හීලෑ අලින් සමඟ තුන් මාසයක් ශ්‍රී ලංකාවේ නිවාඩුවක් ගත කිරීමට ස්වීඩන් පෙර පාසල් පාලිකාවක සීගිරියට පැමිණ සිටින්නීය.
ඇය බර්ගිටා ප්‍රිට්ස් (52) දෙදරු මවකි.
ඇය පියසේන ගමගේ (අලි පියා) මහතාගේ අලිත් සමඟ ජීවත් වෙමින් එම අලින් රැක බලා ගනියි.
අලින් නැහැවීම, පිරිසිදු කිරීම, අලි බෙටි ඉවත් කිරීම , ඇත්ගොව්වන්ගෙන් අලි භාෂාව ද ඉගෙන ගනිමින් සිටින්නීය.
මේ වන විටත් මාසයක පමණ කාලයක් මෙම අලින් සමඟ ගත කැර ඇති ඇය ගැන ගමගේ මහතා කියා සිටියේ මිනිසුන්ට වඩා ඇය අලින්ට ආදරය කරන බවයි.
අලි ඇතුන් සමඟ කල් ගෙවීම මානසික සුවයට හේතු වන බව බර්ගිටා මහත්මිය පැවසුවාය.
මේ වන විට ඇයට සාමාන්‍යයෙන් අලි භාෂාව මෙන්ම අලියා මෙල්ල කරන හෙණ්ඩුව ද හුරු වී ඇත.
එසේම ඇත්ගොවුවන් සමග දැඩි සැමීප බවත් පෙන්නුම් කරන්නීය.
‘මම අලින්ට හරි ආදරෙයි. මම ලංකාවටත් හරි ආදරෙයි.‘ යනුවෙන් ඇය සිංහලෙන් ද කතා කරන්නීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා මේවා පේස්බුක්, යු ටියුබ්, වෙබ් සයිට් වලදොලා හොද ගානක් හම්බකරගන්න යන්නේ. අපේ අය තවත් ප්‍රසිද්ද කරනවා. අලි භාෂාව දන්නවා කියල හොදට හමබකරේ. මේ වගේ දේවල් වලක්වන්න ඕනා. මේගොල්ලෝ තමා අපේ සම්පත් අඩු මිලට සුරා කන්නේ.(නදී)
මෙයාව "සිරිකොත" දිහාවෙ එක්ක ගියොත් නරකද? (නදී)
"මෙයාව "සිරිකොත" දිහාවෙ එක්ක ගියොත් නරකද?" (නදී)
අපේ සමහර අය සැම විටම වැරදි කෝණයකින් තමයි බලන්නේ? (නදී)
අපිත් ආදරෙයි. (ත)
ඇස් තියෙන හැමෝටම අලි බලන්න පුළුවන්. නමුත් වනාන්තරවල වාසය කරන අලි ඇතුන් විපත් වලින් බේරාගන්න , ඒවාට උදව් කරන්න පුළුවන් අය මෙරටට ගෙන්වා ගැනීම තමා වඩාත් හොඳ. මේ ක්‍රියාවලියත් එක් අතකට කමකුත් නැහැ ඉතින්.(නදී)
මිනිසුන් ළඟ මෙන් කුහකකම් සතුන් ළඟ නෑ. (ත)
සමහර විට මානසික සුවය පතා කරනවා ඇති.සමීක්ෂණයක් සඳහා කරනවත් ඇති.මොනවා කළත් ලංකාවේ නීතියට අනුකූල නම් ගැටලුවක් නෑනේ. (ස)
මේක ලාබෙට ලංකාව වගේ රටක නිවාඩු ගත කරන ක්‍රමයක්.(නදී)
මෙම කාන්තාව අලින්ට කරන සේවය අගය කර රජය විසින් කුසලතා සහතිකයක් දීමට කටයුතු කරන්න. එය අප සංචාරක කර්මාන්තයටත් හොදයි.(නදී)
හොඳ වැඩක්. ඒත් පරිස්සමින්.(නදී)
අපෙත් ඉන්නවා හොද අලි ටිකක්.(නදී)
හෙන්ඩුවත් අතේ නේද? එහෙනම් පක්ෂේ නායිකාව කරමුද? (නදී)
ලංකාවේ අයට ඉතින් සුදු පාට මාර වටිනවා. මම ඉන්නේ ඔය සුද්දන්ගේ රටක. (නදී)
ලංකාවේ මෙවැනි සම්පත් වල වටිනාකම ලංකාවේ බොහෝ අයට වැටහෙන්න ගන්නේ ඒ සම්පත් වඳ වුනාට පස්සේ.(නදී)
මෙයා පෙර පාසැල් පාලිකාවක්නේ. මම හිතන්නේ මෙයාගෙන් ඉගෙනගන්න පොඩි උන් බලාගන්න එක අලි බලනවට වැඩිය අමාරු ඇති. ඒක තමා මේ ලංකාවට ඇවිල්ල අලි බලලා පුරුදු වෙන්නේ. කොහොම උනත් පරෙස්සමෙන් හොඳේ.(නදී)
දෙදරු මවක් ලංකාවට ඇවිත් අලි සමග කල්ගත කරන්නත් කාලය සහ නිදහස තිබෙනවා. අනේ මමත් ලබන ආත්මයේ ඒවගේ රටක උපදින්න පින් කොරන්න ඕනේ. (නදී)
මෙයගෙ මෙ වැඩේත් විස්නු දෙයියෝ බටකොළ කෑවා වගේ වැඩක් ද?(නදී)
මෙහෙම ලියන්නේ කුහක කමට නෙවෙයි , මෙයාල අපෙන් හැමදේම ඉගෙනගෙන තමන්ගේ රටවල් වලට ගිහින් රුපවාහිනී වාර්තාමය වැඩසටහන් කරලා ඩොලර් මිලියන ගණන් හම්බ කරගන්නවා. අපි අපේ උරුමයන් නොමිලේ මෙයාලට දෙනවා අපේ මනුස්සකමට , මේ සෙල්ලම තමයි අප්‍රිකානු මිනිසුන්ටත් වෙලා තියෙන්නේ.(නදී)
මෙයා කොහොමද ස්යීඩන් ඉදලා ඇවිත් ලංකාවේ අලි බලන්නේ? ටුවරිස්ට් වීසා එකටද ආවේ.(නදී)
විදේශිකයෝ කොහොමත් සතුන්ට ආදරෙයි. අපේ පව්කාරයෝ වගේ නෙවෙයි.(නදී)