IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


අලි මැරුවොත් මනුෂ්‍ය ඝාතන දඬුවම දෙන්න

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

අලි ඝාතන කරන අයට මිනිස් ඝාතනයට සමාන දඬුවමක් දිය යුතු යැයි සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල්  සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

අලි සම්පත මෙන්ම සෙසු සත්ව සම්පත නිසියාකාරව කළමනාකරණය කරගත්තොත් රටට සංචාරක ආකර්ෂණය ලබා ගැනීමට හැකියාව තිබෙන අතර  යාල ආදී වනෝද්‍යාන ලෝකයේ හොඳම වන උයන් බවට පත් කරන්නට හැකියාව පවතින බව කීය.

ලංකාවේ ගම් වදින වල් අලි සිටින්නේ  පන්සියයක් පමණකියි ද ජලය සහ ආහාර සොයාගෙන මේ අලි ගම් වදින බවද ෆෝන්සේකා මහතා කීය.

අලින්ට ආහාර හා ජලය ලබාදීමට තෘණ  භූමි හා ජල තටාක  අදාල ප්‍රදේශවල නිර්මාණය කළ හැකි නම් වල් අලි ගම් වදින ප්‍රශ්නයෙන් සියයට අනූවක් පමණ විසඳා ගැනීමට හැකියාව තිබෙන බවද මන්ත්‍රීවරයා කීය.

අදාළ පියවර ගත්තොත් අලින්ගෙන් කෘෂිකාර්මාන්තයට වන හානිය අඩුවී ඉතිරියක් ලබා ගැනීමට හැකියාව තිබෙන අතර  අලි වැට වලට යන විශාල වියදමක් ඉතිරි කර ගත හැකිව තිබෙන්නේ යැයි ෆොන්සේකා මහතා සඳහන් කළේය.



අදහස් (8)

අලි මැරුවොත් මනුෂ්‍ය ඝාතන දඬුවම දෙන්න

බද්රානි Monday, 11 December 2023 04:01 PM

අනේ අපරාදේ! ඇයි, මම ලංකාවේ අලියෙක් වෙලා ඉපදුනේ නැත්තේ..? බැරි වෙලාවත් මම අලියෙක් වෙලා ඉපදුනා නම්, ඔය ගම්වල ඉන්න අහිංසක මිනිස්සුන්ගේ ගොවිපොළවල් වෙනුවට, නගරයේ ඉන්න අලින්ට ප්‍රේම කරන අයගේ ගෙවල් ඇතුලටම ඇවිත් කෑම ඉල්ලනවා.. කෑම දුන්නේ නැත්නම් උස්සලා පොළොවේ ගහනවා....මහපාරේ ගමන් කරද්දී ඉඩ ලබා නොදුන්නොත්, ඒ වාහන කුඩු කර දමනවා...හැකිතරම් අලි වර්ගයා බෝකරලා, ලංකා භුමිය මේ අසමත්ජාතීන්ගෙන් මේ රට ගලවා ගන්නවා... මේ රටේ හිඟන අමන ජාතියට වඩා අලි පරපුර වැදගත් බව පෙන්වනවා.. රුපියලක වටිනාකමක් නැති ශ්‍රී ලාංකිකයින්ට, බල්ලන්ටත් වඩා පහලින් තබන්න නව නීති අවශ්‍ය නොවන බව මම දැඩි ලෙස අවධාරණය කරනවා...රටේ කාන්තාවන් විකුණගෙන කන ජාතිය, අලින්ව විකුණගෙන කෑමට විරුද්ධව දැඩි නීති ක්‍රියාත්මක කරනවා... අලි පරපුර ගහන වේවා!! අලින්ට ජයවේවා!!

:       14       5

Ishanka Palihawadana Tuesday, 12 December 2023 01:54 AM

අනේ මේ හලෝ නිකන් ගොන් කමෙන්ට් දාන්න එපා. ඒ සත්තුන්ගේ කැලෑ අල්ලන් ඉඩම් එළි කරලා, අලිමංකඩවල් වහලා මොනාද ඒ සත්තු කන්නේ. කොහෙද ඉන්නේ. ඒ සත්තු වගා කරන් කන්නද තමුසෙලා වගේ නැත්තන් තමුසෙගේ මිදුලේ ජීවත් වෙන්නද. ඒ සත්තු කෑම හොයාගන්නේ ජීවත්වෙන්නේ කැලෑවේ. කැල්වෑ ටික කපා දාලා අඩියෙන් අඩිය විදුලි වැටවලුයි, බඳින තුවක්කුයි තිබ්බම කොහොමද එයාලා ජීවත් වෙන්නේ. අහසින් වඩින්නද කියන්නේ. අනවසරයෙන් කැලෑ අල්ලන් වගා කරන් ගෙවල් ගහන් ඉන්න මිනිස්සු තමා වැරදි. ඒ සත්තු තමුසෙලාගේ ගෙට රිංගන්න ආවේ නෑ. තමුසෙලා තමා ඒ සත්තුන්ගේ කැලෑ හොරෙන් අල්ලන් තව අයිතිවාසිකමුත් කියනවා. ආත්මාර්ථකාමී මිනිස්සු. මොකෝ ඒ සත්තුන්ව මැරුවා කියලා තමුසෙලාට නිධානේ පහළ වෙලා නෑනේ. තමුසෙලාට හරියන්නෙත් නැත්තේ ඔන්න ඕක නිසා තමා. හිතේ තියෙන දුෂ්ඨ අදහස්.

:       0       0

ලුම්බිණි Tuesday, 12 December 2023 05:26 AM

අලින්ට ආරක්ෂාව අවශ්‍ය ඒ අයට ඉන්න හිටින්න තැනක් නැති කරපු එකේ අඩු වශයෙන් ජීවත් වෙන්න වත් ඉඩක් ලබා දිය යුතු නිසා. අලින්ට ගිහින් තමන්ට වෙච්ච අසාධාරණය ගැන පැමිණිලි කරන්න බැහැ.

:       0       0

Booker Monday, 11 December 2023 04:50 PM

ලංකාවේ හාල් ඇට, පරිප්පු ඇට හැම දේම ගන්නේ පිටරටින්. කෘෂිකර්ම අමාත්‍යාංශය සම්පූර්ණ පාඩු ලබන තැනක්. හැබැයි වසරකම අලි 400ක් මරණවා ගොවිතැන් කියලා. එක අලියෙක් ඩොලර් දහස් ගණනක් ගේනවා සෆාරි වලින්. එක්කෝ ගම්මු ඒකටවත් පුරුදු වෙන්න. හබරණ මිනිස්සු නම් ගොඩ ගියා මේ ක්‍රමයට. කොහොම හරි රටේ සම්පතක් වන ඉතිරි අලි ටික බේරා ගනිමු...!

:       4       10

Lakmal Monday, 11 December 2023 07:09 PM

දළ ජාතික නිෂ්පාදනයට සංචාරක කර්මාන්තයට වඩා වගේ කීප ගුණයකින් කෘශිකර්මාන්තයෙන් දායක වෙනවා. හැබැයි කෘෂිකර්මාන්තය, සංචාරක කර්මාන්තය වගේ පොෂ් නෑ. මාස කීපයක් බඩගින්නේ හිටියාම අපේ අයට මොලේ පෑදෙයි...

:       0       0

dupul Monday, 11 December 2023 08:42 PM

අනේ මහත්තයෝ ඔයත් වනජීවී ඇමති වෙලා හිටිය නේද? ඒ දවස් වල තමයි ඔය නීති ගෙනෙන්න තිබුනේ.

:       0       0

Perera Monday, 11 December 2023 11:37 PM

මහ අලියට අදාළ නොවිය යුතුයි

:       0       0

අලි සුල්තාන් Tuesday, 12 December 2023 12:16 AM

වගා හානියක් අලියෙක් කෙරුවොත් ඒක වනජීවී ඇමතිගෙන් අයකර දෙන්න ගොවියන්ට. අලි ගම් වැදීම, වගාහානි කිරීම නවත්තන්න ක්‍රමයක් හදලා ඕනේ නීතියක් ගේන්න. දුප්පත් ගොවියා ගැන හිතන කව්රුත්ම නැද්ද. අලි මරණ එක වරදක් තමයි ඒවාට පිළියම් කෝ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 118 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 949 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site