උඩවලව ජාතික වනෝද්‍යානයේ ගල්පායේ සිටි අලි පැටියකු හොරෙන් ගෙනයෑමට ආ පිරිසක් ගම්වාසීන්ගේ සහ වනජීවී නිලධාරීන්ගේ විරෝධය නිසා ට්‍රැක්ටරයකින් රැගෙන යමින් සිටි අලි පැටියා අත්හැර දමා විද්‍යුත් මාධ්‍යවේදියෙකු රැගෙන පලායද්දී මහජනතාවගේ විරෝධය නිසා  ඔහුද අත්හැර ගිය බව පල්ලේබැද්දේ වැසියන් පිරිසක්  කියයි.

සුඛෝපභෝගී වාහන දෙකක් අලි පටවන ලොරියක් සහ ට්‍රැක්ටරයකින් ආ පිරිසක් ප්‍රදේශවාසීන් විසින් අල්ලා  දුන්නත් ඉහළ තැනක නියගයකින් ඔවුන් මුදාහළ ඇතැයි ද  ඔවුහු කියති.

මග දමා ගිය අලි පැටියා අද (2) උදේ වනවිට ගල්පාය ප්‍රදේශයේ සිටියදී හමුවී ඇති බව වනජීවී නිලධාරීහු කියති. අලි පැටියා සිහිමද ගතියක් පෙන්වන බව කියන ප්‍රදේශවාසීන් කිසියම් ඖෂධයක් එන්නත් කර ඇද්දැයි සැකකළ හැකියැයි ද කියති.

පොලිසිය පවසන්නේ හරිහැටි තොරතුරු නොදන්නා බවයි.