
(විමුක්ති එස් රුද්‍රිගු)
අලි මිනිස් ගැටුම විසඳීම සඳහා ජාතික ක්‍රියාකාරී සැලැස්ම වහාම ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලමින් සිවිල් සංවිධාන සහ පරිසර සංවිධාන රැසක නියෝජිතයෝ පිරිසක් කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට අද(18) පෙරවරුවේ විරෝධතාවක් පැවැත්වූහ.
මෙම වසරේ පළමු මාස 10 තුළ අලි 300 කට ආසන්න ප්‍රමාණයක් ඝාතනය වී ඇති බවත් අලින්ටද නිදහසේ ජීවත් වීමට අයිතියක් තිබෙන බවත් එම නියෝජිත පිරිස පෙන්වා දුන්හ.අලින්ව වඳ වීමට නොදී බේරා ගත යුතු බවත් එසේ නොකළහොත් අනාගතයේදී ඡායාරූප වලින් පමණක් අලින්ව දැක ගැනීමට සිදුවනු ඇති බවත් එම නියෝජිත පිරිස ප්‍රකාශ කළහ.
අලි මිනිස් ගැටුම හේතුවෙන් හක්ක පටස් මරණ 651 ක් වාර්තා වන බවද එම නියෝජිත පිරිස පෙන්වා දුන්හ.එසේම අලි බිම් රැකගන්නා ලෙසත් අලි මංකඩ අවහිර නොකරන ලෙසත් එම නියෝජිත පිරිස වන සංරක්ෂණ නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියහ.
(ඡායාරූප: ශාන්ත රත්නායක)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කලින් දැනුම්දීමක් වුණා නම් අපිටත් සහභාගි වෙන්න තිබ්බා. දවසින් දවස මේ අසරණ සත්තු ටිකව මරලා දාන හැටි බලන් ඉන්න බැහැ දුකයි. රනිල් ගැලරිය පිනවන්න මේ වගේ නැතිවේගෙන යන සත්තු ගැන කතා පවත්වනවා විතරයි. ප්‍රායෝගිකව කිසිම දෙයක් ඔවුන්ව රැකගන්න කරන්නේ නැහැ...