(නිමල කොඩිතුවක්කු)
අලි මිනිස් ගැටුම හේතුවෙන් වන අලින් 191 ක් වසරේ මේ දක්වා කාළය තුළ මිය ගොස් ඇතැයි වනජීවි දෙපාර්තමේන්තුවේ අලි සංරක්ෂණ අංශය පවසයි.
වෙඩි තැබීම්, විදුලි සැර වැදීමෙන්, හක්කපටස් පිපිරීමෙන්, විෂ ශරීර ගතවීමෙන් ඇතුලු වෙනත් අනතුරු හේතුවෙන් මෙම අලින් මියගොස් ඇතැයි එහි ප්‍රකාශකයකු පැවසීය.
ඒ අනුව වෙඩි තැබීම් හේතුවෙන් වන අලින් 72 ක්, විදුලි සැර වැදීමෙන් වන අලින් 45ක්, හක්කපටස් පිපිරීමෙන් වන අලින් 37 ක්, විෂ ශරීර ගතවීමෙන් වන අලින් 3 ක්, දුම්රිය අනතුරු මගින් වන අලින් 16ක්, වගා ළිං වලට වැටීමෙන් වන අලින් 3 ක් සහ වෙනත් අනතුරු හේතුවෙන් වන අලින් 15ක් මියගොස් ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලි මිනිස් ගැටුමෙන් 191ක් මැරුණාලු. මිනිස් ජීවිත කීයක් විතර නැති වුණාද කියලා හරියට ගණන් කරගන්න බැරි වුණාදෝ කියලත් හිතුණා..
මේ සමගම අලි මිනිස් ගැටුම නිසා මිනිසුන් කී දෙනෙක් අනතුරට ලක්වූ බවත් සඳහන් කළා නම් තමයි හොඳ...!