කූඨ ලේඛන සාදා අලි ළඟ තබාගෙන සිට වනජීවී බාරයට ගත් අලි පින්නවල අලි අනාථාගාරයේ ආරක්ෂිතව රඳවා ඇති බවත් අලි බැලීමට පැමිණෙන අලි හිමියන් කියාගන්නා අය සීමා කිරීමට පියවර ගැනිමට අධිකරණයෙන් ඉල්ලා සිටින බවත් තිරසාර සංවර්ධන හා වනජීවී අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා පැවසීය.
පසුගිය දෙසැම්බර් 23 වැනිදා කොළඹ මහේස්ත්‍රාත් තිළිණ ගමගේ පින්නවල අලි අනාථාගාරයට බලෙන් ඇතුළු වී එහි සහකාර අධ්‍යක්ෂිකාවට තර්ජනය කර අලි බැලිමට යාම නිසා මෙම තිරණය ගැනිමට සිදුවන බවත් අමාත්‍යවරයා කීය.
ඔවුන් ඇතුළුවී අලින්ට හිංසා පීඩා කළහොත් වනජීවී දෙපාර්තමේන්තුවට ගැටළුවක් ඇති විය හැකි බවත් ඔහු සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය අලි බලන්න එන්නේ නම් හොඳකට නොවෙයි (නි)
මෙම පුද්ගලයට විරුද්ධව නිතිය ක්‍රියාත්මක විය යුතුවේ. ඔහු රජයේ නිලධරිනියකට තර්ජනය කර ඇත. බලහත්කාරයෙන් ඇතුළුවීම සම්බන්ධයෙන් ඥානසාර හාමුදුරුවන්ට වගේ නිතිය ක්‍රියාත්මක කරන්න. (ම)