ජර්මනියේ, බර්ලින් නුවර වෙසෙන රඹුක්වැල්ලේ දේවානන්ද හිමියෝ ලංකාවට පැමිණි අවස්ථාවක දුටු අපූරු සිදුවීමක් එසැණට එවා ඇත.
වතුර පිපාසය හැදුණු අලියකු කඩුගන්නාවේදී රථ වාහන සෝදන්නකුගෙන් වතුර පොදක් ඉල්ලාගෙන සිය පිපාසය නිවා ගත්තේය.
‘අද ලොරිවල යන අලින්ට මේ වතුර ටිකවත් ලැබෙන්නේ නැත. කාර් සෝදලා කීයක් හරි සොයා ගන්නා මේ අහිංසක මිනිසා අලියට පැන් පොදක් දෙන්නේ මුදලට නොවේ‘ යැයි උන්වහන්සේ කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තෙන්ම එය අපුරු සිදුවීමක් තමයි. අහිංසක මිනිසාගේ සිත ගුණදම් වලින් කෙතරම් පොහොසත්ද. අහිංසක සතාගේ පිපාසය නිව් මොහු කර ගත්තේ මහත් කුසලයකි. (ර)
සතෙකුට කන්න බොන්න දෙන එක හොඳ වැඩක් (ම)
අපේ සංචාරක මණ්ඩලය හරි ඒවගේ වගකිවයුතු ආයතන, මෙවැනි විරල එමන්ම දේශීය වගේම අනිවාර්යෙන්ම විදේශිකයන් ආකර්ෂණය කරන ඡායාරුප මිලදීගෙන, අපේ රටේ සංචාරක ව්‍යාපාරය ලෝකයේ ව්‍යාප්ත කිරීමට යොදාගත්තොත් යහපත් ප්‍රතිපල ලබාගන්න පුලුවන් කියලයි මගේ මතය.(කෞ)
පව් අහිංසක සතා කතා කරලා වතුර ඉල්ලන්න බැහැනේ නේද.? (ර)
අනේ සාදු සාදු.! (ර)
වැව් අමුණු ජලාශ නැති කඩුගන්නාවේ මේ දෙදෙනාගේ හමුවීම අපූරුය. (ර)
හැමදාමත් අලි පින්කම් කරගත්තේ දුප්පත් මනුසයෙක් තමයි (ම)
ලස්සන ඡායාරූපයක් (නි)
කරුණාබර හදවතක් ඇති මිනිසෙක්! (නි)
ඉනෝකා, ඔය වගේ සිදුවීම් ගම් පළාත්වල සිදුවෙනවා. ඇත්ගොව්වාට කෙළින් යන්න බැරිවුණාම ගෙදරට ඔසවාගෙන යන අලිත් ලංකාවේ ඉන්නවා (නි)
පව් අහිංසක සතා. (ර)