IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


අල් මීරා වෙතින් රාමදාන් මාසයේදී භාණ්ඩ 1,437 ක් පිරිවැය මිලටම

Al-Meera

 

එළැඹෙන ශුද්ධ වූ රාමදාන් මාසය වෙනුවෙන් විශේෂ දීමනා ලබාදීමේ වැඩසටහනේ තවත් පියවරක් ලෙසින් තෝරාගත් භාණ්ඩ 1,437 ක් ඒවායේ පිරිවැය මිලටම ගනුදෙනුකරුවන්ට ලබාදීමට අල් මීරා පාරිභෝගික භාණ්ඩ සමාගම කටයුතු යොදා තිබේ.


රට පුරා පිහිටි අල් මීරා ශාඛාවලදී තවත් දින කිහිපයකින් ආරම්භ වන මෙම දීමනාව ශුද්ධ වූ මාසය අවසානය දක්වාම ක්‍රියාත්මක වන බව එම සමාගම නිකුත් කළ නිවේදනයක දැක්වේ.


අල් මීරා සමාගම සිය දේශීය සැපයුම්කරුවන්ගේ සහයෝගය ඇතිව ඉහත ප්‍රවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කරන අතර ඒ හරහා පුළුල් පරාශයක විහිදුණු පාරිභෝගික භාණ්ඩ 850 ක් සහ ඊට අමතරව ගෘහස්ථ සහ මුළුතැන්ගෙයි උපකරණ 300 ක් පමණ පිරිවැය මිලට ලබාදීමට කටයුතු යොදා ඇත.


එසේම රට පුරා පිහිටි ශාඛා 31 ක් හරහා කටාර් පුරවැසියන්ට “ටම්වීන්” (සහනාධාර භාණ්ඩ) ප්‍රමාණවත් පරිදි සැපයීමටද අල් මීරා සමාගම බලාපොරොත්තු වෙයි.


“ශුද්ධ වූ රාමදාන් මාසය තුළදී පාරිභෝගිකයන්ට වැඩි ප්‍රතිලාභයක් ලබාදීමට අපි උනන්දු වෙනවා. ඉතිං මේ වසරේදී වෙනස්ම දෙයක් ගනුදෙනුකරුවන්ට ලබාදීමට අපි තීරණය කළා. ඒ නිසා තමයි හිජ්රි 1437 වසර වෙනුවෙන් විවිධ භාණ්ඩ 1437 ක් පිරිවැය මිලටම පාරිභෝගිකයාට ලබාදීමට අපි කටයුතු යොදා තියෙන්නේ” යනුවෙන් අල් මීරා හි නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරි ආචාර්ය මොහොමඞ් නාසර් අල් ක්හාන්ති පවසයි.


එසේම ඊද් චැරිටි, කටාර් චැරිටි සහ කටාර් රතු අඩ සඳ වැනි පුණ්‍ය සංවිධාන විසින් ක්‍රියාත්මක කරනු ලබන විවිධ රාමදාන් ව්‍යාපෘති සඳහාද සිය සමාගමේ දායකත්වය ලබාදෙන බව ආචාර්ය අල් ක්හාන්ති පවසයි.



අදහස් (0)

අල් මීරා වෙතින් රාමදාන් මාසයේදී භාණ්ඩ 1,437 ක් පිරිවැය මිලටම

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 109 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 741 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 367 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site