන් ජනතා කැමැත්ත වැඩිම සජිත්ට ඒ නිසා ඔහු තාම සුදුසුම. (ස)
බොරු මණ්ඩල වැඩක් නෑ.රනිල් මහත්තයෝ සජිත් මහත්තයට ඕක දීලා ඔබ තුමා කැමති නම් විදේශ කටයුතු බලලා දෙන්ඩ. (ස)
එතකොට මෙයාට තියන සුදුසු කම් මොනවද?. යු.එන්.පී එක අද මේ තත්වයට වැටෙන්න මෙයත් එක හේතුවක්.(නදී)
ඔබ වැනි අයගේ යුද්දෙ ගැන තිබ්බ ආකල්ප නිසා තමයි යූඑන්පී එකට මෙහෙම උනේ.කරුණාකර පාමංකඩ කතා නොකියා නිහඩ වෙන්න. අපි නම් සජිත්ට. (ස)
අනේ උන්නැහේ සජිත්ට ඒ සුදුසුකම හරි තියෙනවා. එහෙම බැලුවොත් තමුන්ට ඒකත් නැහැනේ. ඔන්න ඔය කුහක කම නිසා තමයි යුඑන්පී එකට මෙහෙම උනේ, ඒ විතරක් නෙවෙයි යුද්දේ බොහොම අපුරුවට දිනාගෙන එද්දී තමුන් කරපු මෝඩ කතාව නිසා පක්සේ අවු 15 පස්සට ගියා, දැන්වත් දුර දර්ශි දේසපාලකයෙක් විදයට වගකීමක් ඇතිව වැඩ කරමු. (ස)
ඔය අනම් මනම් පාමංකඩ කතා නිසා තමයි යු එන් පි එකට මෙහෙම වුණේ කියලයි මට නම් හිතෙන්නේ (නි)
මහා මණ්ඩලය ඔත්තේ ගණනක් විය යුතුයි. රවී මහත්තයා නැවතත් මෙය අවුල් කරන්නයි හදන්නේ.(නදී)
ඔය කතා කරන වචන තවටිකක් හිතලා බලලා කතා කළා නම් පක්ෂය මීට වඩා දියුණු වෙනවා (නි)
මේවට බොරුවට ප්‍රතිචාර දක්වන්න එපා (නි)
එතුමා කිවුවොත් “මාත් ඇමති කෙනෙක්ගෙ පුතෙක්“ කියලා, ඒක පිලිගන්න එක නුවණට හුරුයි. (ස)
හතර දෙනෙක් කියන්නේ රනිල්ගෙ දෙන්නයි සජිත්ගෙ දෙන්නයි. අයෙත් වලටම තමයි ඇදෙන්නේ. අනේ මහත්තයෝ අලියට ගොඩ එන්න දෙන්න. ඔබතුමාගෙ කතා අපි දන්නවනෙ. වවුලන්ට ෂොපිං කරන්න සතොස ඇරල තිව්වෙ කවුද කියලා අපි දන්නවා. (ස)
කකුලෙන් අදින්න හදන්න එපා රවී මහත්තයෝ, පක්ෂය ඉදිරියට ගෙනියන්න ඕනෑ නම් අනිවාර්යයෙන්ම සජිත් ප්‍රේමදාස මහත්තයා රනිල්ගේ පුටුවට පත් කළ යුතුමයි. ආයේ කතා දෙකක් නැහැ. රවී මහත්තයාටත් මොකක් හරි තනතුරක් ඕනෑ නම් ඉල්ලගන්න.අපි පරම්පරාවෙන්ම නිල පාක්ෂිකයෝ. හැමෝටම වගේ අපටත් දුකයි පක්ෂය ගැන (නි)
අනේ මේ දැන්වත් කට වහගෙන ඉන්නවද....අපිට මතකයි ඔබතුමා කරපු වැඩ.....ජීවිත කාලෙටම........ (ස)
මම නම් කියන්නේ සජිත් තමා නායකයා වෙන්න ඕනෑ. (නි)
ඕනෑම රටක ආණ්ඩුවක් හරියට රට පාලනය කරවන්න නම් හොද විපක්ෂයක් තිබිය යුතුයි. (නි)
අන්තර්ජාලයේ අදහස් දක්වන අයගෙන් 80%ක්ම ආණ්ඩු වීරෝධීන්. නමුත් ඡන්දයක් තිබුණොත් ඒකේ අනෙක් පැත්ත. (නි)
රනිල්, සජිත් දෙන්නම එක වගේ. අන්තිමට එක්සත් ජාතික පක්ෂයට ඔය දෙන්නටම තරග කරගෙන තමා ඉන්න වෙන්නේ. (ස)
ඔය ටික තේරුම් ගත්ත එක ලොකු දෙයක්. එ ජා පෙ කට්ටිය, මම නම් එ ජා පෙ නෙමේ. (ස)
කතා කරද්දී වචන ප්‍රවේශමෙන් කතා කළොත් හොදයි (නි)
රවී මහත්තයට ඕනේ විදියට නෙවෙයි යුඑන්පී එක සංශෝධනය විය යුත්තේ. ජනතාවට ඕනේ විදියට.විශේෂයෙන්ම ග්‍රාමීය ජනතාවට සහ යුඑන්පි එක හිටපු පථාක යොධයො දෙන්නා නිහඩ වෙලා. අන්න ඒ අයගෙ අදහසුත් විමසා බැලිය යුතුයි. (ස)
මණ්ඩලයක් වැඩක් නෑ. අපේ එකම නායකයා සජිත්, අශ්වයෝ 1000 ක් දැම්මත් වැඩක් නෑ දිනන අශ්වයා නැත්නම් (ස)
සත්‍යය කටුකයි. අමිහිරියි. යථාර්තය තමයි සජිත් කියන්නේ ප්‍රාදේශීය නායකයෙකු බව. එයාට ඔච්චර ජනවරමක් තියෙනවා නම් පසුගිය මැතිවරණ වලදී එයාගේ ප්‍රදේශය පසුබැස්සේ ඇයි? (නි)
මම නම් හිතන්නේ රවීට වඩා හොද අත්දැකීම් සම්භාරයක් සජිත්ට තිබෙනවා.ඒත් නායකත්වයට තවම තරුණ වැඩයි.නායකත්වය කරූට දීලා සජිත්ට උපනායකකම දීලා තව ඉදිරියට එ.ජා.පයේ නායකකමට සජිත්ට අත්දැකීම් ලබාගන්න ඉඩ දෙන්න ඕනෑ. (නි)
අපිට නම් අපේ නායකයා සජිත් (නි)
ජනතාවගේ ආකර්ශනය මොකක්ද කියලා මේ සමහරු දන්නේ නැහැ.සල්ලි තිබුණට ජනතා ආකර්ශනය ගන්න බැහැ. (නි)
මට සිතෙන හැටියට රවී කරුණානායක තමයි පක්ෂයට සිටිය යුතු හොදම දක්ෂම උගත් නායකයා. (නි)
ඉසරදයට කොට්ටය මාරුකරන එක බොහොම හොඳ ප්‍රථිකර්මයක් කියලා පුරාණ ඍෂිවරු කියලා තිබෙනවලු. (නි)
අපෝ මෙතුමාගේ හොඳ කියන්නේ නැහැනේ කවුරුවත්. මොකද ඒ ? (ස)
රවීට ජයවේවා! රනිල් දිනේවා! මහින්ද මහතා සදාකාලික ජනපති වේවා! (නි)