අධිකරණය මගින් ලබාදුන් නියෝගයක් මත අලි රොෂාන්ගේ මහරගම පන්නිපිටියේ නිවසින් පොලිස් අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුවේ නිලධාරීන් හා වනජීවී දෙපාර්තුමේන්තුවේ හදිසි වැටලිම් ඒකකයේ නිලධාරින් සඳුදා (31) අත් අඩංගුවට ගත් අලින් දෙදෙනා නඩු කටයුතු අවසාන වන තුරු රඳවා තබා ගැනීමට පින්නවල අලි අනාථාගාරයට රැගෙන ආවද අලින්ගේ සෞඛ්‍ය තත්වය පරික්ෂා කර සනාථ කර භාර ගැනිමට පශු වෛද්‍යවරු නොමැතිකම නිසා පින්නවලට ගෙන ආ අලින් දෙදෙනා පටවා ගෙන ආ ලොරි රථ පැය 3 ක් පමණ රඳවාගෙන සිටි බව වනජීවි නිලධරයෝ කියති.
එහි සිටි නිලධරයකු විසින් ඉහළ නිලධාරීන්ගේ උපදෙස් රැගෙන නිත්‍යානුකුලව අලි භාර දීම සඳහා පසුදා වනතුරු රැඳී සිටිමට පොලිස් අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුවේ නිලධාරීන් හා වනජීවී දෙපාර්තුමේන්තුවේ හදිසි වැටලීම් ඒකකයේ නිලධාරින් 10 දෙනෙකුට පමණ සිදු වු බව වනජීවි දෙපාර්තුමේන්තුවේ සෞඛ්‍ය අංශ භාර වෛද්‍ය තාරක ප්‍රසාද් මහතා පවසයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ කියන්නේ පින්නවලත් අලි හොරුන්ට වක්‍රව උදව් කරනවාද? (බ)
1.ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවයේ සාමාන්‍ය සංස්කෘතික ලක්ෂණය මෙයවන්නේය 2.මෙවැනි ස්ථාන වල පසුගිය රජයට අයත් ජාවාරම් කාරයන් ගෙදර යැවිය යුතුය (අ)
මිනිසුන්ගේ වැඩ නිසා සතුන් විඳින දුකක්? (නි)
ඔය පින්නවල ඉන්නේ නම් මහා ඔලමොට්ටල නිලධාරීන් ටිකක් , අධ්‍යක්ෂකගේ ඉඳල අලුතෙන් පත් කොරන්න තියෙන්නේ (බ)