පොල්හේන්ගොඩ උඩුවේ ධම්මාලෝක හිමියන්ගේ පන්සලේ සිටියදී වනජීවී භාරයට ගැනුණු අලි පැටවා ඒ හිමියන්ගේ නමට හෝ ඇලන් මැතිනියාරාමයේ නමට ලියාපදිංචි කර නැතැයි වනජීවී දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ චන්දන සූරියබණ්ඩාර මහතා ප්‍රකාශ කළ බව රහස් පොලිසිය අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිෂාන්ත පීරිස් මහතාට දැන්වීය.
රහස් පොලිසිය වැඩිදුරටත් කියා සිටියේ එම අලි පැටවා පන්සලට ගෙන ආවේ කෙසේදැයි තවදුරටත් පරීක්ෂණ කරගෙන යන බවයි. එම අලි පැටවා දැනට පින්නවල අලි අනාථාගාරයේ රඳවා සිටින බවද රහස් පොලිසිය අධිකරණය දැනුම් දුන්නේය.
නඩු විභාගය ජනවාරි 14 වැනිදාට කල් තැබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අසරණ සතුන් නිදහස් කරමු. (ර)
කවුරුහරි තෑග්ගක් දුන්නහම ඔයා මේක සල්ලි දීලද ගත්තේ හොරකම් කළාද කියලා අහන්න බැහැනේ. ඉතින් පිට ඉන්න අපි කොහොමද දන්නේ හරියටම මොනවද වුණේ කියලා.. (නි)
උන්වහන්සේට මඩ ගහනවා කියලා මේ ළඟදිත් කියලා තිබුණා මට මතකයි (නි)
උන්වහන්සේ යම් ප්‍රාතිහාර්ය බලයකින් අලි පැටවා පන්සලට ගෙන්වා ගත්තා කිවුවොත් මොකද එතකොට කරන්නේ? (නි)
ඉස්සර රජ කාලෙ රජවරු පන්සල් වලට අලි ඇතුන් පුජා කළා. අද කාලෙ අලි ලියාපදිංචියක් ගැනත් කතා කරනවා. අතීතයේ ඉඳලා බුදුදහමත් අලි ඇතුනුත් එකට බැඳිලයි හිටියේ. ඒක අමතක කරන්න එපා. (නි)
" අදින්නාදානා ..." සිල්පදය කඩා ඇතිබව ඔප්පුවුණොත් ගිහිපැවිදි බේදයක් බලන්නේ නැතුව නීතිය ක්‍රියාත්මක කරන්න. රටේ නීති දෙකක් නැහැනේ පැවිදි සහ ගිහි කියලා. (නි)
අපි ගෞරව කරන පැවිදි පක්ෂය නේද මේ? (නි)
අලි පැටවා පන්සලට ආවේ, පන්සලේ ඉතුරුවන කෑම කන්න හරි, බණ අහන්න හරි වෙන්න ඇති (නි)
චතුර ඔබ ගැන කණගාටුයි.(ම)
කැලේට වැඩිය පන්සල හොඳයි කියලා අලි පැටියාට හිතෙන්න ඇති. මං හිතන්නේ ඌම කැමැත්තෙන් එන්න ඇති. (නි)
ගමරාළ දිව්‍ය ලෝකේ ගිය පිළිවෙලට අලියා පිටේ නැඟලා නිර්වාණෙට යන්න බැහැ. පන්සලේ නමට හරි හාමුදුරුවන්ගේ නමට හරි අලියට බලපත්‍රය අරගන නැත්නම් නීතිය ක්‍රියාත්මක කළයුතුයි. එහෙම නොකළොත් තවත් හාමුදුරුවරු මේ ක්‍රමය පුරුද්දක් කරගන්න පුළුවන්. (නි)
අද වනවිට අපේ රටේ බුද්ධාගමට ඇතිව තිබෙන ලොකුම තර්ජනයක් තමයි හාමුදුරුවරු සසරෙන් එතෙරවීම ගැන හිතන්නේ නැතුව චීවරධාරී ව්‍යාපාරිකයින් වීම. අද වනවිට අලි ජාවාරමට හාමුදුරුවරු සම්බන්ධ බව ඇසීම ඉතාමත් කණගාටුදායක තත්වයක්. නියපොත්තෙන් කඩන්න තිබෙන දෙය පොරවෙන් කපන්න වෙන මට්ටමට පත්වෙන්න ඉඩදෙන්න එපා. ඒ වගේම කළු සල්ලි සුදු කරන තැනක් බවට සමහර පන්සල් පත්වෙලා. ගොඩනැගිලි හැදුනට වැඩක් නැහැ ධර්මය රැකෙන්නේ සහ පිළිපදින්නේ නැත්නම්. පැවිද්දෙක් සාපරාධී වරදක් කර ඇත්නම් ඔවුනට එහෙරෙහිව තදින් නීතිය ක්‍රියාත්මක කිරීමත්, නීතිය ඉදිරියේදී වරදකරු බවට ඔප්පුවුවහොත් එම වරද සඳහා දෙන උපරිම දඬුවම ලබාදීමත් සමාජ අවශ්‍යතාවය බවට නිතැතින්ම පත්වී ඇත. (නි)
චතුර, ඔබ තවමත් රජකාලයේ ජීවත්වන බව පෙනී යයි. ඔලුවට ටොක්කක් ඇනගෙන සිහි එළවාගනු මැනවි. රටේ ඕනෑම පුද්ගලයෙක් පවතින සිවිල් නීතියට යටත් වියයුතුය. (නි)