
(සනත් ගමගේ)
වල් අලි තිදෙනකු බරවකුඹුක අබේසේකර ගමට පැමිණිම හේතුවෙන් අබේසේකරගම විදුහල (30) දින මාපියන්ගේ ඉල්ලීම මත වසා දැමීමට පියවර ගෙන ඇත.
අබේසේකරගම පාසල හා ඒ අවට ප්‍රදේශයන්හි වල් අලි තිදෙනා සැරිසැරීම හේතුවෙන් උදෑසන කාලයේ දි පාසල අසල ඇති රොටවැවේ අලි තිදෙනා සිටිම හේතුවෙන් දරුවන් පාසලට නොයැවීමට මාපියන් පියවර ගෙන ඇත.
මේ සම්බන්දයෙන් තංගල්ල කළාප කාර්යාලයෙන් විමසූ විට එහි ප්‍රකාශිකාවකද සඳහන් කර සිටියේ අලින් ගමට පැමිණිම හේතුවෙන් අබේසේකරගම පාසල වසා දමා ඇති බවයි.
අබේසේකරගම පාසලේ දරුවන් 150 ක් පමන අධ්‍යාපනය ලබති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි ඉන්නේ කොළඹ. අපිට නම් ඔය වල් අලි ප්‍රශ්න නැහැ...!
පහුගිය දවස්වල අග්‍රාමාත්‍යතුමිය කියලා තිබුණා ගුරුවරු 40,000ක හිඟයක් ගැන . . ළමයි ඉස්කෝලේ ගියහම ගුරුවරු නැත්තං... අලි එන්නැති ඉගෙන ගන්නනේද ?